අවශ්‍ය වුවහොත් එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරණ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැල්ල තවදුරටත් පාලනය කරගැනීමට හා අපරාධකරුවන්ගෙන් ජනතාව බේරාගැනීම සඳහා මෙවැනි තීරණයක් ගැනීමට නොපැකිලෙන බව ද ඔහු කියා සිටියේය. එල්ලුම්ගසට නියම වූ වරදකරුවන් දහසකට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව සිටින බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලි මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා. එල්ලුම්ගහට යන්ඩ අකමැති අය වැරදි නොකර ඉදිවී. එහෙම තමයි අපරාද අඩු වෙන්නේ. (නදී)
පොල් ගස් නැගල පොල් කඩන රා මදින අපිට මෝල් ගහෙන් බැත හදන අපේ මායියන්ට එල්ලුම් ගහත් ගහක්ද අප්පුහාමි. කෙරෙන වැඩක් ගැන කතා කරන්නකෝ. අර උසාවියට ලොක්කෙක් පත් කොරන්න අස් කොරන්න ඔච්චර අමාරු නම් ඔය කොළ නැති ගහ මොන බොරුවක්ද. ඔන්‍න බබෝ බිල්ලා එනවා. අඩන ළමයි අල්ලන් යනවා කිව්වට මම අම්මටවත් බය උනේ නැහැ. (නදී)
ඇමතිතුමනි , තීරණයක් ගන්න පිටකොන්ද පන මදීද? (නදී)
මරණ දඩුවම නියම වෙච්ච කී දෙනෙක් හිරගෙවල්වල ඉන්නවද? (නදී)
මරණීය දඩුවම නියම කරන්නේ නඩුකාරවරු මිස ඔබතුමා නොවේ. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ප්‍රමාද නොකර. (නදී)
තීරණයක් ගන්න ශක්තියක් නැත්නම් අමාතංශය ජනරාල් සරත් ෆොන්සේකාට බාරදෙන්න. (නදී)
ත්‍රිවිධ හමුදාවත්, පොලිස් දෙපාර්තමේන්තුවත් ජනරාල් සරත් ෆොන්සේකාට බාරදෙන්න. එල්ලුගහ අවශ්‍ය නැහැ.(හේ)
ඔබලාගේ අරමුණ අපට ඉතා පැහැදිලියි.(හේ)
අවශ්‍යනම් නෙවෙයි ඇමතිතුමනි අවශ්‍යයි. වහාම ක්‍රියාත්මක කරන්න.(හේ)
එ්කේ ඉස්සල්ලම එල්ලන්න වෙන්නේ දේශපාලුවෝ තමයි. (නදී)
කාලීනව අනිවාර්යෙන්ම කරන්න ඕනි දෙයක්. පක්ෂ පාට බලන්නේ නැතුව හරියට ක්‍රියාත්මක කරන්න. (නදී)
කරුණාකර ක්‍රියාත්මක කරන්න. රටේ අවශ්‍යතාවයක් මේක දැන් (නදී)
එල්ලුම් ගහ නීතිය ක්‍රියාත්මක කළ විට නඩුකාරතුමා දඩුවම ක්‍රියාත්මක කළ යුතු දිනය නියම කළ යුතුයි.නැවත සමාව දීමට ජනාධිපති තුමාට ඇති අයිතිය අහෝසිකළ යුතුයි.(දිල්)
පෙබරවාරි අවසානයට පෙර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න (දිල්)
අපිට ඕනේ තීරණ ගන්න හැකියාවක් තියන පිටකොන්ද පණ ඇති ඇමතිවරු.(දිල්)
එල්ලුම් ගහ ගේන්නම ඕනේ නැහැ. මට මතකයි බන්දනාගාර රෝහලට රාජකාරි අවශ්‍යතාවයකට ගිය වෙලාවේ එවකට චන්ද්‍රිකා මැතිනියගේ රජය එල්ලුම් ගහට අවශ්‍ය ලනුව පකිස්තානයෙන් ආනයනය කරල කියන පණිවිඩයට අසනීප උන හිර කාරයින්ගෙන් රෝහල් වාට්ටුව පිරිලා තිබ්බ ආකාරය. දැන් මිනිස්සු දන්නවා මොනවා කලත් තමන්ට එලියට යන්න ලැබෙන බව. එක්කෙනෙක් එල්ලුව නම් මිනිස්සුන්ගේ ඔය කියන ක්ෂණික කේන්තියි අනික් අපරාදැයි අගේට අඩු වෙයි. (නදී)
අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්. ඔබතුමා මේ දෙය කළොත් හොඳ ශ්‍රී ලංකාවක් බිහි වෙනවා සිකුරුයි. මේ වගේ තීරණයක් ගන්න ජනාධිපති තුමාගේ ආශිර්වාදය ලැබෙනවා අනිවාර්යෙන්ම ජයවේවා.(දිල්)
