2005 අප්‍රේල් 20 වනවිට අත්තනෝමතික ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය ප්‍රධාන පාර්ලිමේන්තුවට බලය සහිත ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කියා සිටියේය. 1978 ව්‍යවස්ථාවෙන් ආරම්භ වූ විධායක ජනාධිපති ධූරයට එදා මෙදා තුර ජනතා විරෝධයක් තිබුණා. දිගටම මැතිවරණ පොරොන්දුවක් තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට. 1994 දුන් පොරොන්දුව ඉටු කළේ නැහැ. 2005 හා 2010 මහින්ද චින්තනයේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට වූ පොරොන්දු ඉටු කළේ නැහැ. මා පොදු අපේක්ෂක බව භාරගත්තේත් මේ අසීමිත බලය ජනාධිපතිගෙන් ඉවත්කිරීමට. මා පැහැදිලිව ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු ඡේදයේ ම මේ බව සඳහන් කළා.
බලයට පත්වුණාම බොහෝ දෙනෙකුට තමන් බලයට පත්වූ ජනතාවගේ හඬ අමතක වෙනවා. නමුත් මා කෙරෙහි විශ්වාසය තබා රටේ ජනතාවට දුන් පොරොන්දු පරිදි එය නියමිත පරිදි නියමිත කාලයට ජනතාව අපෙක්ෂා කරණ ආකාරයෙන් ම සත්‍ය ලෙසම ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරණවා. මේ දවස් 14ක අත්දැකීම් ගත්විටත් මට පෙනී ගොස් තිබෙනවා මේ තනතුරේ තියෙන අසීමිත බලය මොනතරම් දේට භාවිතා කළ හැකිද කියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව, දැනටම ඔබතුමා ඔය බලය නීත්‍යනුකුල නොවන විදියට කී සැරයක් යොදවල තියනවද? පොන්සේකාගේ තරු පටි පළඳන්න, අග විනිසුරු පත්කරන්න වගේ දේවල් වලට. ඒවා නීත්‍යනුකුල විදියට ක්‍රියාවේ යෙදෙව්වා නම් රටට සැබෑ ආදර්ශයක් දෙන්න තිබුනෙ. මම හිතන්නේ නැහැ ඔබතුමාට නැවත වතාවක් ජනතාව ජනාධිපති වීමට ජන වරමක් ලබා දේවි කියලා. (නදී)
රාජපක්ෂලා නීතිය සමූහ දූෂනය කරද්දී කටවල් වසා සිටි සම්පත් නම් මැද මූලන ගැත්තෙක් රට බේරාගත් ෆොන්සේකාට තරුපටි ලබාදීම "ජනාධිපති නීතිය අවභාවිතාවේ යෙදවීමක්" යයි නහයෙන් අඩනු දිටිමි. මොවුන් කථාකරන්නේ කටින් විය නොහැක. (නදී)
මේ සම්පත් කියන මහත්තයා පහුගිය අවුරුදු 10 ලංකාවේ නෙමෙයිද හිටියේ ? (නදී)
බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැතිබව "සම්පත්" නොදන්නවා වගෙයි කතා කරන්නේ (නදී)
සම්පත් ඔයා වගේ කිහිප දෙනෙක් තවම ඉන්නවා කියල අපි දන්නවා තප්පුලන්නේ නැතුව ඉන්න (නදී)
සම්පත් ඔබත් ජෙනරල් සරත් ෆොන්සේකාට තරුපටි ලබා දීම ගැන එසේ පවසා ඇත්තේ ඔබ සිංහලයෙක් නොවන නිසායි. (නදී)
දැන් රටේ සාමය පවතින නිසා ඔහොම හිතන්නේ (නදී)
බෙදුම්වාදීන්ට ජෙනරාල් සරත් ෆොන්සේකා ලොකු ප්‍රශ්ණයක් (නදී)
එක නම් හොදයි වැඩක්. (ර)
කවුරු මොනවා කිවූවත් රටේ බහුතරයක්ම දන්නවා ජනාධිපතිතුමා කියන්නේ කරන්නේ හරි දේ කියලා. (ර)
නියමයි (නි)
අසීමිත බලය මට එපා. එය අහෝසි කරණවා යන වදනේ යථාර්තය පළපුරුද්ද, නිහතමානිත්වය, නිරහංකාර බව,අහිංසක කම, ගැමිබව, අවංක බව, බුද්ධිමත් බව මොනවට පැහැදිලි කරමුද ? (නදී)
ඔබ නම් නියමයි සර් (නදී)
කොහොමද රජරට ගොයියාගේ කතාව, බයියාට වැඩිය හොඳයි නේද ? (නදී)
බයියා දොයිය ගත්තාය කියලා හිතන සමහරු ගොයියා කරන්න යන වැඩේ ගැන හිතන්නේ නැහැ. කමක් නැහැ. මම මෙහෙම කියන්නම්කො. ගොයියාට දුන්නු අසීමිත බලය තමන්ට එපා කියලා ඒ බලය හාමුට දීලා වලිගෙ දෙපරන්දේ ගහගෙන කෙඳිරිගාන්න නම් එපා. බලය අඩු කරන්න තාම මහජනතාව කියලා නැහැ. (නදී)
අප ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇත (නදී)
අසීමිත බලය පොදු ජනතාව ඉල්ලපු දෙයක් නොවේ. (ර)