වර්තමාන දේශපාලන තත්වය යහපත් අයුරින් සිදුවන බවත් තව අවුරුදු හතරක් මෙම ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන බවත් වරාය නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම බද්දේගම අධිකරණ භූමියේ දී අද (20) කීවේය.
ඔහු මේ බව පැවසූයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ වඳුරඹ මැතිවරණ වේදිකාවකට ගිනී තැබීයැයි කියන සිදුවීමට අදාලව වඳුරඹ පොලිසිය විසින් ගොනු කර ඇති නඩුවට සහභාගී වූ අවස්ථාවේය.
එම නඩුවට නීතිපති උපදෙස් ලැබී නොමැති නිසා ජූලි 18 වැනිදාට කල් තබන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් තව හතරක් යනකම් බේරිලා ඉන්න පුළුවන් නේද............වාසි පැත්තට හෝය්යා කියන්නේ ඕකට තමයි. (බ)
මෙයාල කතා කරන්නේ කටින්ද මන්ද .මේයාල වගේ අයට ඡන්දෙ දෙන අපිට ගහන්න ඕන . අනික ඉතින් අපේ රටේ පාලකයො වැඩි දෙනෙක්ම ඉන්නේ මේ වගේ අයනෙ. (බ)
මේ බයට කියන කතා. කොහොම හරි එල්ලිලා ඉන්න ඕනේ (බ)
උසාවියේ ඉඳන් සාමහරු කියනවා ආණ්ඩුව හරි ශක්තිමත් කියල. පන්සල්වල ඉඳන් සමහරු කියනවා ආණ්ඩුව වැඩි දුර දුවන්නේ නෑ කියල. හරි අපුරු තැන් නොවැ අනාවැකි කියන්න මේ ගොල්ල තෝර ගන්නේ. (ර)
එදා වැරදි නොකලානම් අද ඔය කරදර නෑ. අපේ රටේ මිනිස්සුන්ටයි වැරදුනේ. (ර)
හිතාගෙන ඉන්නේ තව අවුරුදු 4ක් ඉන්න. ඉන්නකෝ හීන බලමින්... (නි)
අනේ මන්දා මේවට මොනා කියන්නද කියලා. (ර)
60% ශ්‍රී ලාංකික මෝඩ ජනතාවක් සිටිනතුරු දේශපාලුවන්ට ගෙම්බන් මෙන් එහාට මෙහාට පැන පැන සිටිය හැක. නමුත් එම ක්‍රියාවට වැඩි ආයුෂ නොමැත (නි)
අවරුදු හතරක් යන එකක් නෑ, ඔයා කලින් ආණ්ඩුවේ උන්න විදියට හසුරුනොත් ඊට කලින් සිරිසේන මහත්තයටත් යන්න වෙයි (බ)