IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘අවසන් සටනේ තීරණ ඉක්මවූ අයට දඬුවම් දිය යුතුයි‘

කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනේදී හමුදාව සිවිල් ජනතාව ඝාතනය කරන හෝ ඉලක්ක කරන තීරණයක නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ විශ්වාස කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (8) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම තීරණ ඉක්මවා ගොස් කවරකු හෝ ක්‍රියාකර ඇත්නම් එයට දඬුවම් පැමිණවිය යුතු බවද ශ්‍රීලනිපයේ මතය බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සම්මත වූ යෝජනාවට කරුණානිධි හා ජයලලිතා විරෝධය පළ කරන්නේ එය ලංකාවට වාසි සහගත බැවින් යැයිද අමාත්‍යවරයා කීවේය.

webslfp_201510877

 



අදහස් (0)

‘අවසන් සටනේ තීරණ ඉක්මවූ අයට දඬුවම් දිය යුතුයි‘

රසල් හේමන්ත Friday, 09 October 2015 05:34 AM

දිලිප් වික්‍රමරත්න මම අගය කරනවා ඔබගේ ප්‍රකාශය ඒ කථාව 100% ක් ඇත්ත (බ)

:       0       0

නිමල් Friday, 09 October 2015 06:09 AM

කොහොමද මන්දා මෙහෙම කතාවක් කිවුවේ? (නි)

:       0       0

නිර්මල Thursday, 08 October 2015 06:02 PM

දැන් එහෙම තීරණ ඉක්මවූ අයත් ඉන්නවද? (නි)

:       0       0

සිරි Thursday, 08 October 2015 06:12 PM

සාධාරණයක් කරන්න අපේ ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නිහාල් Thursday, 08 October 2015 06:15 PM

අපේ හමුදාවට නම් අසාධාරණයක් කරන්න එපා (නි)

:       0       0

නුවන් Thursday, 08 October 2015 07:00 PM

සාධාරණ කතාවක් (නි)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 10:57 PM

රණවිරු කඩතුරාවට මුවාවෙලා කාටවත් යුද අපරාධ කරන්න අයිතියක් නැහැ. යුද්ධය කරන ගමන් (දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන) මුදලුත් හොයන ආදර්ශය දුන්නේ රටේ හිටපු සමහරු තමයි. මේ නිසාම නොමඟ ගිය නිලධාරීන් පිරිසකුත් හිටපු බව අමතක කරන්න හොඳ නැහැ. එහෙත් කැකිල්ලේ තීන්දු වලින් ප්‍රශ්න විසඳන්න බැහැ (නි)

:       0       0

සිරි Thursday, 08 October 2015 11:24 PM

ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිවෙකුට පාර්ලිමේන්තු යන්නවත්,ඇමතිකම් ගන්නවත්, කතාකරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැහැ කියලයි අපි නම් හිතන්නේ. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 09 October 2015 12:42 AM

අපි ජාතියක් හැටියට කොයිතරම් ලැජ්ජා වියයුතුද? තම ජීවිතය අප දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපකළ ඒ උදාර මිනිසුන්ට කරන මේ අගෞරවය පිළිබදව.මම පෞද්ගලිකව දන්නවා යුද්ධයේ අවසන් දවස් කීපයේ අපේ සොල්දාදදුවෝ තව දවස් කීපයකින් මේ යුද්ධය දිනන බව දැන දැනම, ඉදිරියට ගිහිල්ලා කොටින්ගේ පස් බැමි කඩලා මිනිසුන්ව නිදහස් කරගත් හැටි. තමන්ගේ ජීවිත තමන් නොහඳුනන ඒ දෙමල මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් පුජාකරපු හැටි.ඔවුන්ට මිනිසුන්ව මරන්න උවමනාවක් තිබුණා නම්, බොහොම පහසුවෙන් උඩින් බෝම්බ දාලා ඒ යුදමුක්ත බිම් තීරුවම පැය කීපයකින් නිදහස් කරගන්න තිබුණා. එහෙම නොකර තම ජීවිත පුජාකරපු, මිනිසුන්ටයි අපි මේ අභූත චෝදනා නඟන්නේ. (නි)

:       0       0

දිනේෂ් Friday, 09 October 2015 01:03 AM

නාමල්, ඔබතුමාත් ඔය පැරදුනත් දිනන ඇමති ගොඩටම යන්න. කොටින් නෙවෙයි ප්‍රශ්නය හමුදාවනේ. තව හයියෙන් කියන්න. ඔයාටත් ඇමතිකමක් දෙයි (නි)