අනිවාර්යෙන්ම ජාතික අවශ්‍යතාවක්. කලොත් මගේ ඡන්ද අයිතිය තියන තාක් ඡන්දය ඔබ තුමන්ට දෙනවා. (නදී)
අනිවාර්යෙන්ම කල යුතු දෙයක්. අවශ්‍ය නම් ජනමත විචාරණයක් තියල ජනතාවගේ කැමැත්ත අනුව තීරණයක් ගන්න පුළුවන්. ඕකට මානව හිමිකම් කියාගෙන බොරුවට දගලන පගර නැට්ටෝ හරස් වෙන්න පුළුවන්. ඒත් මෙච්චර අපරාද වුන රටේ ඔවුන් මොනවද ගත්ත පියවරවල්. ඒ නිසා එල්ලුම් ගස ගෙනාවොත් අපරාද රැල්ල අඩුවෙනවා ඒකාන්තයි (නදී)
අනිවාර්යෙන් රසිකා ඔබගේ කතාවට මමත් එකගයි. (නදී)
රසිකා...ඇත්තටම ඔබගේ අදහසට මමත් එකගයි. (නදී)
හොඳ අදහසක්. රටේ තරුණ පරපුර විනාශ කරමින් ශ්‍රී ලංකා වාසීන්ගේ අනාගතය අදුරු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට වැඩිය කොයින්ද තවත් ත්‍රස්තවාදීන් (නදී)
අප රටේ සිදුවන බොහෝ අපරාද අඩුම කර ගන්නට නම් එල්ලුම් ගහ යලි ක්‍රියාත්මක කරන්න (නදී)
ඇත්තටම මමත් එකඟයි හැම ආණ්ඩුවක්ම බලයට පත්වුණා ගමන් කියනවා තමයි නමුත් එයට බාලගිරි දෝෂය (නදී)
එල්ලුම් ගහ ගෙනල්ලා දරුණුම අපරාධකාරයෝ තුන් දෙනෙක්ව එල්ලන්න. රටේ ලොකු වෙනසක් වෙයි. (නදී)
මේ රටේ ජනතාවගේ ඇති මහත් බහුතරය බොහෝ කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරන දෙයක්. රේණුකා කී සියල්ල නිවැරදියි. අවශ්‍ය උනොත් වගේ බොරු මාධ්‍ය සංදර්ශන නැතිව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට රටේ සිදුවුණා හා සිදුවන අපරාධ හොඳටම වැඩියි. ලොකුම කුඩු කාරයෝ ටික ඉස්සරලම එල්ලන්න. පාතාල නායකයෝ ස්ත්‍රී දූෂකයෝ ඊළඟට පේලියේ තියන්න. (නදී)
ජනතා දේපල වංචා කල අයටත් මරණ දඬුවම දෙන්න නව නීතිත් සකස් කරන්න. (නදී)
හොඳම හොද අදහසක් මට නම් හරිම සතුටුයි. අනේ ඔබ තුමන්ට පින්සිද්ද වෙනවා දැන් රට වටේ මිනීමරුවන් එන්න එන්න වැඩිවෙනවා. මගේ රත්තරන් පියත් මල්ලිත් මරපු මිනීමරුවන් අපේ ගමේ සතුටින් ජීවත්වෙනවා අම්මත් අපිත් දවසින් දවස මැරී මැරී උපදිනවා අහසට දුක කියනවා. මෙතැනදී හරියට නිතිය කළා නම් අද මිනීමරුවන් හිරේ අපිට මේ දුන්න දුක් ගින්දර වෙන කාටවත් අත් නොවේවා. එල්ලුම්ගහ ඔනෙමයි. එහෙම නැති උනොත් රටේ පව්කාරයෝ වැඩිවෙනවා අනිවාර්යෙන්. (නදී)
මිට වඩා තව මොනවද මිනි මරුවන්ට දෙන්නම ඕනි. ළමා දුෂකයෝ ගැහැණු දුෂකයෝ (ස්ත්‍රී දුෂකයෝ) මත් ද්‍රව්‍ය කාරයන්ට (නදී)
මෙයාල ඕක කලොත් බටහිරින් ඉර පායයි. පසු ගිය රජය පෙරලන්න ඇමෙරිකානු සහ බටහිර රටවල් වල තානාපති කාර්යාල වල ක්‍රියාකාරි දායකත්වය දුන් බව දන්නා අයට මේ කොළ කඩා පෑම දැක්කම අධෝ මුකයෙනුත් හිනා යනවා. එල්ලුන් ගහ කොහොම වෙතත් ආයේ ආයුධ පෙන්නන්නවත් කාවවත් ගෙනියන්න ලැබෙන්නේ නැහැ. (නදී)
කරන්නම ඕන වැඩක් (නදී)
මම කියන්නේ අහිංසක ළමයි දූෂණය කරන තිරිසන්නු එල්ලලා මරන්න එක තමයි රටට කරන ලොකුම සේවය (නදී)
