හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට සන්දානයේ විමල් වීරවංශ මහතා ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව පැවැත් වු රත්නපුරයේ රැළියට අනවසරයෙන් ගිය බව කියන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පස් දෙනා හෙට බ්‍රහස්පතින්දා මැද මුලණට නෑගම් යන බව ශ්‍රීලනිප මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියයි.
බන්දුල ගුණවර්ධන, ටී.බී ඒකනායක, රෝහිත අභයගුණවර්ධන, සාලින්ද දිසානායක සහ එස්.එම් චන්ද්‍රසේන යන පස් දෙනා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වමින් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ලියුම් යැවීය.
ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ විනය ක්‍රියා මාර්ග ගැනීමේදී කරුණු විමසා පරිකෂණයක් පැවැත්විය යුතු බවයි.
මැදමුලණේදී හිටපු ජනපති හමු වී මේ ගැන කියන බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම! (නි)
කියලා බලමුකෝ නේද? (නි)
මහින්දට මෙච්චර බය මොකද? දින 100 න් පසුව තව තවත් පිරිස් මහින්ද වටා රොක්වෙනවා (නි)
ගාමිණී, ඔයා ජනපතිතුමාට අලුත් අවුරුද්දේ දිරච්ච ලණුවක් දෙන්න හදනවද? මොකද ඔයා ඔය කියන 'නුසුදුස්සෝ' ඔක්කොම අස්කළාම පක්ෂයට අන්තිමට ඉතුරු වෙන්නේ ජනතාව ඉදිරියේ අවලංගු කාසි බවට පත්වුණ උදවිය විතරයිනේ. (නි)
ලෙඩා මලත් බඩ සුද්දයි වගේද ? (නදී)
අවසානයේ මෛත්‍රී මහත්තයට ඉතුරු වෙන්නේ පක්ෂ සභාපති කමයි චිත්ත රෙදි කීපයකුයි අර එතුමත් එක්ක ගිය ද්‍රෝහී නඩයයි විතරයි..නියම නිදහස් පක්ෂය මහින්ද මහත්තය වටේ එකතු වීම වලක්වන්න පක්ෂයට කරන්න පුළුවන් උපරිම ද්‍රෝහිකම කරලා පක්ෂය යටතේ තිබුණු රජය බිද දාල පාක්ෂිකයින්ට යු අන් පි මැරයන්ගෙන් ගුටි කන්න සැලැස්වූ මේ ද්‍රෝහී නඩය කුජිත මැඩම් එක්ක එකතු වෙලා මොන දහන් ගැට ගැහුවත් බැරි බව හෙට අනිද්දට ප්‍රයෝගිකවම මේ රටේ මිනිස්සුන්ට දැක ගන්න ලැබේවි..(ස)
තණ්හාය ජායති සෝකෝ. (ස)
පක්ෂය කඩාගෙන ගිහින් වෙනම ඡන්දය ඉල්ලන අය අස් කරන්නේ නැද්ද ? (ස)
විනයකින් තොර චින්තනය මුලික කරගත් මුඛරිකම විනය විරෝධී හැසිරීමකට තුඩු දුන් බව පසක් කර ගැනීමටවත් එම පස් දෙනාට නොහැකි වී ඇත්තේ මොලය මියගොස් ඇති නිසා. (ස)
යු එන් පි මැරයෝ.එතකොට මහින්ද ලග හිටියේ සත් ගුණවත් ඇමතිවරු.මහින්ද ශ්‍රීලනිපය දියකරලා හදා ගත්තේ මහින්ද රාජ පක්ෂය.(ස)
