මහනුවර අස්ගරියේ නිල සුනඛ මූලස්ථානයේ දී පසුගිය අගෝස්තු 26 වැනි දා සුනඛයන් පෝරුවට නංවා යුග දිවියට ඇතුළු කිරීමෙන් පසුව ෆයිරා මවක වී පැටවුන් දස දෙනකු බිහි කළ නමුත් නව දෙනකුම මිය ගිය බව දැනගන්නට ඇත.
රොට්වීලර් (රොට්) බල්ලන් සෙවීම් හා බේරා ගැනීමේ මෙහෙයුම්, මුර සේවා හා පොලිස් කටයුතු සඳහා යොදා ගැනේ.
ඕනෑම දුෂ්කර වැඩ කිරීමේ හැකියාව ඇති රොට්වීලර් බල්ලකුගේ ජීවිත කාලය වසර නවයක් පමණ වේ.
පොලිස් සුනඛයන් අභිජනනය කිරීමේ වැඩසටහන යටතේ සුනඛ ජෝඩු තුවක් එදින නුවර එළියේ මධුසමයට යවනු ලැබූහ. බැල්ලියකගේ ගැබ් කාලයේ දින 56ත් 66ත් අතර වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් පෝරුවේ චාරිත්‍ර කරන්න ගිහින් වස් වැදිලා වගේ (දිල්).
හොද ප්‍රවෘත්ති දමන්න. අපි කැමති වැදගත් විදියට ප්‍රවෘත්ති බලන්න.(නදී)
ඔක්කොටම පිස්සු.පොලිසියේ මහත්තයෙක්ට කසාද බැඳලා දෙන්න තිබ්බේ.(නදී)
මේක නම් බලු වැඩක්. අපරාදේ පැටවූ 9 දෙනා.අපි ආයි කලබල නැතිව ට්‍රයි කරමු . අද කාලේ මිනීමරන හැටියට මේ බල්ලන්ගේ සේවය ඉතාමත් වැදගත් පොලිසියට. (ස)
සීතල නිසා වෙන්න ඇති (නි)
මෙය පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි (නි)
දැන් දැන් සිද්ධ වෙන හැමදේකම බොරු ප්‍රචාරය විතරයි. ප්‍රතිපල නැහැ. (නි)
ඔය මඟුල් උත්සවයට පශු වෛද්‍ය මහචාරයවරුත් ආව නේද? ඒ ගොල්ලන්ට මේ ගැන කිව්වේ නැද්ද දන්නේ නැහැ. අපරාදේ පැටවූ ටික. වැරදිලාවත් ලේ නෑයෝ එහෙම නෙමෙයි නේද? (ස)
පෝරුවට නගින්ට කලින් යුවළගේ කේන්දර බැලුවේ නැද්ද? (නි)
ඇස්වහ කටවහ යන්න දෙහි ගෙඩියක් කපලා නැවත පෝරුවට නග්ගන්න. (නි)
කිං බෙනට් ගේ අදහස මමත් අනුමත කරනවා.(නදී)
අයියෝ! එදා වියදම් කරපු සල්ලි....? (නි)
හරියට පොරොන්දම් බලල නැති හැඩයි.(නදී)
ඉතුරු වෙච්ච බලු පැටියා යුනිපෝම් අන්දපු එකෙක්ද? (නදී)
මොනාවුනත් බල්ල වැඩකාරයා නැත්නම් පැටව් 10 දෙනෙක්. පුංචි පවුල රත්තරන්.(නදී)
දින ගණන හරිද මන්දන්නේ නැහැ . (නදී)
ඇස්වහ. (නි)
ඕකනේ කියන්නේ. මේ වගේ වැඩ සද්දේ දාලා පටන් ගන්න එපා. උන්ටත් පුද්ගලිකත්වයක් තියෙනවානේ. (නි)
ප්‍රතිඵල නම් හොදයි.එහෙත් ඒ ප්‍රතිඵලයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා. උපන් ගමන් පුංචි පැටවූ මොකක් හරි හේතුවකින් මිය ගිහින්. මෙච්චර දියුණු ලෝකයේ මේ තරම් වටිනා සතෙක් දෙස වඩා අවධානයෙන් අදාළ අය සිටියා නම් මේ තත්වය වෙනස් වෙන්න ඉඩ තිබෙන්න ඇති (නි)
කොහොමත් සද්දේ දාල කරන හැමදේම පුහු. (නදී)
මම හිතන්නේ වින්නඹු කම කරන්න ඇත්තේ පොලිසියේ වැඩිය තරු ලැබූ තැනැත්තා වෙන්න ඇති. දැන් බලු ජෝඩුවත් මානව හිමිකම් එකට යයිද දන්නේ නැහැ (නදී)
පෝරුවේ තියලා මගුල් කෑවට,වැඩේ හරි ගිහිල්ල නැහැ වගේ.බලු චාරිත්‍ර විදියට බලු ජෝඩුව කුඩුවේ තියලා යුග දිවියට ඇතුළු කළා නම් මෙලහකටත් බලු පැටව් දුසිම් ගානක් හදලා.එක එක්කෙනාට ඕනෑ විදියට චාරිත්‍ර වෙනස් කරන්න ගියහම පේනවානේ වෙන වැඩේ. (නි)
මැරුණා කියල පත්තරේට කිවුවට කාගේ කාගේ හරි ගෙවල් නවයක ඉන්නත් පුළුවන් .. (ස)
මට මතක් උනා මීට කලකට පෙර මම ඇසූ විහිළුවක්. බැංකුවකට ලාංඡනයක් තෝරා ගන්න තිබුන තරඟයකට කෙනෙක්. බලු පූට්ටුවක් ඇඳලා ඉදිරිපත් කලාලු. විනිශ්චය මණ්ඩලයෙන් ඇහුවම අයදුම්කරු පැහැදිලි කලාලු. මේක හරියටම බැංකුවකට සමාන වෙනවා. දාන්න ලෙහෙසි උනාට ආපසු ගන්න අමාරු වෙනවා. (ස)
අහිංසක බල්ල්ලන්ගේ පලහිලව් වලට හොට දාන්නේ නැතුව .උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නම් ඉවරයි.සමහර මිනිස්සුන්ට වඩා උසස් ගති සමහර බල්ලන්ට තියනවා. පොඩි ළමයි බෝනික්කෝ සෙල්ලම් කරනවා වගේ වැඩක් තමා බල්ලන්ට වෙඩින් තියන එක කියලත් හිතුනා. (ස)