IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අවුරුදු හතරක් නොගෙවූ සාමාජික මුදලක් ගෙවන්න යයි

(අංජුල මහික වීරරත්න)

ආසියානු හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CIRDAP) සාමාජිකත්වය අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආසියා හා පැසිපික් කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය (CIRDAP) කලාපීය, අන්තර් රාජ්‍ය සහ ස්වාධීන සංවිධානයක් ලෙස ආසියානු හා පැසිපික් කලාපයේ රටවල සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක සහ පරිත්‍යාගශිලීන්ගේ සහාය ඇතිව ස්ථාපිත කර ඇත.

 මේ වන විට කලාපිය රටවල් 15 ක් එහි සාමාජිකත්වය දරනු ලබයි. ශ්‍රී ලංකාව 1980 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබාගෙන ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ. එකී ආයතනය සඳහා වාර්ෂික දායක මුදල් ලෙස ඇමෙරිකා ඩොලර් 17,122.00 ගෙවිය යුතු වුවද එවකට රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් 2022 වර්ෂයේ සිට අදාළ සාමාජික මුදල් ගෙවා නොමැත. එම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන් තව දුරටත් කටයුතු කිරීමට හැකි වන පරිදි 2022 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා වන සාමාජික මුදල් ගෙවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

අවුරුදු හතරක් නොගෙවූ සාමාජික මුදලක් ගෙවන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 830 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1778 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site