බලන්නකෝ රේණු, මංකිව්වේ පක්ෂ ව්‍යවස්ථාවට පිටින් ආපු පක්ෂ නායකයා නියම විදියට පත් වුණු සාමාජිකයන්ව දඬු කඳේ ගැහීම හරි නැත කියාලයි. (බ)
දේශපාලනයේ තම අනන්‍යතාවය තනිවම ගොඩනගා ගත නොහැකි අය තවත් අය මත යැපෙන තත්වයකි මේ. කශේරුකාවක් ඇත්නම් තම ප්‍රතිරූපය තමුන්ම ගොඩනංවා ගැනීමට හැකි විය යුතුයි. අනෙක් අතට දෙවරක්ම ජනපති ධුරය දැරූ හිටපු ජනපති නැවත පහල තනතුරකට ඒමට තම පක්ෂය දෙකඩ කරමින් දක්වන උත්සාහය පිලුකුල් සහගතයි.(නදී)
අපොයි ඔව් ජීවනී, ඔය බවලතා නම් ඉතින් කවදත් එනපොට හොඳ නැති බව තේරුනාම හිමීට රටිනුත් ලිස්සලා ගිහින් පස්සේ ආයෙමත් හොඳ වෙලාවක් බලලා පරවේණි උරුම හොයාගෙන එනවා. අන්තිමට ඉතින් එයාට උරුම-අපට කරුම! (බ)
රනිල් මහත්තයත් පහුගිය කාලේ කලේ විනය පරීක්ෂණ තැබීම හා පක්ෂයෙන් නුසුදුස්සෝ එළවීම. (නදී)
පක්ෂය විනාශය කරා ගමන් කරන බවයි මින් පැහැදිලි වන්නේ. මෙය එක්සත් ජාතික පක්ෂයට කරන විශාලම උපකාරයක්. (නදී)
පහෙන් හතරක් ගැනම ජනතාව දන්නවා. මේ වගේ අයව ඉන්නවා නම් එලවලා දාල ශ්‍රී. ල. නි. ප. ය සුද්ද කරලා දාන්න ජනාධිපතිතුමනි. (නදී)
පක්ෂයේ නායකයා පක්ෂය ගොඩ ගැනීමටනම් පක්ෂයට අකුල් හෙලන අය වහා ඉවත් කළ යුතුය (බ)
යකඩෝ යහපාලනේ කට්ටියට ශ්‍රී ලංකා එක ගැන පුදුමාකාර කැක්කුමක්නේ තියෙන්නේ..මේ එකෙක්වත් ගියවර හෝ ඊට පෙර සන්ධානය වෙනුවෙන් ඡන්දෙ දීපු අයනම් නෙමෙයි කියල පැහැදිලියි..අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට නීති රීති දාල ඔවුන්ගේ මතය යටපත් කරන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූ දා සිටම බැලුවොත් කරන්න පුළුවන් උපරිමම ද්‍රෝහී කම පක්ෂයට කල පුද්ගලයෙක්.. පක්ෂයට ද්‍රෝහී වෙලා නායකයට පිටිපස්සෙන් පිහියෙන් අනල පක්ෂය දරා ගෙන හිටපු දේශපාලන බල අධිකාරිය විනාශ කරලා සතුරන්ට පක්ෂයේ පාර්ලිමේන්තු බලයත් ඡන්දයක් නැතුවම පාවල දීපු පුද්ගලයෙක්.. එහෙම කෙනෙක් තමයි අද පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් නීති රීති පනවල හිර කරන්න හදන්නේ. අද සම්පුර්ණ බිම් මට්ටම සමග ශ්‍රී ලංකා නිදහස් පකෂය තියෙන්නේ මහින්ද මහත්තය ගාව..මහින්ද මහත්තයව හීනෙන් පෙනිලා බයවෙන කට්ටියට කියන්න තියෙන්නේ ලක්ෂ 58ක් වන අපි අපි මහින්ද මහත්තය ගැන බලා ගන්නම් ,,ඔයාල ඔය නන්නත්තාර වීගෙන යන යහපාලානේ ගැන බලා ගන්න කියන එක තමයි. (බ)
