කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනේදී හමුදාව සිවිල් ජනතාව ඝාතනය කරන හෝ ඉලක්ක කරන තීරණයක නොසිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරයේ විශ්වාස කරන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (8) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එම තීරණ ඉක්මවා ගොස් කවරකු හෝ ක්‍රියාකර ඇත්නම් එයට දඬුවම් පැමිණවිය යුතු බවද ශ්‍රීලනිපයේ මතය බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සම්මත වූ යෝජනාවට කරුණානිධි හා ජයලලිතා විරෝධය පළ කරන්නේ එය ලංකාවට වාසි සහගත බැවින් යැයිද අමාත්‍යවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිප් වික්‍රමරත්න මම අගය කරනවා ඔබගේ ප්‍රකාශය ඒ කථාව 100% ක් ඇත්ත (බ)
කොහොමද මන්දා මෙහෙම කතාවක් කිවුවේ? (නි)
දැන් එහෙම තීරණ ඉක්මවූ අයත් ඉන්නවද? (නි)
සාධාරණයක් කරන්න අපේ ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා! (නි)
අපේ හමුදාවට නම් අසාධාරණයක් කරන්න එපා (නි)
සාධාරණ කතාවක් (නි)
රණවිරු කඩතුරාවට මුවාවෙලා කාටවත් යුද අපරාධ කරන්න අයිතියක් නැහැ. යුද්ධය කරන ගමන් (දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන) මුදලුත් හොයන ආදර්ශය දුන්නේ රටේ හිටපු සමහරු තමයි. මේ නිසාම නොමඟ ගිය නිලධාරීන් පිරිසකුත් හිටපු බව අමතක කරන්න හොඳ නැහැ. එහෙත් කැකිල්ලේ තීන්දු වලින් ප්‍රශ්න විසඳන්න බැහැ (නි)
ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිවෙකුට පාර්ලිමේන්තු යන්නවත්,ඇමතිකම් ගන්නවත්, කතාකරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැහැ කියලයි අපි නම් හිතන්නේ. (නි)
අපි ජාතියක් හැටියට කොයිතරම් ලැජ්ජා වියයුතුද? තම ජීවිතය අප දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපකළ ඒ උදාර මිනිසුන්ට කරන මේ අගෞරවය පිළිබදව.මම පෞද්ගලිකව දන්නවා යුද්ධයේ අවසන් දවස් කීපයේ අපේ සොල්දාදදුවෝ තව දවස් කීපයකින් මේ යුද්ධය දිනන බව දැන දැනම, ඉදිරියට ගිහිල්ලා කොටින්ගේ පස් බැමි කඩලා මිනිසුන්ව නිදහස් කරගත් හැටි. තමන්ගේ ජීවිත තමන් නොහඳුනන ඒ දෙමල මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් පුජාකරපු හැටි.ඔවුන්ට මිනිසුන්ව මරන්න උවමනාවක් තිබුණා නම්, බොහොම පහසුවෙන් උඩින් බෝම්බ දාලා ඒ යුදමුක්ත බිම් තීරුවම පැය කීපයකින් නිදහස් කරගන්න තිබුණා. එහෙම නොකර තම ජීවිත පුජාකරපු, මිනිසුන්ටයි අපි මේ අභූත චෝදනා නඟන්නේ. (නි)
නාමල්, ඔබතුමාත් ඔය පැරදුනත් දිනන ඇමති ගොඩටම යන්න. කොටින් නෙවෙයි ප්‍රශ්නය හමුදාවනේ. තව හයියෙන් කියන්න. ඔයාටත් ඇමතිකමක් දෙයි (නි)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මුන් ඔක්කොම කටෙන් නෙමෙයි කතා කරන්නේ (බ)
ඇසළගේ කතාව හරියට හරි. (නි)
අපිට බණ කියන ඇමෙරිකාව මොන අපරාධ කළත් තමන්ගේ හමුදාව පාවා දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. (නි)
අවසන් සටන කල හැටි දන්නේ එම සටනට සහභාගි වු රණ විරුවන් මිස, කොටි ත්‍රස්තවාදයට කත් අදින්නවුන් නොවේ. (ර)
ආයෙත් යුද්ධයක් ඇතිවුණා නම් කාට කාටත් හමුදාව මතක්වෙයි (නි)
මහින්දට පින්සිද්ධ වෙන්න දේශපාලනය කරන් රටක් හරි දැන් තියෙනවා. (නි)
මේ වාගේ සමාජයක නැවත නොඉපදේවා! (නි)
මුල අමතක කරන එක නම් බොහොම නරකයි (නි)
නාමල්, අපේ හමුදාව කරපුවා ගැන හොයන්න කියන්න කලින් ප්‍රභාකරන්ගේ සුන්දර ක්ලේමෝ එකක අසුන්දර අත්දැකීම ඔබව විඳින්නට නොවීම ගැන මගේ සාතිශය සංවේගය! (නි)
අනිවාර්‍යෙන්ම... හමුදා බලයට මුවාවෙලා යුද අපරාද කරපු සුලු පිරිසක් හමුදාවේ ඉන්නවා... ඔවුන් නිසා තමා මේ ඔක්කොම ප්‍රශ්න (හේ)
එතකොට අවසන් සටන කළේ හමුදාව නොවේද .............. (ම)
වසර 30ක් ඉවර කරන්න බැරිවුණ යුද්ධය කවුරුහරි ඉවර කරලා හැම මිනිහෙකුටම පාරේ බැහැලා යන්න හදලා දීපු මිනිසුන්ට දඬුවම් දෙන්න කියලා සැරසෙනවා. අද මෙහෙම කතා කරන්න හම්බවෙන්නේත් නැහැ ඕක ඉවර කරලා දුන්නේ නැත්තම්. (නි)
වියට්නාම් යුද්ධයේදී ඇමරිකාවත්, 1818 සහ 1848 දී උඩරට ගම්බිම් සහ තරුණයින් තොග පිටින් මරා එංගලන්ත සුද්දන් මානව හිමිකම් රැකපු අයුරුත් ඉතිහාසයෙන් මැකී නැත. නමුත් සිංහල හිතකින් සිතා මානව අයිතිවාසිකම් කඩකිරීම් වෙතොත් එය නිවැරදියි කීම සදාචාරසම්පන්න නැත. (බ)
මේ හැමදේටම මුල මුල අමතකවීම (නි)
අපි අද නිදහසේ ඉන්න එක මුන්ට අමතක වුනේ කොහොමද කබරගොයා තලගොයා කරගෙන කන උන් ජනාධිපති තුමනි මුන්ගෙන් පරිස්සම් වෙන්න (බ)
දැන් මහජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)
අනේ මන්දා මොනවා වෙනවද කියලා (නි)