අවුරුදු සමයේ අළෙවි කිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගෙන ආ හාන්ස් මත් කුඩු පැකට් 600 ක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 128 දරණ ගුවන් යානයෙන් පැමිණ ඇති බව කියන සැකකරු පිළිබඳ ඇති වු සැකයක් මත පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කරද්දී එහි තිබී මෙම මත්කුඩු පැකට් සොයාගෙන ඇත.
අත් අඩංගුවට ගනු ලැබු මත් කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් අටකි.
සැකකරුගේ ගමන් මල්ලේ රෙදි අතර ඉතා සුක්ෂම ලෙස මේවා සඟවා තිබූ බව පොලීසිය කියයි.
සැකකරු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හාන්ස් කියනා මත්බෙහෙත් බීලා අපේ සිංහලයන් සදහටම හාන්සිවෙන්නත් ඉඩතිබෙනවා.මොවුන්ට උපරිම දඬුවම් ලබාදෙන්න (නි)
හැරිස් කියපු දේ හරි. (නි)
සාමාන්‍ය මිනිස්සු වන අපි මොනවා කරන්නද? නිදහස ගත්ත දා සිට රටට ආදරේ නැති, පොදු ජනතාව ගැන අනුකම්පාවක් නැති පවුල් වාදයට තැන දෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වේත් ජනතාවනේ. (බ)
අපේ ජාතිය වක්‍රව අතුගාල දාන මේවගේ ඒවාට කවුරුත් කිසි සද්දයක් නෑ. එතනෝල් නාන්න ගේනවා එකෙක් හ්ම් කිව්වේ නෑ.. මර්ධනය කරන්න කියල එලියට අරින්නේත් නෑ.. විෂ වර්ග කෑමට එකතු කරා... බෙහෙත් මාෆියාවක් ගෙනිච්ඡා.. ජාතික ගීය දෙමලෙන් කිව්වොත්.. කවුරුහරි දේශපාලුවෙක් එලියට දැම්මොත්.. හරී කැක්කුමයි. (නදී)
හාන්ස් කියන්නේ, අර අහවල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා නේද ? (නදී)
පවුල් ඒකකය වැනසෙන මේ වගේ ක්‍රියා සුළු කොට හිතන්න බෑ. වැනසුණු පවුල් ඒකක සමුහයක් කියන්නේ වැනසුණු ජාතියක්. එලියට බැහපියවූ, අපේ මුලික අවශ්‍යතා වල සුරක්ෂිතතාව තහවුරු කරන්න කියලා. ආහාර, බෙහෙත්, අද්‍යාපනය, ස්වාභාවික පරිසරය, ධර්මය, නීතිය, රස්සාව, ඕනනං වයි ෆයි ත් එකතු කර ගනිල්ලා. (නදී)
විකී 2015-04-13 06:00:54 , සහතික ඇත්ත , ස්තුතියි ඔබේ අදහසට (බ)
හාන්ස් කියන්නෙ දුම්කොල කුඩු පෑකට් එකක්. දුම්කොල කියන්නෙ මත්කුඩු නම් සිගරට් තහනම් කරන්න වෙනවනෙ? (බ)
කොහොමද මේ මිනිසුන්ට වීසා දුන්නේ? ඉන්දියානුවන්ට වීසා නැතුව රට ඇතුළට ඕනෑ වෙලාවක එන්න ඉඩදෙන අර ගිවිසුමට නම් මිනිසුනේ, කොහොමටවත් ඉඩදෙන්න එපා. ඕනෑ ඕනෑ විදියට අපේ රටේ ස්වෛරීයත්වයට හානිකරන්න කාටවත් බැහැ. මේ රටේ අයිතිය මේ රටේ උපන් අපි හැමගෙමයි (නි)
විකී ඔයාට මතක නැද්ද පසුගිය රජයේ කුඩු එනතොල් ගංජා මෙකි නොකී හැමදෙයක්ම කන්ටේනර් පිටින් අවා ඒවාට පහසුකම් සැපුවේ හිටපු ඇමති මන්ත්‍රී වරු නේද අද බස්නාහිර පළාතේ කුඩු හිගයක් තියෙනවා එයට හේතුව ඉල්ලුම සහ සැපයුමේ ලොකු අර්බුදයක් ඇතිබවයි ඒ කියන්නේ වර්තමාන රජය හොද මර්දනයක් කරගෙන යන බව නේද ? (නදී)
ඔව් සිරිසේකර මටත් මතක් උනා. ලංකාවේ ලොකුම වැටුප ගන්නේ මෙයානේ. (නදී)
මොනවද ඔය කියන මත්ද්‍රව්‍ය වර්ගය? (නි)
මත්කුඩු රට ඇතුළට ගෙනෙන කිසිවෙකුට කිසිම සමාවක් නොදිය යුතුය. (නි)
විකි, ඔයා මට කියන්න ඕනෑවෙලා තිබුණ ඒවා ඔක්කොම කියලනේ. විශේෂයෙන්ම හොරුන් ආරක්ෂා කිරීම සඳහා සමහරු ජාතිවාදයේ පිහිට පතන හැටි, ආගම්වාදයේ පිහිට පතන හැටි දැක්කහම ඉතින් කියලා වැඩක් නැහැ. ඔයාගේ අදහස් වලට මම එකඟ වෙනවා. (නි)
නොදන්නා දේවල් කථාකරන්න එපා රූපවතී. ඉන්දියානුවන්ට රාජපක්ෂ කාලෙත් වීසා නැතුව ලංකාවට එන්න පුලුවන්. අනෙක් අතට වීසා අරගෙනත් හොරබඩු ගෙනෙන අය ඉන්නේ! උදාහරණයකට පාකිස්තානුවන්ට ලංකාවට එන්න වීසා ඕනෑ. නමුත් පාකිස්තානුවන් කුඩු ගේන්නේ නැද්ද? (නි)
හාන්ස් මහත්තය එතුමා පිට රට ඉගෙන ගන්න කාලේ එහෙ අය කතා කරපු නමම මෙහෙදී පාවිච්චි කළාට , එතුමාගේ හංස කියන ඇත්ත නම භාවිත කරවී දැන් .මොකද එතුමා වගේ ආචාර්ය උපාධියක් සහිත දක්ෂ ගරු කටයුතු මනුස්සයෙක් මත් ද්‍රව්‍යක නමක් භාවිත කරන්න කැමති වෙන එකක් නැහැ (බ)
මහා පරිමාණයෙන් ගෙනා කුඩු කන්ටේනර් එකගැන මතක්වුණා.ඒ කාලෙත් මතක්වුණා.ඒත් කුඩු කන්ටේනර් එකට වෙච්ච දේ ගැන මතකයක් නැති එකනේ වැඩේ.(නි)
විකීට විතරයි රට ගැන කැක්කුමක් තිබෙන්නේ. හුඟක් දෙනා අදහස් දාන්නේ තමුන් සහයෝගය දෙන දේශපාලුවට වාසියක් ලබාදෙන්න. (නි)