අති පුජ්‍ය උඩගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශයයේ මහ නාහිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් චීන රජයේ සාතිශය සංවේගය පළකර සිටින බව ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී යැං ලිං මහතා කියයි.
බුද්ධ රක්ඛිත හිමියෝ ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු මහත් ලෝකය තුළම බුදු දහම ව්‍යාප්ත කිරීමට මෙන්ම රැගැනීමටද විශාල දායකත්වයක් ලබා දුන් බවත් ශ‍්‍රී ලංකාව හා චීනය අතර බෞද්ධ සහයෝගීතාවය වෙුනුවෙන් බොහෝ අවස්ථාවල චීනයට වැඩම කර ඇති උන් වහන්සේ චීනයේ බෞද්ධ කටයුතු සඳහා වීශාල මෙහෙවරක් සිදු කර ඇති බැවින් චීනයේ බෞද්ධ ප‍්‍රජාව තුළ උන්වහන්සේ කෙරෙහි විශාල ගෞරවයක් ඇති බවත් ඔහු කීවේය.
සිය වස් ගණනාවක් පුරා රටවල් දෙක අතර පැවතී බුදු දහම රැක ගැනීමට උන්වහන්සේ කළ කැපවීම චීන තානාපති කාර්යාලය ගෞරවයෙන් සිහිපත් කරන බවත් චීන තානාපතිවරයා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් ඇමරිකාවෙන් එනකන් බලාගෙන ඉන්නේ මේ අපේ අය දැන් (ම)
ඔබවහන්සේගේ අහිමිවීම අපිට ලොකු පාඩුවක් (නි)