(එම්.සුසිල් ප්‍රියන්ත)

අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු  තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදී ඇත්තේ අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේම පදිංචි පෙදරේරුවකුට බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවත් වෙඩි පහර පහක් පමණ වැදී ඇති බවත් පොලීසිය කියයි.