කොළඹ ගංගාරාම සීමා මාළකය අසළදී ගැහැනියක අසෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයකුට රුපියල් 5000 ක රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇමැති ආරක්ෂ අංශයට අයත් මෙම කොස්තාපල් මත්පැන් බී සිටි බවත් එම ගැහැනිය සමග අසෝභන ලෙස හැසිරුණ බවත් ගැහැනිය පොලීසියට බැන වැදුණ බවත් කොම්පඤ්ඤවීය පොලීසිය අධිකරණයට දැන්වීය. ගැහැනියට රුපියල් 1500 ක දඩයක් නියම විය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අසික්කිත පී සී රජයේ ගාස්තු ගෙවා බේරේ
කැනඩා දිසා Tuesday, 18 June 2013 10:06 AM
ලංකාවේ අද නීතියක් කියලා දෙයක් නැහැ. අනාගත දරුවෙකුටවත් මෙහෙව් රටක මෙහෙව් ප්‍රජාතන්ත්‍රවාදී ,සමාදීවාදී රටක ,ත්‍රිවිධ හමුදාව ,පොලිසිය ඉන්න රටක ඉන්න බැරිවෙයි (නි)
ලලිත් Tuesday, 18 June 2013 02:43 AM
පොලිසියේ වැදහත් කොස්තාපල් කෙනෙක් වුනත් දේශපාලකයෙකුට සම්බන්ධ නිසා තමා ඔය වගේ අසික්කිත වැඩ කරන්නේ. බල්ලෝ එක්ක ලැග්ගහම නැහිටින්නේ මැක්කොත් එක්ක. (නි)
උදාර Tuesday, 18 June 2013 04:47 AM
ඔය ලංකාවේ පොලිසියත් චීනේටම වික්කා නම් මොකද? නිකන් දන්නේ නැතිකමටයි ඇහුවේ අයියේ..? සොරි ආ...!! (නි)
ප්‍රසාද් Monday, 17 June 2013 08:01 PM
ඕක මොකක්ද ඔය කුලියට මිනි මරණ ඩි.අයි.ජි. ලාත් ඉන්නේ. ලංකාවේ පොලිසිය ගැන ඉතාම ලැජ්ජයි.(අ)
සජිත් Monday, 17 June 2013 08:18 PM
"කොළඹ ගංගාරාම සීමා මාළකය අසළදී ගැහැනියක අසෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයකුට රුපියල් 5000 ක" මේකෙන් මොනවද කියන්නේ ගැහැනිය හැසිරුනාද නැතිනම් පොලිස් කොස්තාපල් හැසිරුනාද ?(අ)
අජිත් කරුණාරත්න Tuesday, 18 June 2013 06:50 AM
ලලිත්ගේ අදහස නිවැරදියි. ඊට මමත් එකඟයි. (නි)
වරුණ Tuesday, 18 June 2013 11:36 AM
උඩ ප්‍රවෘත්ති වල පොලිසිය අඩ නිරුවතින් නාන කෙල්ලෝ අත්අඩංගුවට ගන්නවා. මෙහෙ පොලිසියේ රාළහාමිලා පාරේ අනාචාරේ හැසිරෙනවා. ඒකනේ මම කිව්වේ ලංකාවේ පොලෝසියත් දැන් තියෙන්නේ හෙළුවෙන් කියලා (නි)
සරත් ඩු Monday, 17 June 2013 09:10 PM
දැන් රටේ නිතිය සාදාරණය කියන එක පොත්වලට විත්රයි. මොකද පාතාල පොලිසිය හ පාතාල දේශපාලනයක් තියන රටකට මොන අනාගතයක්ද? (නදී)
කුමුදු ඉතාලිය Monday, 17 June 2013 09:32 PM
හැමදාම දකින්නේ අපේ පොලිසියේ නිරුවත් වීමක්ම තමා. මොහු ඔහු විසින්ම නිරුවත් වී ඇත. ශ්‍රී ලන්කන් පොලිස් සේවාව දැන් සේවාවකට වැඩිය අහිංසක ජනතාවට හිරිහැරයකි.(නදී)
පද්මසිරි Tuesday, 18 June 2013 08:29 AM
අනේ මන්දා මොනවා වෙනවාද කියලා(දී)
ගාමිණී-සිරි Monday, 17 June 2013 10:28 PM
මේ අවස්ථාවේදී ගොනා සහ කරත්තය දෙකම වැරදි කරලා ඇති බව පෙනී යනවා. දෙදෙනාටම එක සමාන දඩයයක් දුන්නා නම් තමා හරි (නි)