කොළඹ ගංගාරාම සීමා මාළකය අසළදී ගැහැනියක අසෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයකුට රුපියල් 5000 ක රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඇමැති ආරක්ෂ අංශයට අයත් මෙම කොස්තාපල් මත්පැන් බී සිටි බවත් එම ගැහැනිය සමග අසෝභන ලෙස හැසිරුණ බවත් ගැහැනිය පොලීසියට බැන වැදුණ බවත් කොම්පඤ්ඤවීය පොලීසිය අධිකරණයට දැන්වීය. ගැහැනියට රුපියල් 1500 ක දඩයක් නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අද නීතියක් කියලා දෙයක් නැහැ. අනාගත දරුවෙකුටවත් මෙහෙව් රටක මෙහෙව් ප්‍රජාතන්ත්‍රවාදී ,සමාදීවාදී රටක ,ත්‍රිවිධ හමුදාව ,පොලිසිය ඉන්න රටක ඉන්න බැරිවෙයි (නි)
පොලිසියේ වැදහත් කොස්තාපල් කෙනෙක් වුනත් දේශපාලකයෙකුට සම්බන්ධ නිසා තමා ඔය වගේ අසික්කිත වැඩ කරන්නේ. බල්ලෝ එක්ක ලැග්ගහම නැහිටින්නේ මැක්කොත් එක්ක. (නි)
ඔය ලංකාවේ පොලිසියත් චීනේටම වික්කා නම් මොකද? නිකන් දන්නේ නැතිකමටයි ඇහුවේ අයියේ..? සොරි ආ...!! (නි)
ඕක මොකක්ද ඔය කුලියට මිනි මරණ ඩි.අයි.ජි. ලාත් ඉන්නේ. ලංකාවේ පොලිසිය ගැන ඉතාම ලැජ්ජයි.(අ)
"කොළඹ ගංගාරාම සීමා මාළකය අසළදී ගැහැනියක අසෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල් වරයකුට රුපියල් 5000 ක" මේකෙන් මොනවද කියන්නේ ගැහැනිය හැසිරුනාද නැතිනම් පොලිස් කොස්තාපල් හැසිරුනාද ?(අ)
ලලිත්ගේ අදහස නිවැරදියි. ඊට මමත් එකඟයි. (නි)
උඩ ප්‍රවෘත්ති වල පොලිසිය අඩ නිරුවතින් නාන කෙල්ලෝ අත්අඩංගුවට ගන්නවා. මෙහෙ පොලිසියේ රාළහාමිලා පාරේ අනාචාරේ හැසිරෙනවා. ඒකනේ මම කිව්වේ ලංකාවේ පොලෝසියත් දැන් තියෙන්නේ හෙළුවෙන් කියලා (නි)
දැන් රටේ නිතිය සාදාරණය කියන එක පොත්වලට විත්රයි. මොකද පාතාල පොලිසිය හ පාතාල දේශපාලනයක් තියන රටකට මොන අනාගතයක්ද? (නදී)
හැමදාම දකින්නේ අපේ පොලිසියේ නිරුවත් වීමක්ම තමා. මොහු ඔහු විසින්ම නිරුවත් වී ඇත. ශ්‍රී ලන්කන් පොලිස් සේවාව දැන් සේවාවකට වැඩිය අහිංසක ජනතාවට හිරිහැරයකි.(නදී)
අනේ මන්දා මොනවා වෙනවාද කියලා(දී)
මේ අවස්ථාවේදී ගොනා සහ කරත්තය දෙකම වැරදි කරලා ඇති බව පෙනී යනවා. දෙදෙනාටම එක සමාන දඩයයක් දුන්නා නම් තමා හරි (නි)