කෑගල්ලේ පින්නවල සිට ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයට ගෙන ආ ගැබ්ගත් වෙළඹක මහැවැලි ගගේ හල්ලොලුව වඳුරාපැනි ඇල්ලෙන් ගොඩගත් බව ගැමියෝ කියති.
මේ වෙළඹ සත්ත්ව විද්‍යා පීඨයට ගෙනවිත් ඇත්තේ ආමාශ ගත වූ ඉටිකොලයක් ඉවත්කිරීමේ සැත්කමක් සඳහාය. එම සැත්කම අවසන්කර සිටිය දී වෙළඹ බැඳ තිබූ බැමි කඩාගෙන පැනගොස් ඇති බවත් සත්ත්ව විද්‍යාපීඨය පසුපස ඇති මහවැලි ගඟට ඇය වැටෙන්නට ඇති බවත් සත්ත්ව විද්‍යාපීඨයේ නිලධාරින් කියයි.
ගඟේ ගසාගෙන ගිය වෙළඹ ගොඩට ගෙන ඇත්තේ අශෝකන් නමැති අයකු විසිනි. ඔහු පවසන්නේ විද්‍යාපීඨය අසළ සිට වෙළඹ ගොඩගත් තැනට කිලෝ මීටර තුනහමාරක් පමණ දුර ඇති බවයි.
වෙළඹගේ වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් පමණ බව හිමිකරු පවසයි.
ගොඩටගත් වෙළඹට පශු වෛද්‍යවරු ප්‍රතිකාර ඇරඹූහ.
අශ්වයා බේරාගත් අශෝකන්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනක්කම් සහෝදරයා... ඔබට බොහොම පින් කරපු දේට. (ස)
අප්පට සිරි මේ අර බකිංහම් මාලිගාවෙන් ගෙනා නාමල්ගේ රත්තරන් අස්සයා එහෙම නෙමෙයි නේද? (ස)
සතෙකුගේ වුණත් ජීවිතයක්නේ. එකක් නෙමෙයි, ජීවිත දෙකක් බේරාගත් අශෝකන්ට පින්සිද්ධ වෙනවා. (නි)
ලක්ෂ අසුවක් කියන්නේ මේ සතා රත්තරන්ද? (නි)
යහපාලන අය පහුගිය දවස්වල රත්තරන් අශ්වයෝ ගැන කිව්වේ මේ ගොල්ලන්ටද දන්නේ නැහැ (නි)
වටිනාකම අනුව බලන කොට හයිබ්‍රිඩ් වෙළඹක් වගේ පෙනෙන්නේ. බලධාරියෝ දන්නවා නම් බදු දෙගුණයක් කරයි අශ්වයින් ඇතිකරන අයට. අමතකවීමක් වෙලා මේ පාර අයවැයට අහුවෙලා නැහැ වගෙයි. (නි)
මූ අසනීපයෙන් ඉඳලත් කොහේ යන්න ගියාද දන්නෙ නැහැ (නි)
සෑහෙන වටිනවනේ මේ සතා (නි)
අනේ මෙච්චර වියදම්! 80 ලක්ෂයක් වෙළඹක් වෙනුවෙන් ......? (නි)
මේ සත්වයාට ඉක්මන් සුවය ලැබේවා! බලධාරීන් මීටවඩා වගකීමෙන් වැඩකරන්න (නි)
ඇමරිකාවේ බකිම්හැම් පැලස් එකේ අශ්වයෙක් කීයක් විතර වෙනවද දන්නෙ නැහැ (නි)
සාමාන්‍යයෙන් හොඳ අශ්වයෙක් රුපියල් මිලියන 40-50 ක් විතර වෙනවා (නි)
ලක්ෂ 80 ක් පමණ වෙන්නේ ඉම්පෝර්ට් කරනකොට වාරයේදී තීරුබදු අය කරපු නිසාද? (ස)