ඔහුද යන්නම යන්න ගියේය.. සාමාන්‍ය පවුලක දරුවකු ලෙස ඔහු හිස් අතින් මොලොවට ආවේය. දුක, සැප සියල්ලට මුහුණදෙමින් හැදී වැඩුණු හේ ජීවන රඟමඬලේ තම ස්වාධීන රංග කෞෂල්‍ය වටහා ගෙන වේදිකාව මත රඟපෑමට පියවර තැබුවේ 1978 දී පමණය. ඇන්ටන් ජූඩ් නමැති හේ එතැන් සිට රංගනය වෙනුවෙන් කළ කැපකිරීම් අපමණය. පැමිණෙන දුක් පැණි රසයටම බාරගත් ජූඩ් කලාව වැළඳ ගත්තේ සකල පදාර්ථයෙන්ම යුතු සිය ආත්මයෙන්මය. රංගනයට ගරුකළ හේ කලාවට දැක්වූ භක්තියද අපමණය. එහෙව් වූ ජූඩ් ටිකෙන් ටික පියවර තබමින් කලා ලොව ඉණිමග ඉහළට නැග්ගේ බොරු ආඩම්බරකාරයෙකු ලෙස නොවේ. වඩාත් නිහතමානී මනුස්සකම හිස මුදුනේ තබාගෙනය. ඒ නිසාම සමාජයට ඔහු අතිශය සමීප කලාකරුවෙක් විය. ඕනෑම කෙනෙකුට කලාකරුවකු වීමට පුළුවන. එහෙත් ගුණයහපත් මිනිසකුවීමට පුළුවන් කමක් නැත. නමුත් ඇන්ටන් ජූඩ් යනු මනුස්සකම සත්‍ය ලෙසම ප්‍රකාශ කළ මානවයෙකි. නිකම් ආධ්‍යාත්මයක් නැති කලාකරුවෙකු ගානට ඔහු ඇතුළත් වන්නේ නැත. ශාස්ත්‍රීය යැයි කියා ප්‍රායෝගික නොවූ කලාකරුවෙකු වන්නේද නැත. අතිශය සුන්දර දුර්ලභ ගණයේ මිනිසකුම වන්නේය. ජීවත්ව සිටියදී කිසිවෙකුටත් කරදරයක් නොවූ ජූඩ් සිනහවෙන් මුව සරසා ගෙන අපට සිනහව දුන්නේ අවංකවමය. ඒ අවංක, නිහතමානී, අහිංසක මිනිසා දැන් අප අතර නැත. නුඹ ගැන අපට මොන තරම් නම් වර්ණනා කළ හැකිද? ඒත් දැන් ඒ කිසිවකින් වැඩක් නොවන්නේ නුඹට ඒවා නෑසෙන නිසාය. නුඹ ඒවා නොදකින නිසාය. ඒත් අපි එක් දෙයක් කියන්නෙමු. ඒ නුඹගේ අවංක වඩාත් ගුණ යහපත් මනුස්සකමය. ඒ නිසාම නුඹ සිහිපත් වෙන සෑම මොහොතකදීම සමස්ත ශ්‍රී ලාංකිකයන් නුඹට ගෞරව කරාවි. හිතාදර, දයාබර ජූඩ් ඒ ගෞරවයම ඇති නේද නුඹගේ ආත්ම සැනසීමට... නුඹට සුවදායක ගමනාන්තයක්ම වේවා
සටහන - ඡායාරූප / සඳුන් ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත මෙම වේදිකාවෙම ඔබ අප හමුවේවා..
ඔබ සදා අමරණීයයි. යළි ඔබ අප අතරටම පැමිණේවා! (නි)
ඔහු සදා අමරණිය පුද්ගලයකි.ඔහුගේ රංගනයන් අතිවිශිෂ්ඨ වේ.
ලොකු කුඩා සැමගේ ආදරය දිනූ ඔබ සදානොමැකෙන මතක සටහන් ඉතිරිකර නික්ම ගියේ ඇයි ?(ස)