නුගේගොඩදී ලබන 18 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිත රැස්වීමට 5000 කට වඩා අඩු පිරිසක් පැමිණියහොත් තමා ඉල්ලා අස්වන බවත් ඊට වැඩි පිරිසක් පැමිණියහොත් අසාද් සාලි ඉල්ලා අස්විය යුතු යැයි ද මහජන එක්සත් පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා අද (16) අභියෝග කළේය.
මීට පෙර අසාද් සාලි මන්ත්‍රීවරයා එම රැස්වීමට 5000 ක පිරිසක් ගෙනත් පෙන්වන්න යැයි අභියෝගයක් කර තිබුණි.
එම රැස්වීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා මහරගම පොළ භූමියේ අත් පත්‍රිකා බෙදීමකට එක්වෙමින් සලෝචන ගමගේ මහතා මෙම අභියෝගය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලක්කාර, පවුලේ බලය තමන්ගේ අතට ගත්ත ,වගකීමකින් ජීවිතය ගත නොකරන දරුවන් ඉන්න කිසිම නායකයෙකුට ඊළඟට ආයෙත් දේශපාලන බලයක් නොලැබිය යුතුයි. ඒ අදහසට මම එකඟයි. ඒ උදවිය හිතන්නේ මේ රට තමන්ගේ පරවේණි බුදලයක් කියල. (නදී)
පුලුවන්නම් රෝද කට්ටිය කියක් එයිද කියන්න ? (අ)
අපි එනවා !!! (නදී)
50000ක් එනවා ස්ථිරයි (නි)
අපිත් එනවා එදාට. 5000 නෙමේ. ලක්ෂය පනිනවා . (අ)
තුෂාර, නෑ මම හිතන්නේ අසාද් සාලි වන්න ඇති යුද්ධ කලේ. (නදී)
රුපියල් 100/- ගානේ දෙන්ඩ. 10,000 සෙනඟ එය ගන්ඩ ආපසු එයි. (අ)
අසාද් සාලි මහත්තය ටිකක් විතර දගලනවා වැඩි කියල මට නම් හිතෙන්නේ. සමහර විට එයාගේ ඡන්ද ගොඩ ටිකක් වැඩි කරගන්න දඟලනවා වෙන්නත් පුළුවන්. (අ)
කියපු විදිහට කරන කෙනෙක් එක්ක ඔට්ටු දානවා නම් හොඳයි. (අ)
දුමින්ද ටිකකට අංගොඩ පැත්තට ගිහින් එන්න.එතකොට හරි සිහි කල්පනාව එයි. (අ)
සමහරවිට උදයගම්මන්පිල අාවොත් 5000 ට වඩා එයි. මොකද රුපියල් 100 ඉල්ලගන්න (අ)
කලගුණ දන්නා හැමෝම එදාට මහරගම 5.000 කෙසේ වෙතත් 50.000 කට වැඩ වැඩි වෙයි. හැබැයි රවුම් තොප්පි නැතුවට කමක් නැහැ. (අ)
ඔය පක්ෂ ටිකේ කට්ටිය කොච්චර දැඟලුවත් ඡන්ද ලක්ෂ 5 ක් ගන්න බැහැ මුළු ලංකාවෙන්ම. මේ උදවිය හදන්නේ මහින්ද මහත්තයා නැවත වතාවක් අමාරුවේ දාලා,එයාලා ගොඩයන්න. (නි)
මොනවද කළගුණ කියන්නේ? අවුරුදු 10 විතර රටේ සල්ලි වලින් 'රජ සැප' දුන්නා මදිද ? (නි)
ඇසළ, දැන්වත් ඔය කට වහගන්න (නි)
ඔය කට්ටියම දන්න පුළුවන් ස්ථානයක් නම් හොඳයි. නැත්නම් මාර්ග අවහිර වෙනවා කියලා ප්‍රශ්න ඇතිවෙයි (නි)
