IMG-LOGO

අවිස්සාවේල්ල රෝහල පෙර සූදානමින්

සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට අතිරේක ගිලන් රථ 18ක් යොමු කර ඇතැයිද සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සූදානමින් තබා ඇතැයි ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.

ගින්නෙන් තුවාල ලබා හෝ අනතුරට පත්ව පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවට සියලු රෝහල් සූදානම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියයි. සිදුවීම දැනගත් විගස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

කරවනැල්ල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ අවට සියලු රෝහල් හදිසි තත්ත්වයක් වෙනුවෙන් සූදානම් කොට ඇති බවත් අතිරේක වෛද්‍ය කණ්ඩායම් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල රත්නපුර රෝහලින් සහ අවට රෝහල්වලින් මේ වන විටත් යොමු කර ඇතැයිද මහීපාල මහතා සඳහන් කරයි.



අදහස් (0)

අවිස්සාවේල්ල රෝහල පෙර සූදානමින්

ටෙරන්ස් Monday, 06 June 2016 09:15 AM

කිසිවෙකුට විපතක් නොවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site