නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අත් අඩංගුවට ගෙන බද්දේගම උසාවියට ඉදිරිපත් කරන්නැයි කියන නියෝගයක් මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයෙන් කටුනායක ගුවන්තොටුපළ බලධරයනට මින් පැය බාගයකට පෙර බාර දුන්නේය.
ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිට නිකුත් කෙරුණු වරෙන්තුවේ පිටපතක්ද පොලිසිය ගුවන්තොටට බාර දුන්නේය.
පොලිසිය ක්‍රියාත්මකවූයේ මුතුහෙට්ටිගම සිංගප්පූරුවටද ගොස් පැය අට හමාරකට පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන බන්දුල පොරේරා පඬිතුමාගේ මතයත් ඉදිරිපත් කළා නම් හොඳයි. (නි)
මේ රටේ පොලිසිය ගැන හරිම අාඩම්බර වෙනවා. (බ)
අන්න දැක්කද, ඔය කවුරු කොහොම කිව්වත් ලංකාවේ පොලිසියේ කාර්යක්ෂමතාවය පේන්නේ මේ වගේ දේවල් වලින්, එනකොට එයාව අත් අඩංගුවට ගන්න දැන්මම නියෝග යවලත් ඉවරයි (බ)
විශ්වවවිද්‍යාල ළමයි තම අධ්‍යාපන අයිතිය ඉල්ලපු අවස්ථාවේ පොලීසිය ක්‍රියාත්මක වුන අාකාරය සිහිවුනා මට (බ)
එනකොටත් ප්‍රභූ පර්යන්තයෙන් අාවොත් අල්ලයි. (නදී)
මේ රටෙහි පාලන තන්ත්‍රයේ වෙනසක් අවශ්‍ය බව පුන පුනා මිනිසුන්ට සිහි ගන්වන ඇමති තුමන්ලාට ස්තුතියි .... (හේ)
සාමන්‍ය ජනතාව ඔය වගේ වැඩක් කරානම් මේ වෙනකොට කුමක් සිදුවී ඇත්ද?(හේ)
අපේ රට තාම ගල් යුගයේද ඉන්නේ.මෙච්චර දියුණු තාක්ෂණයක් තිබිල මේ හෙට්ටියව අල්ල ගන්න බැරි උනාද ? (බ)
සීලාචාර රටේ නිතිය වල්වැදිලා අැස් අන්ධද කන් බිහිරිද බුදු සර් (බ)
රටක නීතියට ගිය කලක්. මේව ගැන හිතන කොටත් ලැජ්ජයි. (බ)
රටේ නීතිය වල් වැදිලා , එ්ක නිසා තමයි අපි කියන්නේ මේ පාලන ක්‍රමය 08 වැනිදට පරාද කරන්න කියල (බ)
දැන් ඔය ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
රට ගෙන මට හරි ලැජ්ජයි. දේශපාලකයන් රටට කර ඇති තත්වය. දෙනවත් මෙගොල්ලොන්ව ගෙදර යවමු.(හේ)
අවස්ථාවක් ආවාම මිනිස්සු දරු පවුල් අරන් පිටරට යන්නේ මෙහෙව් රටේ යන කළ ගැන දැකල තමයි. (දිල්)
දැන් මේ රටේ පොලිස්පති කියලා කෙනෙක් ඉන්නවද ? දන්නේ නැති හින්ද අහන්නේ .(දිල්)
මේවා අහල පන යන තරමට මටම හිනා (අ)
පොලෝසිය අල්ලයි මගේ (අ)
ඔහොම ගියොත් අපේ දරුවන්ටත් හොද කලක් යයි (අ)
වැඩිපුරම වෙන්නේ ඔය දේ තමයි.(හේ)
ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සුන්ගේ තරාතිරම අනුවයි.මේ ඇමතිතුමා රටින් පිට වුනාට පසුවී නීතිය ක්‍රියාත්මක කරන්නේ.(හේ)
පොඩි මිනිහෙක්ට වරෙන්තුවක් වුණා නම් නේද මාධ්‍ය ප්‍රකාශක තුමෝ බලා ගන්න තිබ්බ කෙලිය . (අ)
මේවා සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගේ වැරදී නොවේ , රජයෙන් පත්කළ ඉහල පොලිස් හෙන්චයන්ගේ වැඩ. රටක නීතියක් උසාවියක අණක් ගරු නොකරන තරමට රට පිරිහිලා .සාමාන්‍ය වැසියකු නම් වෙනස්.(හේ)
ශ්රී ලංකාව ආසියාවේ ආශ්චර්යට ළඟාවේ... (නි)
ආශ්චාර්ය. (නදී)
අපේ පොලිසිය නියමයි. දැන් අපි මේ කොහෙද යන්නේ ? (නදී)
ඔන්න ලංකාවේ දේශපාලකයන්ගේ සාක්කුවේ තියෙන පොලිසිය. (නදී)