පැල්මඩුල්ලේ අපිත් එනවා ඒකාන්තයි. (නදී)
මහින්ද මහතා අපි ගෙදර නිකන් තියන්නේ නැහැ ඔබට හිමි පුටුව නැවත අරන් දෙනවා (නදී)
මමත් යහපාලනය තමයි එ්ත් අසාද් සාලිගේ කතාව නිසාම එතනට යනවා (නදී)
රටකට ඕනේ මෛත්‍රී යුගයක් ඒකට ඕනේ මහින්ද යුගයක් (නදී)
ඡන්දයක් ඉල්ලුවේ අපිද? ඡන්දෙ තියලා දැන් පැරදිලා අඬනවා, හරියට අපි ඡන්දෙ තියන්න ඉල්ලුවා වගේ. (නි)
අපිට පොඩි දරුවෝ ඉන්න නිසා එන්න විදිහක් නැහැ.නැත්නම් අපි මාතලේ හිටියත් එනවා.පුළුවන් හැමකෙනෙක්ම අපේ හිටපු ජනාධිපතිතුමා බලන්න යනවා කියලා හිතලා හරි යන්න. එතුමාට මිනිසුන්ගේ ආදරය කැමැත්ත කොපමණද කියන එක පෙන්වන්න පුළුවන් හොඳම අවස්ථාව මේක.එතුමා බලන්න කාල්ටන් නිවසට ගිය හැමෝම මේකටත් සහභාගි වෙන්න.එතුමාව අපි මේ වෙලාවේ තනිකළ යුතු නැහැ.නැවතත් රටට එතුමා සිටිය යුතුමයි. (නි)
ඕවා හොඳයි වැඩක් නැති මිනිසුන්ට. මීටකලින් සිටි ජනාධිපතිවරු ජනපතිලා නෙමෙයිද? රටේ සල්ලි කන වැඩ. (නි)
හැබැයි සාලි 5000 ට වැඩිය එකෙක් හරි රැස්වීමට ඇවිල්ලා එයා ගෙදර නොගියොත් තලනවා හරිද ? (නදී)
ජාතිවාදේ අවුස්සන්නේ අපි නොවෙයි අසාද් සාලි. මේ වගේ ප්‍රකාශ වලින් වෙන්නේ සිංහල, දෙමල, මුස්ලිම් ජාතීන්ගේ අායේ කිසිදු දිනක සමගියක් ඇති රටක් දැකගන්නට නොලැබීමයි. සාලි දන්නවා මහින්ද කියන්නේ රටට ආදරය කරන මිනිසුන්ගේ වීරයෙක් කියලා. මින් ඉදිරියටවත් මේ වගේ මෝඩ කතා කීමෙන් වැලකි සිටියොත් හොදා.(නදී)
අනිවාර්යෙන්ම එනවා (අ)
දැන් ඒ මහත්වරුන්ට කලගුණ සැලකුව ඊලගට මේ මහත්වරුන්ට කලගුණ සලකනවා එතනින් එහාට තමන්ට සලකගන්න ක්‍රමයක් බලන එක තමඊ හොඳ.(ස)
පද්මිණි නෝනා බය වෙලා වගේ..පව්..කට්ටඩියෙක් ගෙන්නලා තෙල් ටිකක් මතුරාව ගන්න..රෑට ඉතිපිසෝ ගාථාව කියල නිදා ගන්න..එතකොට මැරිච්ච අප්පච්චි වලෙන් නැගිටලා එනවා පේන එකක් නැහැ. (අ)
අපි සිංහලයෝ ලක්ෂයකට වඩා එනවා (අ)
දේශපාලනය හරියට කරගෙන වැඩක් බලාගත්තා නම් හොඳයි නේද? (නි)
සිංහලයට තෙරෙද්දී රට විනාශ වෙලා ඉවරය අනිවාර්යෙන්ම මහින්ද ඕනේ (අ)
අපි සිංහලයෝ ලක්ෂයකට වඩා එනවා (නි)
රට වෙනුවෙන් මෙතෙක් බිහිවූ නායකයන්ගෙන් වැඩිම සේවයක් කල නායකයා මහින්ද රජපක්ෂ මහතා විතරමයි. (ර)
අාය පෙට්රෝල්, උම්බලකඩ ගණන් යවන්නද හදන්නේ ?, මෙච්චර සහන දීලත් අැයි මිනිස්සු ටිකක් හිතන්නේ නැත්තේ ? (නදී)