:       0       0

යසිරු Friday, 09 October 2015 01:20 AM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ඇසළ Thursday, 08 October 2015 01:42 PM

මුන් ඔක්කොම කටෙන් නෙමෙයි කතා කරන්නේ (බ)

:       0       0

රාජා Friday, 09 October 2015 01:43 AM

ඇසළගේ කතාව හරියට හරි. (නි)

:       0       0

කැප්පෙටිපොළ Friday, 09 October 2015 02:05 AM

අපිට බණ කියන ඇමෙරිකාව මොන අපරාධ කළත් තමන්ගේ හමුදාව පාවා දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. (නි)

:       0       0

නිමල්ලලිත් Thursday, 08 October 2015 02:09 PM

අවසන් සටන කල හැටි දන්නේ එම සටනට සහභාගි වු රණ විරුවන් මිස, කොටි ත්‍රස්තවාදයට කත් අදින්නවුන් නොවේ. (ර)

:       0       0

නුවන් Friday, 09 October 2015 02:41 AM

ආයෙත් යුද්ධයක් ඇතිවුණා නම් කාට කාටත් හමුදාව මතක්වෙයි (නි)

:       0       0

පාල Friday, 09 October 2015 02:41 AM

මහින්දට පින්සිද්ධ වෙන්න දේශපාලනය කරන් රටක් හරි දැන් තියෙනවා. (නි)

:       0       0

ජනක Friday, 09 October 2015 03:42 AM

මේ වාගේ සමාජයක නැවත නොඉපදේවා! (නි)

:       0       0

කිත්සිරි Friday, 09 October 2015 03:47 AM

මුල අමතක කරන එක නම් බොහොම නරකයි (නි)

:       0       0

සංජිව Friday, 09 October 2015 06:57 PM

නාමල්, අපේ හමුදාව කරපුවා ගැන හොයන්න කියන්න කලින් ප්‍රභාකරන්ගේ සුන්දර ක්ලේමෝ එකක අසුන්දර අත්දැකීම ඔබව විඳින්නට නොවීම ගැන මගේ සාතිශය සංවේගය! (නි)

:       0       0

නාමල් Thursday, 08 October 2015 03:28 PM

අනිවාර්‍යෙන්ම... හමුදා බලයට මුවාවෙලා යුද අපරාද කරපු සුලු පිරිසක් හමුදාවේ ඉන්නවා... ඔවුන් නිසා තමා මේ ඔක්කොම ප්‍රශ්න (හේ)

:       0       0

දුමින්ද Thursday, 08 October 2015 10:33 AM

එතකොට අවසන් සටන කළේ හමුදාව නොවේද .............. (ම)

:       0       0

ජෝන් Thursday, 08 October 2015 04:59 PM

වසර 30ක් ඉවර කරන්න බැරිවුණ යුද්ධය කවුරුහරි ඉවර කරලා හැම මිනිහෙකුටම පාරේ බැහැලා යන්න හදලා දීපු මිනිසුන්ට දඬුවම් දෙන්න කියලා සැරසෙනවා. අද මෙහෙම කතා කරන්න හම්බවෙන්නේත් නැහැ ඕක ඉවර කරලා දුන්නේ නැත්තම්. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 04:52 AM

වියට්නාම් යුද්ධයේදී ඇමරිකාවත්, 1818 සහ 1848 දී උඩරට ගම්බිම් සහ තරුණයින් තොග පිටින් මරා එංගලන්ත සුද්දන් මානව හිමිකම් රැකපු අයුරුත් ඉතිහාසයෙන් මැකී නැත. නමුත් සිංහල හිතකින් සිතා මානව අයිතිවාසිකම් කඩකිරීම් වෙතොත් එය නිවැරදියි කීම සදාචාරසම්පන්න නැත. (බ)

:       0       0

නදීකා Thursday, 08 October 2015 05:01 PM

මේ හැමදේටම මුල මුල අමතකවීම (නි)

:       0       0

සුජිත් ප්‍රනාන්දු Friday, 09 October 2015 04:54 AM

අපි අද නිදහසේ ඉන්න එක මුන්ට අමතක වුනේ කොහොමද කබරගොයා තලගොයා කරගෙන කන උන් ජනාධිපති තුමනි මුන්ගෙන් පරිස්සම් වෙන්න (බ)

:       0       0

අප්පුහාමි Thursday, 08 October 2015 05:05 PM

දැන් මහජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)

:       0       0

ශානක Thursday, 08 October 2015 05:13 PM

අනේ මන්දා මොනවා වෙනවද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site