IMG-LOGO

අහවලාගෙ ෆේස්බුක් සෙල්ලමක්

2016-08-18-ent-02මහජන සේවයයි ආරක්‍ෂාවයි දෙකම කලවම් වෙච්ච එක්තරා දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් ලංකාවෙ ප්‍රධානම පෙළේ සමාගම් ලොක්කෙකුගෙ නෝන මහත්තයත් එක්ක ෆේස්බුක් සම්බන්ධතාවක් පටන් ගත්තලු... හැබැයි මේ තැනැත්ත ඒ කාන්තාවට කියල තිබෙන්නෙ ඇත්ත නමවත් තනතුරවත් නෙවෙයි.

තමන් තරමක් ජූනියර් තනතුරක ඉන්න ඔපිසර් කෙනෙක් හැටියට හඳුන්වා තිබුණෙ...

ඉතින් මේ ෆේස්බුක් කතාව ටික කලක් යනකොට ඉඳහිට දුරකථනයෙන් කතාකරන මට්ටමටත් පත්වුණාලු... ඔය කතාබහ සිද්ධවෙන අතරතුර ස්වර්ණාභරණ ව්‍යාපාරෙ ඉහළම අත්තක ඉන්න අර නෝන මේ ෆේස්බුක් මිත්‍රයගෙ දෙපාර්තමේන්තුවෙන් පොඩි උදව්වක් ඉල්ලල...

උදව්ව කරන්න නම් පුළුවන්... හැබැයි ඊට කලින් තමන් කියන තැනකදි හමුවෙන්න කියල උන්නැහේ ආරාධනා කළාලු... මේ ආරාධනාව ගැන සැක හිතපු ව්‍යාපාරික නෝනා එයා හමුනොවී තමන්ගෙ වැඩේ කරගන්න උත්සාහ කළා... ඒත් හරි ගියේ නැහැ.

ඒ අතර ෆේස් බුක් ලොක්කගෙන් නිතර නිතර ඇමතුම් ලැබෙන්න ගත්ත. ඒ ඇමතුම් කරදරයක් වෙන මට්ටමට ආවම ඒ නෝන මේ ගැන පැමිණිල්ලක් දාන්න ගියාලු... ඒත් චූදිතයගෙ නම අහපු පොලිසිය පැමිණිල්ල ලියාගන්න බයවෙලා... එයින් පස්සෙ මේ නෝන තමන්ගෙ කතාව ආණ්ඩුවෙ වගකිවයුතු තැන් ගණනාවකටම කිව්වලු... ඒ අතර දුරකතන අමතුම් දුන්න අංකය කාගෙද කියලත් දැනගෙනලු...

කොහොම කොහොම හරි දැන් මේ වැඩේ වෙනින් පැත්තකින් පත්තු වෙන්න යනව කියලා ලොකු ආරංචියක් යනව... එහෙම වුණොත් ළඟදි පට්ටම ලබාපු මුන්නැහේට එච්චර හොඳ නැතිවෙන්න පුළුවන් කියල සමහරැ කියනව.

 

DESHAYA



අදහස් (0)

අහවලාගෙ ෆේස්බුක් සෙල්ලමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site