හැමෝම එන්නේ තමන්ට යමක් සොයාගන්න මිසක් රටට ජනතාවට සේවය කරන්න නොවෙයි (නි)
කළගුණ දන්නවා කියන්නේ මොනවගේ දෙයකටද දන්නෙ නැහැ (නි)
මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම තනි පුද්ගලයෙකුට කළ නොහැක. යුද්දය යනු ඛේදවාචකයකි. එහි ස්වබාවය මිනිසුන් මිය යාමයි. මෙතෙක් පැවතී ආණ්ඩුවල වැරදි දේශපාලන තීන්දු නිසා ප්‍රබාකරන් ඇතුළු කොටියා බිහිවිය. කොටි යනු ශ්‍රි ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ය. සාමාන්‍ය මිනිසුන් කොටි බවට පත් උෟවේ ඔවුන්ගේ උවමනාවට නොව ඔවුන් කොටියන් බවට පත් කලේ මේ පවතින සමාජක්‍රමය තුලින්ය. සුළු පිරිසක් ජාතික දනයෙන් විසාල පංගුවක් අත් පත් කර ගන්න කොට පහලම පන්තියේ අව්ශ්‍යතාවයවත් සපුරා ගත නොහැකි තරමට ජාතික දනය බෙදී යාමේ විෂමතාවය එයට හේතුවිය. එය වෙනස් කළ යුතුයි (නදී)
යහපාලනයට මමත් කැමැත්තෙන් හිටියා මහින්දගේ කාලයේ තිබුන දුෂණ,නීතියට ගරුසරුවක් නැතිවීම, දුප්පතාගේ බඩගින්න ගැන නොසිතීම වගේ ගොඩාක් කාරනා තිබුනා. එ්ත් දැන්නම් හිතෙනවා රට ගැන හිතන කොට ආගම ගැන හිතන කොට මහින්ද ආයෙත් එනවා නම් හොදයි කියලා (නදී)
කිසි දෙයක් ඕනේ නැහැ පාන් බාගයයි පරිප්පු කුඩා බෑග් එකකුයි දෙනවා කියල ප්‍රසිද්ද කරන්න. කන්න අදින්න නැති දුප්පත් මිනිස්සුම ලක්ෂය පනිනවා ඒකාන්තයි. (නදී)
අනුරාධපුරේ තිබුන මහින්දගේ රැස්වීමට බස් 1800 කින් ගෙන්වපු ජනතාව ඡන්දය දුන්නා නම් මහින්ද දිනන්න ඕනනේ. හැමෝම ආවේ බත් පැකට් එකටයි රුපියල් 1000 ගන්නයි. අපෙන් ගසා කාපු මුදල් අපිටම බෙදනවා. (නදී)
"අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ" (නදී)
රටට ආදරේ මහින්දලු. එතකොට ජිවිත දන් දුන්නේ, රණවිරුවෝ දන් දුන්නු අම්මලා කවුද? (නදී)
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ලක්ෂ ගණනක් සෙනග එනවා සිකුරුයි. එම ගමන පාද යාත්‍රා වගේම මැදමුලන දක්වාම ඉදිරියටම ගෙනියන්න පුලුවන්නම් (නදී)
මුස්ලිම් , දෙමළ , සිංහල අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. ගතිගුණ වැදගත්. (නි)
ඡන්දෙට ඉස්සරත් මෙතුමාගේ රැස්වීම් වලට සෙනග ආව නේද කට කපලම. මොකද උනේ අන්තිමට ? මේකටත් සෙනග එයි. හැබැයි ඡන්දෙ දෙන්න තරම් නම් මෝඩ මිනිස්සු නැති වෙයි. මේසා විසාල විපතක් කරල තියෙද්දීත් (නදී)
