IMG-LOGO

අහිතකර යෝජනා ගෙනාවොත් විසි දෙක පරාජය කරනවා

(සුජිත් හේවාජුලිගේ)

ව්‍යවස්ථා සංශෝධනයට මුවාවී රටට හානිකර යෝජනා ගෙනාවොත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය   පරාජයට පත් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා විවාදයට ගැනීමට නියමිත විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත   කාරක සභා අවස්ථාවට යොමු කරන අවස්ථාවේදී  විවිධාකාර නව යෝජනා ගෙන ඒමට සැලසුම් කර ඇතැයි  වාර්තා පළවන  බවත්, ඒආකාරයෙන් නව සංශෝධන ගෙනඒමට  බලාපොරොත්තු වන්නේ නම් විවාදය ආරම්භ වන බ්‍රහස්පතින්දා උදෑසනම ඒ පිළිබඳව රටට පවසන ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇති වෙනස්කම් හැරුණු විට කිසිදු නව යෝජනාවක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීම නුසුදුසු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රට අසීරුතාවට පත්ව  ඇති  මේ  අවස්ථාවේ අවස්ථාවාදීන්ට අවශ්‍ය ආකාරයට රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩප්‍රස්ථා සැලසීම මහ ද්‍රෝහී කටයුත්තක් බව මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

අහිතකර යෝජනා ගෙනාවොත් විසි දෙක පරාජය කරනවා

මැක්ස් Tuesday, 04 October 2022 08:15 PM

දැන හෝ නොදැන ඔබතුමන්ලා ඩලස් වටා එකතු වී සිදු කරන්නෙත් බෙදුම්වාදී උවමනා තමයි...

:       1       0

w.s.bandula Tuesday, 04 October 2022 09:25 PM

21 ගෙනෙන විට කුක්කො වගේ අත උස්සලා දැන් වීරයෝ වෙන්න හදනවා.

:       0       1

Godaya Wednesday, 05 October 2022 09:19 AM

උගත් නූගතා එල්ලෙන්න වැලක් නැතුව වේලෙනවා වගේ....!

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 26 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 663 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site