ඉදිරි තුන් වසරේ ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන දෙක (රුපියල් 291692736705) දක්වා ඉහළ නැංවීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර ඇත.
2017 වසරේ සිට 2019 වසර දක්වා මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ ආසියා සංවර්ධන බැංකු උප සභාපති වෙන්කායි ෂැං ප්‍රකාශ කළේය.
පසුගිය 2015 වසරේදි බැංකුව ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 600 ක් (රුපියල් 87507821011) දුන් අතර, මේ වසරේ එම ප්‍රමාණය ඩොලර් මිලියන 700 (රුපියල් 102092457846)ඉක්මවයි.
2017 වසරේ සිට 2021 දක්වා ශ්‍රී ලංකාව සඳහා නව ක්‍රමෝපාය සැලැස්මක් සකස් කිරීමටද ආසියා සංවර්ධන බැංකුව සැලසුම් කර ඇති බව ෂැං සිය ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාසියා බැංකුවට ජය වේවා! කොහෙන්හරි කමක් නැහැ ණයට ගෙනවිත් හෝ අපිට කන්න අඳින්න දෙනවා නම්. (නි)
මුල්‍යාධාර කියන්නේ නිකන් අාපසු නොගන්නම දෙනවටද? පොළී රහිතව පස්සේ ගෙවන්න දෙනවාටද? නැත්නම් පොළී සහිතව ණයට දෙනවටද? මොකද මේවට පොදුවේ මුල්‍යාධාර කියලා ගිනි පොළියට ගෙනවිත් අපේ මහජන නියෝජිත උත්තමයෝ අත දිගහැරලා වියදම් කළාට පස්සේ ගෙවන්න වෙන්නේ අපිටම නිසයි අහන්නේ (නි)