කිව්වා වගේම අසාත් සාලි වැඩියි වගේ තමයි. (නදී)
හවස මමත් එනවා. මගේ රුපියල් සියය ආපසු ලැබෙන්න සළස්වන්න. (නි)
ඇයි මහින්ද එනවා කිව්වහම සමහරු මෙච්චර බය? (නි)
තාවකාලික පුන්නක්කු කඩවල්, හට් නුගේගොඩ ඉදන්ම අරිනවලු. පුන්නක්කු කාලා ගොම පාරවල් දිගේ හලන්න නම් එපා. (නදී)
අපේ සමහරුන්ට මේවා ලොකු දේවල් නොවේ (නි)
අනේ ජනක, දුමින්ද කෙසේවෙතත් ඔබ මුලින්ම අංගොඩට යන්න. (නි)
හරි හරි දැන් කවුරු හරි කියන්න බලන්න ඔය පන්දහස ගණන් කරන්නේ කවුද කොහොමද කියල ?(නදී)
මමත් එකඟයි (නි)
කාටත් උණගන්නේ 18 වෙනිදාට තමයි.මහින්ද නැති මහා ඡන්දෙකට අපි ඡන්ද පොළටවත් යන්නේ නැහැ. මහින්ද මහත්තයා එළවන්න හදපු සියල්ලන්ටම එදාට තීරණයක් ගන්න වේවි.. (නි)
මෙහෙම අභියෝග කළ කී දෙනෙක් නම් ජනතාව දැක තිබෙනවද? දෙගොල්ලන්ගේම කුණු දැන් එන්න පටන් අරගෙන නේද? (නි)
කළගුණ දන්නා මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලා හැමෝටම දැනගන්න පුළුවන් (නි)
රැලි වලට එන ඔලු ගෙඩි ගානෙන් චන්ද ගණන මැනලා එක පාරක් ඇන ගත්තා මදි වගේ. (නදී)
දිනසිරි, මොකද දන්නවද බය? (නි)
ඇසළ වගේ අය නම් එයි (නි)
ඔය කෑගහන සමහරුම නේද මහින්ද මහත්තයාව මෙදා පාර ගෙදරම යවනවා කියලා මුලින්ම කැසපොට ගැහුවේ? පස්සේ ආයෙමත් මහින්ද මහත්තයට කිට්ටු වුණාට මුලින් කියපු කතා මිනිස්සු විශ්වාස කළා. එතුමාගේ පරාජයට එයාලත් වගකියන්න ඕනෑ. (නි)
කළගුණ දන්නා පිරිසක් හැටියට අපි හැමෝම එනවා.පෙන්වමු අපේ ශක්තිය. අපේ මහින්ද අගමැති කරමු. (නි)
රැවටුන අයට ඇත්ත පැහැදිලි කරනවට වැඩිය ලෙහෙසියි රවටන එක. ඇත්ත පැහැදිලි කරන්න වචන දහස් ගණනක් සහ කාලය පැය ගණනක් මෙන්ම විශාල මුදලක් උවමනායි. රවටන්න යන්නේ වචන කිහිපයක් සහ සුළු කාලයකි. වියදමක් නැහැ (නි)
පාට පක්ෂ අමතකකර රට වෙනුවෙන් පෙරට එන්න.මේ සිංහල අපගෙ රටයි අපි ඉපදෙන මියෙන රටයි. (නි)
බුදු අම්මෝ සුපර් මාකට් එක ලගට වත් යන්න නරකයි. අපිවත් ඒ ගොඩට දා ගනියි. (නදී)
පන්දාහක් කියන්නේ සෙනඟක්ද? (නි)
පුබුදු හරි. ශ්‍රී ලංකාවේ සුජාත සිංහලයන් එදාට පාට පක්ෂ අමතකකර රට වෙනුවෙන් පැමිණිය යුතුම වේ. මේ සිංහල අපගේ රටයි. අප ඉපදෙන මැරෙන රටයි. (නි)
