IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අස්ගිරි මහනාහිමි ගුණ ලන්ඩන් නුවරදී සිහිකෙරේ

අපවත්වී වදාළ අස්ගිරි මහානායක උඩුගම බුද්ධරක්ඛිත මහානායක හිමියන්ගේ ශාසනික සේවාව සිහිපත් කරමින් පින් පැතීමේ  මතක වස්ත්‍ර පුජාමය පින්කමක් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.

විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති පිංකම සඳහා හාඳුපැල්පොල මහින්ද හිමි, දඹර අමිල හිමි, වස්කඩුවේ සුබෝධි හිමි, ගලයායේ ධම්මදස්සී හිමි සමඟ ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් චන්ද්‍රා මොනරවල, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය සුභද්‍රා සිරිවර්ධන ඇතුළු බොහෝ  පිරිසක්  එක්වුහ.

එහිදී අනුශාසනාවක් කළ පියදස්සී නාහිමියෝ අස්ගිරි මහ නාහිමියන් කිහිප වතාවක්ම කින්ස්බරි විහාරස්ථානයට වැඩම කළ බවත් පසුගිය වසරේ ලන්ඩනයේ අලුතෙන් ආරම්භ කළ සම්බෝධි විහාරය විවෘත කිරීමේ පිංකම සඳහා සහභාගිවීමට ලන්ඩන් නුවරට වැඩමකළ අවස්ථාවේදීද උන්වහන්සේ තම විහාරස්ථානයට වැඩමකළ බවද සිහිපත් කළහ.

නිහතමානි සරල ඉතාම චාම් ජිවිතයක් ගතකල මහනාහිමියන් වහන්සේගේ අපවත්වීම රටටත් ජාතියටත් බුදු සසුනටත් සිදුවූ විශාල පාඩුවක් බව ද එම සේවය කෘතවේදීව සිහිපත් කරමින් උන්වහන්සේට පින්පෙත් පැමිණවීම තම යුතුකමක් වන නිසා මෙම පිංකම සුදානම් කළ බවද පියදස්සී හිමියෝ පැවසුහ.

මෙයට අමතරව ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථාන ශාඛාවේදී සතියක්පුරා මහනාහිමියන් සිහිපත්කර පින්කම් පැවැත්වෙන බව දැනට ලන්ඩන් නුවරට වැඩම කර සිටින සම්බෝධි විහාරාධිපති දරණාගම කුසධම්ම හිමියෝ පැවසුහ.

4 5 6 7 8-copy 9 12 13 14 15



අදහස් (0)

අස්ගිරි මහනාහිමි ගුණ ලන්ඩන් නුවරදී සිහිකෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site