IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අවුරුදු සාදය කඩු පහරින් අවසන්වේ : පහක් රෝහලට

ගලේවෙල බම්මාවේ අවුරුදු සාදයක දී කටු පහර කෑ බව කියන පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

සැකකරුවන් සොයා ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අවුරුදු සාදය කඩු පහරින් අවසන්වේ : පහක් රෝහලට

තිස්ස Thursday, 14 April 2016 12:31 PM

මේක ඉතින් අපේ මිනිසුන්ගේ සාමාන්‍ය චාරිත්‍රයනේ! (නි)

:       0       0

භද්‍රානි Thursday, 14 April 2016 12:45 PM

බාර් වැහුවට බඩුවල නම් කිසිම අඩුවක් තිබිලා නැහැ වගෙයි. සමහරවිට ඒ අයගේ අවුරුදු චාරිත්‍රයේ කොටසක් වෙන්න ඇති රණ්ඩුවෙන එක. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 April 2016 01:49 AM

දම්මි, අන්න ඔය කතාව වැරදියි. පාරේ රිය අනතුරු ඉහළ ගියා කියලා වාහන ගෙන්වන එක නතර කරන්නද කියන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 16 April 2016 02:12 AM

“දැනගන්න කැමතියි මෑතකදී මිල වැඩිවුණ භාණ්ඩ මොනවද කියා“ කෙනෙක් අහනවා. මත්පැන් විශාල මිලකින් ඉහළ ගියා. වාහන කොටස් සහ වාහන මිල ඉහළ ගියා. මැයි 2 වැට් බද්ද 15% අාවහම හැම බඩුවක්ම මිල ඉහළට. බඩු පාවිච්චි කරන මිලදී ගන්න අයයි දන්නේ බඩුවල මිල. පාන් සහ බත් කන මිනිහා දන්නවා ඒවායේ මිල ඉහළ ගියා කියලා. (නි)

:       0       0

ප්‍රීති Thursday, 14 April 2016 02:08 PM

මේ රටේ වැරදිකරුවන්ට දෙන දඩුවම මදි. ඒකයි මිනිසුන් මේ වගේ වැඩ කරන්නෙ. (බ)

:       0       0

රොෂාන් Thursday, 14 April 2016 07:41 PM

ප්‍රීති මහත්තයාත් බීලා කචල් දාන කෙනෙක්ද? එල්ලලා ගහන්න ඕනෑ ඔය වගේ මිනිසුන්ට. (නි)

:       0       0

විජේලතා රාජපක්ෂ Thursday, 14 April 2016 10:28 PM

ඔයා දන්නා තරම තමයි ප්‍රීති. ඔය කෝටි ගණන් පොඩි වංචා කළ අයට ඇප දුන්නට ඈණුමක් අරිනවා වැනි ලොකු වැරදි වලට මාස අටක් දහයක් උපරිම දඬුවම් දෙනවා. ඔය අලි පැටවූ හොරකම වුණත් වරදක් නෙමෙයිනේ. මොකද අලින්ට කන්න දෙන එකම දඬුවමක්නේ. (නි)

:       0       0

ජෝහෙල් ෆෙර්නන්ද Friday, 15 April 2016 12:34 AM

දරාගැනීමට නොහැකි ජීවන වියදම නිසා මිනිස්සු අවුරුදු කන්නේ ගොඩක් අමාරුවෙන්. ඉතින් අවුරුද්ද දවසෙත් ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. බඩු මිල අඩු කරන්න. එතකොට ඔය හැම ප්‍රශ්නයක්ම හරියයි. (නි)

:       0       0

ජනක Friday, 15 April 2016 12:56 AM

මෙහෙම දෙයකින් අවසන් වුණේ නැත්නම් එ්ක ලංකාවේ කට්ටියගේ සාදයක් වෙන්න බැහැනේ (නි)

:       0       0

දම්මි Friday, 15 April 2016 02:31 AM

මත්වතුර තුරන්කරන්න බැරි අැයි මේ ආණ්ඩුවට? (නි)

:       0       0

ටෙහාන් Friday, 15 April 2016 02:49 AM

මේක පහකින් නැවතුනා ඇති අද කාලේ වෙන රණ්ඩු වල හැටියට (නි)

:       0       0

අමිල Friday, 15 April 2016 02:48 AM

සමහරවිට ඔය මරාගන්න හදන්න ඇත්තේ දේශපාලන සාකච්ඡාවක් දුරදිග ගිහිල්ලා වෙන්න ඇති. දේශපාලුවෝ කොච්චර හොරු වුණත් ඒ අය හොඳයි කියන අයනේ ලංකාවේ ඉන්නේ (නි)

:       0       0

ජනක Friday, 15 April 2016 03:05 AM

බද්‍රානි, එ්කට තමයි වැඩ අල්ලනවා කියන්නේ. සමහර අය ඕක ගනුදෙනු කරන නැකත හැටියටත් ගන්නවා. (නි)

:       0       0

ඩිලාන් Friday, 15 April 2016 03:17 AM

ජෝහෙල් ෆෙර්නන්ද බඩු මිල මෙතෙනට යොදන්න හදන්නේ, එයටත් තියෙනවා මානසික ප්‍රශ්නයක් පෙනෙන හැටියට. දැනගන්න කැමතියි මෑතකදී මිල වැඩිවුණ භාණ්ඩ මොනවද කියා. (නි)

:       0       0

බස්නායක Friday, 15 April 2016 08:22 AM

මෙතන බඩුමිල ,රටේ ජීවන වියදම ගාවගන්න එපා. මිනිස්සුන්ට මත්වතුර බැරල් ගණන් බොන්න සල්ලි තියනවනම්, එදාවේල කන එක මහ දෙයක් නෙමෙයිනේ.වෙන මොකවත් නෙමෙයි නුගත් කම සහ කාලකන්නි අමනුස්සකම..........(ම)

:       0       0

ආරච්චිගේ Friday, 15 April 2016 11:28 AM

අපේ මිනිසුන්ට රණ්ඩුවක් නැතිවුණොත් ගතියක් නැහැ වගෙයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site