ඔය ලෙමන් පෆ් උපවාසය කරන අයට තැඹිලි පොදක් පොවන්න හරි මේ හිටපු නායකයා ඉන්න එපායැ නේද? (අ)
මහා බලගතු ජනාධිපතිවරයා ලෙස සිටි පුද්ගලයෙකු ඡන්දයෙන් පැරදිලා අගමැතිවරයා වෙනවා කියන එක මොන ලැජ්ජාව නැති වැඩක්ද ? (අ)
ලක්ෂ 58 න් 5000 ද එන්නේ ? (අ)
මමත් තව මිතුරොත් එක්ක අනිවාර්යෙන් එනවා. මිනිසුනේ ජනපති තුමාට ශක්තියක් වෙන්න. රට බෙරගත්ත ජනපතිදුන්ට අපි පන උනත් දෙනවා.(නදී)
කිසිම ජන පදනමක් නැති දේශපාලන පක්ෂ නායකයෝ කීපදෙනක් එකතුවෙලා මේ උත්සාහ කරන්නේ කාගේ හරි කර පිටින් බලයට එන්නයි.(නදී)
කුමාරි ඔයා මැරුණට පස්සෙත් මහ ජාතියේ ඉපදෙනවා කියල ගැරන්ටියක් එහෙම ලැබිල තියනවද ? (නදී)
සිංහල ජාතිය පාවා දෙන්නේ එ් ගොල්ලන්මයි. දැනුත් එහෙමයි. (නදී)
ඊළඟට ගොඩ එන්න හදන්නේ ආගමේ සහ ජාතියේ එල්ලිලා. මට නම් මාලිගාව ඉස්සරහ රේස් යවපු නායකයෙකුට මේ රටේ අනාගතේ භාර දෙන්න අවශ්‍ය නැහැ. (නදී)
මහින්දව නැති කරපු අය නේද මේ බොරුවට දගලන්නේ. ආයිත් පාරක් මහින්දව බිල්ලට තියල තමන්ගේ වැඩේ කරගන්න යන දේශපාලන අනාථයින් පිරිසක්. විමල්ගේ බොරු වලට මේ රටේ තවත් ඉඩක් නෑ. ආ මතක ඇතුව ගම්මන්පිල මහත්තයාගේ රුපියල් 100 ඉල්ලගන්න යන අය (නදී)
මේ රට කරන්න මහින්ද මහත්තය නැතුව බැරිද? දැන් මහින්ද මහත්තය නැති උන කාලෙකට රට ඉවරද? නිකන් බොරුවට සිංහල දෙමල මුස්ලිම් කියල ජාති වාද කතා එපා. නිකන් බොරුවට පක්ෂ බදාගන්න ඕනෙත් නැහැ. හොඳ පුරවැසියන් වෙන්න බලන්න. පුරවැසි බලය තහවරු කර ගන්න. (නදී)
ඇසළ, කරුණාකර තමන්ගේ නිදහස් අදහස් මෙතැන් ලියන්න ඉඩ ලැබුන පලියට කට කැඩිච්ච කතා කියන්න එපා. එයින් ඔබේ මහත්මා ගතියේ තරම අපි මැන ගන්නවා. ඔබට ඇසළ වෙනුවට කසල කියල කවුරු හරි කතා කලොත් කැමතිද ? (නදී)
පහු ගිය ඡන්දෙදි ලංකාවේ සුළු ජාතින් කියා කියා ගන්නා කට්ටියගේ එකමුතු කම මනාව මහා ජාතියට පෙන්නුවා. මේ වතාවේ අසාද් සාලිට, මනෝ ගනේෂන්ට මහා ජාතියේ එකමුතුකම පෙන්වමු. සිංහලයනි බඩ ගැන නොහිතා රට ගැන සිතා අන් අය මෙන් එකමුතුව පෙරට වරෙව්. (නදී)
අපේ රටේ මේ වගේ සිහි කල්පනාවක් නැති ජනතාවක් ඉන්න එක ගැන ඇත්තටම දුකයි. මේ වගේ සෙනග එකතු කරලා රටේ වැදගත් දේකට යොදාගත්ත නම් අපිත් අද දියුණු උනු රටක්. අපේ රට හැමදාමත් ආපස්සට යන්නේ. අපේ මිනිස්සුන්ගේ තියෙන බොරු ජාතිවාදී සෝබනය නිසයි. ඔය මහා ලොකුවට අපි සිංහල කියන් ඉන්න ගොඩක් උදවිය තමන්ගේ හදවතින්ම අහන්න මම මේ රටේ සිංහලයින් කි දෙනෙක්ට වචනයකින් හෝ උදව්වක් කරලා තියෙනවද කියලා. (නදී)
