අස්ගිරි මහාවිහාර පාර්ශවය සදහා අනුනායක හිමිනමක් තෝරා පත් ගැනිම දින නියමයක් නොමැතිව කල් දැමිමට අස්ගිරි පාර්ශවිය විංසත් වර්ගික කාරක සංඝ සභාව අද (27) තිරණය කළේය.
වරකාගොඩ ඥානරතන අස්ගිරි මහානායක හිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව පස්වරු 3 ට මංගල උපෝසථාගාරයේදී රැස්වූ අතර වෙසක් මස ළඟා වන බැවින් අස්ගිරි මහා විහාරය සතුව විශාල කාර්යභාරයක් ඇති බවත් අස්ගිරි මහානායක හිමියන් හට අක්තපත්‍ර ප්‍රධානය කිරිමේ රාජ්‍ය උත්සවය මැයි 17 වැනිදා පැවැත්වෙන බැවින් ඒ සදහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කළ බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ කීහ.
අනුනායක පදවිය පත්කිරිම මසක් හෝ දෙකක් කල් යා හැකි බවත් හෙළ රජ දවස සිට පැවැත්වෙන උපසම්පදා පුණ්‍ය කර්ම කටයුතු පැවැත්විය යුතු බැවින් අනුනායක පදවිය පත්කිරිම කල් දැමු බවත් ධම්මදස්සි හිමියන් පැවසුහ.
අනුනායක පදවිය සදහා අපේක්ෂාවෙන් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි සහ මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත යන හිමිවරු ඉදිරිපත් වි සිටියහ.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අස්ගිරි අනු නාහිමි තේරීම කල් යයි
පීරිස් Thursday, 28 April 2016 02:43 AM
හාමුදුරු ගොල්ලොත් නායකත්වය ලබාගන්න කචල් දැම්මාද දන්නේනහේ ගිහියෝ වගේ? රැස්වෙන්න කලින් දැනන් හිටියේ නැද්ද , වැඩ ගොඩක් ඉදිරියට තියෙනව කියල? මොකටද එහෙනම් රැස්වුණේ ? (බ)