නව ජනාධිපති තුමනි, ඔබ ගෞරවාන්විත මිනිසෙක්. නමුත් ඔබ වටා සහ හිටපු ජනපති වටා සිටි හා සිටින්නාවූ බහුතර පිරිසක් රටක දේශපාලන නායකත්වයට සුදුදුස්සන් නොවේ. ඔවුන් සමග යහපාලනයද හීනයකි. වර්තමානයේ රටට අවශ්‍යව ඇත්තේ රජෙකි. රට අරාජික වීමට ඉඩහැරීම මහත් පාපයකි.සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න. අති ගරු මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන එන්න සහ හොරු පලවා හරින්න. (බ)
හරියට හරි පිවිතුරු යහපාල. මේ යහපාලන නඩේට ඕනේ ශ්‍රීලනිපය දියකර හරින්නයි. ශ්‍රීලනිප ලකුණ වන ජාතිකත්වය සොයා යන පාක්ෂිකයෝ විතරක් නොවෙයි එජනිස කට්ටියත් දැන් මහින්ද මහතා වටා එක්රොක් වෙන නිසා දැන් මේ අයගේ මහින්ද භීතිකාව තවත් උග්‍ර වෙලා. (බ)
පිවිතුරු යහපාල ඔයා කියපු කතාවට මසුරන් දාන්න ඕනේ. යහපාලනයට දැන් එකතු වෙලා ඉන්න ඇමති, මන්ත්‍රීලා මහින්දට ඡන්දෙ දුන්නේ නැති අය කියලා හොඳටම පැහැදිලියි (නදී)
අනේ අපොයි වෙච්ච හදියක්! (නි)
නිදහස් පක්ෂයෙන් එළිය ගිහිල්ලා අලි කරමතින් ඇවිල්ල පුටුවේ වාඩි වෙලා දැන් පුටුව කවදාවත් හැර නොගිය පිරිස් එලියට දානවා මාරම මාර යහපාලනයක් තමයි මේක. තවත් ගොඩක් කට්ටිය ඉස්සරහට එලියට දාන්න සිදුවේ (බ)
එකා දෙකා යනවා වගේ ..(බ)
පිවිතුරු යහපාල ,දසිත් මේ ටිකත් දැන ගන්න මහින්ද කියන පුද්ගලයා මේ කපේදී ලංකාවේ රජ වෙන්නේ නෑ.(බ)
එ්කනේ රේණු කියන්නේ, නීතිගරුක පක්ෂ සාමාජිකයන්ව දඬුකඳේ ගහනකොට මොනවද අපිට නොහිතෙන්නේ? (බ)
ඔය මාරම මාර යහපාලනයේ නියම නිදහස් පක්ෂේ අය නෑ, අර කුජීත මැඩම්ට මහින්ද ළග දණගහන්න වෙනවමයි (බ)
කැවුම්, කිරිබත්, කෙහෙල්කන් ගොඩක් එහෙම අරන් ගියාද ? (නදී)
විධායක ජනපතිගේ විධායක බලතල එහෙමම තියෙනවා තාම.මෛත්‍රී මහත්තයා තාම බලතල පාවිච්චි කරන්න පටන්ගත්තේ නැහැ.පක්ෂ සභාපති ට එරෙහිව ගියොත් එහි ඵලවිපාක එයාලටම ලැබෙයි. මහින්ද මහත්තයාගේ කාලෙ මෙහෙම උනානම් කොහොම හිටීද? (බ)
ඔබ පස්දෙනා හරිම ගමන තෝරාගෙන ඇතිබවයි අපට පෙනෙන්නේ. ඔබට සුබ අනාගතයක්! (නි)
වෙන තැනක් නැහැ යන්න (නි)
රත්නපුර රැළියට යාමෙන් බලාපොරොත්තුවූ ප්‍රතිඵල ලැබෙමින් පවතී. දිවංගත බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුෂණයෙන් තොර අවංක නායකත්වයක් ඇති පක්ෂයක් වශයෙන් ජනතාව ඉදිරියට පැමිණීම පාක්ෂිකයන්ගේ අපේක්ෂාවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙන් අවංක නායකත්වයක් ලැබුනත්, අසාධාරණයෙන් ගොඩනැඟී ඇති දුෂිතයන්ගේ සහ අධික බල තණ්හාවෙන් කටයුතු කරන අවස්ථාවාදීන්ගේ බලය පක්ෂය තුළ ඉස්මතුවෙමින් පවතී. (නි)