මෙය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. කරුණාකර ජනමත විචාරණයකින් හෝ, මෙම නීතිය ක්‍රියාවට නංවන්න. (නදී)
රසිකා ඔයාගේ අදහසට ඒකාන්තයෙන්ම මමත් එකගයි (නදී)
ඇමතිතුමනි එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න . (හේ)
මෙය කාලයේ අවශයත්වයක්. ක්‍රියාත්මක කළ යුතුයි (නදී)
ජනමත විචාරණයක් තිබ්බොතින් අනිවාර්යයෙන්ම දිනනවා. මරණ දඬුවම නැතුව ලංකාව විනය ගරුක රටක් කරන්න බැහැ. වැඩියම වැරදි කරන්නේ බෞද්ද අය. ඔප්පුවෙලා තියනවා බන කියල හදන්න බැරි මිනිස්සු ගොඩාක් ලංකාවේ ඉන්නබව. (නදී)
තව මිනිහෙක්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරපු මිනිහෙක්ව ජනතාවගේ බදු මුදලින් තවදුරටත් ජීවත් කරන්න අවශ්‍ය නැහැ. (නදී)
රසිකා, ඔබේ අදහසට මාත් එකගවෙනවා. (නදී)
කරනවා නම් නියම වැඩේ. (නදී)
රටට අවශ්‍ය දෙයක් මමත් කැමතියි (නදී)
අවශ්‍ය කම එදා ඉඳලම තිබුන නමුත් අද අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා. දැන් දැන් තව ගොඩාක් අය පෝලිමට එන්න ඉන්නවා.(නදී)
නියමයි මගේ ශ්‍රී ලංකාව (නදී)
මේ අපරාධ රැල්ල නවත්වන්න අනිවාර්යෙන්ම මේක ක්‍රියාත්මක කරන්න ඕනා (නදී)
මේ එල්ලුම් ගහ 80 දශකයේ ඉදළ තිබුණා නම් මගේ තාත්තාත් මල්ලිත් අදත් ජීවත්වෙනවා. (නදී)
හොද අදහසක් මුලින්ම කුඩු ගෙනත් විකුණන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් හා ගංජා විකුණන කනිෂ්ට පොලිස් නිලධාරීන්ගෙන් පටන් ගන්න ඕනේ (නදී)
අන්න කරනවා නම් නියම වැඩ (නදී)
අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. ඔබ තුමාගේ තීරණයට ස්තුතියි (නදී)
රටේ ඉන්න අහිංසක තරුණ තරුණියන් මරන්න හදාපු විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියයි ඕකටත් (නදී)
මෙතුමාට නැගලා වගේ. ඔය කිව්වට ගොරවන තරමට වහින්නේ නැතෝ. නොකෙරෙන දිගෙට කෝදුරු තෙල් කුප්පියකුත් හොයන්න වේවි. (නදී)
කරුණාකර නිතිය අකුරටම කරන්න (නදී)
මෙතෙක් ඝාතනය කරපු පවුල් සහ මිනිස්සු ගණන මදිද එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ? (නදී)
අපි අවුරුදු ගානක් බලන් ඉන්නවා මේක ගේනකම්. තවත් තටමන්නේ නැතුව ගේන්න. එතකොට සුදු වෑන් ඕනේ වෙන්නේ නැහැ (නදී)
අායෙත් අහනවා අවශ්‍ය නම් කියාගෙන, ඕක වහාම ක්‍රියාත්මක කරන්න. මතක නේ තංගල්ල උන සිදුවීම. වීදේශ පෙම්වතාව මරලා, එයාගේ වීදේශ පෙම්වතිය සමුහ දුෂණය කරපු කෙනාට දුන්න දඩුවම අවුරුදු 20 යි. (නදී)
රසිකා, ඔයාව එල්ලුන් ගහට යවන්න හැදුවොත් ඔයා මොකද කරන්නේ? (නදී)
එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට පෙර රටේ දැනට තිබෙන නීතිය හරියට ක්‍රියාත්මක කලොත් බොහෝ අපරාධ අඩුකර ගත හැකි බව මගේ හැඟීමයි. එල්ලුම් ගස ක්‍රියාත්මක වන රටවලත් අපරාධ සිදු වේ. ඒවා සම්පුර්ණයෙන්ම මැඬලිය නොහැක. (නදී)
එල්ලුම් ගහ ගේනවා කියල හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම ගේන්න ඕනේ. පුලුවන්නම් අරාබියේ වගේ ප්‍රසිද්දියේ එල්ලන්න ඕනේ. (නදී)