ඕස්ට්‍රේලියාවට යන්නට අවුත් බේරුවලදී අසු වු හතලිස් හය දෙනාම උතුරු නැගෙනහිර වැසියන් බවත් ඔවුන් මුලින්ම මීගමුවට පැමිණ ඇති බවත් පොලීසිය කියයි.
බෝට්ටු කරුවකුට මුදල් ගෙවා ඕස්ට්‍රේලියා ගමනට සැරැසී ඇති බව පෙනී යැයිද කුඩා දරුවන් දස දෙනකු එම පිරිසේ සිටියේ යැයිද සඳහන්වේ .වෑන් රියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවිනුවර ජයසිරි,...මේක මේ ජීවත් වෙන්න අමාරුකමට රට හැරදා යාමක් නෙමේ..මේ ගොල්ලෝ තවමත් හිතන් ඉන්නේ ඔස්ට්‍රේලියාව නිකන් කන්න දෙනවා කියලා..මේ මිනිස්සු තාම දන්නේ නැහැ ..එහාට බෝට්ටු වලින් එන අය නැවත හරවා එවනව කියලා...පව් මේ මිනිස්සු නිකන් ජාවාරම් කාරයන්ට අහු වෙනවා...සමහර අය සුරඟන ලෝක මවල මෙහෙම යන්න පොළඹවා ගන්නවා ...පව් අන්තිමේදී මේ මිනිස්සු අසරණ වෙනවා...මෝඩ කමට බේත් නැහැ නේ .... (ස)
මේ ගොල්ලෝ ආර්ථික වාසි තකා සරණාගත මුවාවෙන් යන අයයි. උපරිම දඬුවම් දිය යුතුයි. (ස)
ආර්ථික වාසියක් ගත්තම මොකද වෙන්නේ? මෙහෙ හිටියොත් දණ ගස්සනවනේ , ගස් බඳිනවනේ , කන පලනවනේ ..අනෙක මෙහේ ළමන්ට ඉස්කෝල නැහැ , ඉස්කෝලවලට ගුරුවරු නැහැ ඉතින් ඔස්ට්‍රේලියා පැත්තෙවත් ට්‍රයි එකක් දුන්නම ඔයාලට මොකද? (ස)
මේ අයට ළමයි ගැන දුකක් නැද්ද මඟදී මැරෙයි කියලවත් හිතන් නැද්ද? (ස)
ජයසිරි, මේ රටේ ජීවත් වෙන්න අමාරු හින්දද ලක්ස දහයක් දීල රට යන්නේ ? ජීවත් වෙන්න අමාරුනම් කොහෙන්ද අනේ මෙච්චර මුදල් කන්දරාවක්.(නදී)
මේ මිනිසුන් නිදහස් කර මේ ගමන සංවිධානය කරපු කෙනා සොයා දඬුවම් දිය යුතුයි. මෙවැනි වැඩ කරනවට. මේ ගමනේ තියෙන භයානක කම ගැන කිසිම දැනුමක් නැතුව කුඩා ළමයිනුත් අරගෙන යන්න තරම් මේ අයව රවටලා තියෙන්නේ. .(නදී)
මොකට තියා ගත්තද? යනවා නම් යවන්නනේ තිබුනේ.(නදී)
අපේ මිනිස්සුන්ට කොහොම කියලත් බැහැ.(නදී)
ජීවක,ඔබ හරියටම කිව්වා,ස්තුතියි. නන්ද,නිමල්,පිටබෙද්දර ජයා වගේ අය පිටරටවල ඉඳගෙන නිකන් ප්‍රතිචාර දානවා. එයාලත් ඔක්කොම සෙට්ල් වෙලා ඉවරයිනේ. දැන් ඉරිසියාවට කෑ ගහනවා.(නදී)
ඕස්ටේලියාවේ ලුණු හදන්නද දන්නේ යන්න ගියේ (අ)
පිල්ලේ මෑණියෝ දැන් මොනවාද හිතෙන්නේ? දමිල පළාත් ආණ්ඩුවකුත් තිබිල, සරණාගතයන් ලෙස දමිළයන් රටින් හොරෙන් පිටවීම. සිංහල මහ ආණ්ඩුව දමිළයන්ට කරන හිරිහැර නිසාද? ඔයාම දැන් ඩයස් පොරවල් වලට කියන්න, ඔයාල කරන බොරුව අතේ පත්තුවුනා මටත් කිච නෝන්ඩිය කියල. .(නදී)
