රුපියල් එක්කෝටි හැට නම ලක්ෂ අනු දහස් තුන්සීයක් වටිනා රන් කැබැලි 34 ක් ඉන්දියාවේ චෙන්නායි නුවරට ගෙන යාමට උත්සහ කළ ඉන්දියා ජාතික තරුණයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
අත් අඩංගුවට ගත් රන් කැබලි වල බර කිලෝග්‍රෑම් 3.399 න
ඔහු ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 002 දරණ ගුවන්යානයෙන් චෙන්නායි බලා යාමට පැමිණ සිටියදී ගුවන්තොටුපල ආරක්ෂක අංශය විසින් අල්ලා රේගුවට බාර දී ඇත.
සැකකරු තම ගමන් මල්ලේ මෙම රන් කැබලි සගවා තිබූ බව රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ රන් ආකරය! (නි)
මේ තරම් අල්ලද්දීත් ඔවුන් මේවා කරන්නේ ආරක්ෂාවේ දුර්වලකම දන්නා නිසයි. කොහොම වුණත් මේ නිලධාරීන් අගය කළයුතුයි.නොබියව ඉදිරියටත් කරගෙන යන්න. (නි)
රන් ඉතිරේවා නව වසරේ (අ)
ඇත්තටම අලුත් අවුරුදු තෑග්ගක් අරගෙන ගියාද දන්නෙ නැහැ (නි)
මෙම සොරකම ( වංචාව ) ඇල්ලූ රේගු නිලධාරීන්ට යම් දිරිමත් කිරීමක් අවශ්‍යය. ඔවුන් දිරිමත් කිරීමෙන් ඉදිරියටත් මෙවැනි සොරකම් අල්ලා රටට ආදායමක් ලබාදෙයි යනු මගේ අදහසයි (නි)