(ශිරාන් රණසිංහ)
මිනිස් සිරුරට අහිතකර පලතුරු වෙළෙඳ පොළට මුදාහරින වෙළෙදන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
එතනෝල් වැනි රසායනික වර්ග භාවිතා නොකරන ලෙසට දිගින් දිගටම වෙළදුන් දැනුම්වත් කළ බවද හෙතෙම කියා සිටියේය.
පලතුරු ඉදවීම සඳහා කුටීර විශේෂයක් හදුන්වා දී ඇතැයි ද ගෑස් මගින් ක්‍රියාත්මක එම ක්‍රමය මගින් පැසුන පලතුරු පමණක් ඉදෙන බවද හෙතෙම පැවැසීය.
දෙමුහුන් බීජ වර්ග මෙරටට හදුන්වා දී ඇත්තේ වැඩි ඵලදාව සහ ඉක්මනින් අස්වනු ලබා ගැනීමට බවත් රෙඩ් ලේඩි වැනි පැපොල් වර්ග විදේශ වෙළඳ පොල ඉලක්ක කොට වගාකරන පැපොල් විශේෂයක් යැයි ද කියා සිටියේය.
ඒ අනුව ආනයන කරන පලතුරු මෙන්ම දේශීය වෙළඳ පොළේ පලතුරු වල සාම්පල් පරික්ෂා කොට මිනිස් සිරුරට අහිතකර නම් එම පලතුරු වෙළඳ පොළෙන් ඉවත් කර ඒවා වෙළෙඳ පොළට මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම තවදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවත්වන මිනිසුන්ට දෙවයන්ගේ බැල්මවත් නැත. මේවාට වගකියන ආයතනවල ජනතාවගෙන්ම පඩි අරගෙන ජනතාව ගැන නොබලන තමන් ගැන පමනක් බලන නිලධාරීන් සිටීමෙන් අහිංසක මිනිසුන්ට මෙම අභාග්‍යය උදාවී ඇති බව පැහැදිලිය. මුලු රටම වංචාවෙන් දූෂණයෙන් මිනීමැරීමෙන් කුඩු ජාවාරම් කිරීමෙන් ලමා දූෂණයෙන් ඉඩම් කොල්ලකෑමෙන් ද රාජ්‍ය ආයතනවල වංචා හා අධික දූෂණයෙන් ද පිරී ඇත. මේවාට වගකිවයුතු අයම සම්බන්ධ වේනම් කිම පවසන්නද.?