මේ මෝඩ මිනිස්සු මොනතරම් අවදානම් ගමනක්ද මේ අහිංසක කිරි සප්පයන් වත් අරගෙන යන්න ගියේ. අපේ රට දාල පවුල් පිටින් මේ වගේ අවදානම් ගමනක් යන්න තරම් දැන් මෙයාලට මොනවද අඩු? පළාත් සභාව අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා විශාල සංවර්ධන කටයුතු ඒ ප්‍රදේශවල සිදුවෙමින් තිබෙනවා, නිදහස තිබෙනවා. තමාගේ උත්සාහයෙන් ටිකක වෙහෙසිලා වැඩ කළා නම් අපේ රටේ කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන්ද? එහෙමත් නැත්නම් ග්‍රහ මූලිකයාට පමණක් විදේශ ගත වෙලා මුදල් හම්බ කරන්න අය් බැරි? මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, මමත් විදෙස් රටක ඉදල මුදල් හම්බකර තම සියලු අවශ්‍ය තාවයන් සපුරා ගන්නේ. පුතා ජාත්‍යන්තර පාසලකට යනවා. දුව ලබන ජනවාරි මාසයේ පාසල් යන්න සූදානම්. මම හම්බ කරන මුදලින් ඔවුන් සතුටින් ලංකාවේ ඉන්නවා. තව අවුරුද්දකින් හෝ දෙකකින් මමත් ලංකාවට ගිහිල්ල එහෙ රැකියාවක් කරනවා. අපිට තිබෙන්නේ ටිකක් ඉවසල ටිකක් කැපවීම් කරලා ඉන්න ඊට පස්සේ අපේ රටට ගිහින් තමන්ටම කියල වෙළඳාමක් කරගෙන ඉන්න එක. ලෝකේ කොහේ ගියත් ලංකාව වගේ නැහැ. මොනතරම් මුදල් ලැබුනත් අපේ රටේ ජීවත් වන සතුට මිල කරන්න බැහැ. මින් ඉදිරියේවත් මේ වගේ මෝඩ තීරණ ගන්නේ නැතුව පිරිමියෙක් වගේ ආත්ම විශ්වාසයෙන් තීන්දු ගන්න කියා ඉල්ලා සිටිමි. .(නදී)
අපේ පාස්පෝර්ට් එක ලෝකයේ නරකම රටවල් දහයට අයත් වෙලා තියෙන්නේ ඔය මිනිස් ජාවාරම් නිසා.වෙනත් රටවල එමිග්‍රේසන් වලින් පැය ගණන් රස්තියාදු කරලා වීසා හොඳට චෙක් කරලා.ෆොටෝ ගහල, ෆින්ගර් ප්‍රින්ට් අරගෙන ඇස් ස්කැන් කරලා තමා ඒ රටවල් වලට ඇතුල් වෙන්න දෙන්නේ.තමන්ගේ රටින් පිටව වෙනත් රටක සංචාරය කර බලන්න එවිට ඔබට අපේ ජාතියට තිබෙන තැන දැනගන්න පුළුවන්. හොඳ අදහස් පල කරන්නත් පුළුවන්. (ස)
මෙහෙම ගියොත් ජීවත් වෙන්න බැරුව තව තවත් මිනිස්සු රට හැර යාවි. මෙයට පිලියම මේ රටේ හම්බ කරන මුදලින් ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හදන එක පමණයි. එය නොකර මෙය නැවැත්විය නොහැක. (ස)
මුන් තමයි අතුරුදහන් උනා කියලා පස්සෙ කියන්නෙ.... (ස)
කසුන් ඔයාද එයාලට රට යන්න සල්ලි දුන්නේ? තමන්ගේ සල්ලි ලක්ෂ ගණනක් වතුරේ ගියා වගේ වැඩක් මෙයාලට වුනේ.(නදී)