අසාද් සාලිලා වගේ අයව සාධාරණීකරණය කරලා රටක් යුද්ධයෙන් බේරගත්ත නායකයට අපහාස කරන සිංහල නම් වලින් පෙනී ඉන්න අයත් මෙතැන අදහස් දානවා (නදී)
මෝඩයෝ රැලක්. කිසිම ගතියක් නැති ඔලමොට්ටල මිනිස්සු තමයි මෙව්වට ප්‍රතිචාර දෙන්නේ. (නදී)
නැවත රට කන්න දෙන්නද හදන්නේ?(නදී)
අපේ රටට ඕනේ සේවකයෙක් නෙවෙයි නායකයෙක් (නදී)
18 හවස මමත් එනවා. අසාද් සාලිගේ කතාව නිසාම එතනට යනවා. (ර)
අපිත් එනවා ජා ඇළ ඉදන්. (ර)
මේ ජන රැලියට මං හිතන්නෙ ලක්ෂ 3 කට එහා එනවා. (ර)
හිටපු ජනාධිපති තුමා යුද්ධය අවසන්කරන්න දායක වූ ජාතික වීරයෙක් හැටියට අපි එතුමට ගෞරව කරනවා. හැබැයි එතුමා නැවත ක්‍රියාකාරී දේශපාලනයට එනවට අපි කැමති නැහැ. (ර)
රණසිංහ ඔය කියන වීරයා තනියමද යුද්දෙට ගියේ ? රටේ ඉතිරි ඔක්කොම එතකොට බුදියගෙනද හිටියේ ?(නදී)
අසාද් සාලි කියන කරන දේවල් වලට උත්තර දෙන එකත් කාලය කාදැමීමක්. (නි)
අපි මොන පක්ෂේ උනත් මෙතනට යා යුතුයි. (නදී)
ලක්ෂ 58 ක් අාවත එයාට නැවත රට පාලනය කරන්න බැහැ. මේක ලියල තියා ගන්න. (නදී)
අපි සිංහල කිය කියා දැන්ම පටන් අරගෙන ආයිත් අර පරණ කතා. විශ්‍රාම ගිය අයට පාඩුවේ ඉන්න කියන්න. (නදී)
දේශපාලකයන් ආපසු එන එක නෙවෙයි ප්‍රශ්නය. සමහරු ඇවිල්ල තමන්ගේ ඔලමොට්ටල, වගකීමක් නැති ළමයින්ව අනුප්‍රාප්තිකයන් හැටියට නම් කරල ආපසු යනවා. අර කාන්තාවන් නිරුවත් කරනවා කියල ප්‍රසිද්ධියේ කියාපු කට වාචාල හිටපු ඇමති තුමත් කියල තියෙන්නේ පුතාට නාම යෝජනා ලැබෙනවා කියල.(නදී)
දේශපාලකයන් ආපසු එන එක නෙවෙයි ප්‍රශ්නය. සමහරු ඇවිල්ල තමන්ගේ ඔලමොට්ටල, වගකීමක් නැති ළමයින්ව අනුප්‍රාප්තිකයන් හැටියට නම් කරල ආපසු යනවා. අර කාන්තාවන් නිරුවත් කරනවා කියල ප්‍රසිද්ධියේ කියාපු කට වාචාල හිටපු ඇමැති කියල තියෙන්නේ පුතාට නාම යෝජනා ලැබෙනවා කියල. (බ)
අපිත් එනවා (බ)
මමත් එනවා මුස්ලිමුන්ට පුළුවන්ද අපේ නායකයා පාගන්න. මේක තම්බපන්නිය අපේ ජනපති තුමාට අපි පන උනත් දෙනවා (බ).
මෙතන ඉන්න බාගයක් කටින් බතල හිටවන එවුන් (බ)
අපි එනවා, ජය වේවා ! (නදී)
අනිවාර්යයෙන් මහින්ද ඕනෑ (නි)