
(නිමල් ජයරත්න)
පොලොන්නරුව මනම්පිටිය කොටලිය පාලම අසල නිරන්තරව සිදුවන අනතුරු අවම කරගැනීම එම ස්ථානය සහ ඊට ආසන්න ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය, ඇතුළු අදාළ බලධාරීන් විසින් පියවරගෙන තිබිණි.
ඒ අනුව මෙම ස්ථානයේ පළුදු වී තිබූ මාර්ග සංඥා, අනතුරු සංඥා, පාලන සංඥා, අලුත් වැඩියා කරමින් මනම්පිටිය කොටලීය පටු පාලමට ඇතුළුවන දෙපසින් කුඩා තාරබැමි යොදා රියදුරන්ගේ අධික වේගය අවම කිරීමට පියවර ගෙන ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව ප්‍රධාන ඉංජිනේරු එච්. පී. එල්, චන්ද්‍රතිලක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් ඉකුත් 09 වෙනිද රාත්‍රී 7.40 ට පමණ කොටලිය පාලමෙන් ඔයට පෙරළී සිදුවූ වූ අනතුරෙන් පුද්ගලයන් 11 දෙනෙක් මියගොස් 41 තුවාල සිදුව පොළලොන්නරුව මහරෝහලට ඇතුළත් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පිළිසකර කිරීම් වලට යන මුළු වියදම කීයද? විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු ජීවිත 11 වටිනාකම කීයද? අනාගත රටට හා ලෝකයට සිදුවන අලාභය කීයද? කාටහරි හරියට ගණන් හදන්න පුළුවන්ද?
දැන් ඔය නින්දෙන් අවදි වු ප්‍රධාන ඉංජිනේරුවාවත් හිරේ අරින්න ඕනෑ...
පාර අබලන් නම් රථය හෙමින් ධාවනය කල යුතුයි .බස් එකක් කියන්නේ මේ පාරේ හැමදාම යන එකක් .ඔහු අනිවාර්යයෙන්ම මේක ගැන දන ගත යුතුයි .දැන් බස් එලවන එවුන්ගේ මේ අතේ ෆෝන් එක .අනිත් අතේ සුක්කානම .අනික් පැත්තෙන් ..6,8 බීට් එකට කැසට් එකේ ගොන් බූරු සිංදු
අනතෝ ජටා බහි ජටා !!
අන්තිමට මේ වගේ සිද්ධියක වැරැදිකාරයෙක් හොයාගන්න බැහැ. වැරැදිකාරයා වෙන්නේ බසයේ ගිය මියගිය හා තුවාල ලැබූ මගීන්ය. මේ සිද්ධිය පමණක් නොව, ලංකාවේ අනිත් ඔක්කොම සිද්ධිත් මේ ලෙසමය.