මැදමුලන ගිහින් මොනවා කරන්නද? නිකන් කලබල නොවී ඉන්න (නි)
නිර්භිත හා කශේරුවක් ඇති පස් දෙනෙක්. (නි)
කෙනෙක් රජ වුවද දුගී වුවද ඹහු උපන් මව්බිමට ආදරය කරයිනම් ඒ පිංබිමේ සැබෑම රජු ඹහුය. ඒ අන් කවරෙකු නොව මේ මාතෘ භුමිය කොටි අන්තවාදීන්ගෙන් මුදාගන්නට උත්තරීතර ජනතා පරමාධිපත්‍ය නායකත්වයේ අණ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දුන් මහින්දය. ඹහු බලන්න යන කලගුණ දත් මිනිසුන් සැබෑ සත් පුරුෂයන්ය. නායකයාණනි ඹබට චිරන් ජයතු සුභ අනාගතයක් (බ)
ඔවුන් අස්කළාට ගරු ජනාධිපතිතුමාට ස්තුතියි. නුසුදුස්සන් එළවා පක්ෂය පිරිසිදු කරමු. (නි)
වංචාව දූෂණය හොරකම බොරුද කියන්න. (ස)
මේ කවුරුත් පසුගිය රජයේ මහා ජනතා මුදල් මංකොල්ලය ගැන ජනතාවගෙන් සමවාගෙන නැවත දේසපාලනය එන්න. නැත්නම් ජනතාව රටේ මුදල් අපයෝජනය කිරීම දේශපාලකයන්ගේ අයිතියක් ලෙස සමාජගත වනු ඇත. (ස)
කරුණාකරලා වෙන හොඳ රැකියාවක් හොයා ගන්නකෝ. (ස)
ඔබට ජයෙන් ජය! සුබ නව වසරක් වේවා! මේ රට ආරක්ෂා කරමින්, සංවර්ධනය කරන්න දිරිය ලැබේවා! ඒ අපේ අවංක පැතුමයි (නි)
ජනපතිතුමනි, ඔබ විරුද්ධවාදීන් ඇතිකරගන්නේ මොකද? ඔය පස්දෙනා හොඳ තරුණයින් (නි)
අසව් අසව්.... යහපාලන බලු කුක්කන් නැවතත් හඳට බිරීම ආරම්භ කර ඇත.(බ)
අඟේ ඉඳන් කණ කන අය එළවන්න ඕනෑ (නි)
අනේ වරෙන් බණ්ඩෝ යන්න වෙසක් බලන්න ඔය නොදන්නා මගුල් කියවන්නේ නැතුව (බ)
අසාධාරණයෙන් පොහොසත් වන්නට තිබෙන එකම විසඳුම දේශපාලනයයි.රටේ මහා පරිමාණයේ මංකොල්ලයක් වුණාද එතන දේශපාලකයෙක් ඉන්නවාමයි ....... (නි)
ජිවනි , කුජිත මැඩම් දන ගහන එකක් නෑ. රටින් හෙමිහිට මාරු වෙලා එයාගේ රැජින ගාවට යයි. එයා හැමදාම කළේ එ්කනේ.(බ)
වැදගත් වැඩ කරද්දී බාධක හිරිහැර එන එක ස්වාභාවිකයි. අධෛර්ය වෙන්න එපා. ඔය නෑගමන අලුත් අවුරුද්දේ හොඳ ආරම්භයක් වේවායි පතමි. (නි)
මේ අලුත් අවුරුද්දේ තරහා මරහා අමතක කරලා නැවත සමගි වෙන්න (නි)
ජනාධිපතිතුමනි, දැන් වැඩ පටන්ගන්න. ඔබට ජයවේවා! (නි)
කියන්න ඕනෑ කෙනාට කියනවා මිස වෙනත් අයට කියලා වැඩක් නැහැනේ (නි)
ගමන සුබයි. ජය නියතයි (නි)
අනේ පව් එයාලා පස් දෙනා! (නි)
ඔක්කොම එක්ක යන්න නම් තැනක් තිබෙනවා.... (නි)