වයස අවුරුදු දහයක දැරියක මෙක්සිකෝවේ මොන්ටිරේ සරසවියෙන් මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් දිනාගත් බව මෙක්සිකෝ ෆෝරෝ රූපවාහිනිය කියයි. ඩැෆ්නි ඇල්මැසන් අමායා දැරිය අවුරුදු හතරේදී අපොස සාපෙළ හා අනතුරුව උසස් ළෙ විභාගයද ඉතා ඉහළින් සමත් වූවාය. ඇගේ වැඩිමල් සොයාරිය වන ඩෙලනි(14) ලාබාල වයසසේදීම එම සරසවියෙන් මනෝවිද්‍යාවේදී උපාධිය දිනා ගත්තාය. ඔවුන් දෙදෙනාගේම වැඩිමහල් සොහොයුරා වන ඇන්ඩ්රූ(18) මනෝ වෛද්‍යවරයෙකි. ඔහුද වයස අවුරුදු 16දී ඉතා ඉහළින් උපාධිය සමත් වීය. ඉදිරියේදී විශේෂඥ වෛද්‍යවරයකු වීමට ඇන්ඩ්‍රරු දැන් ඊළඟ විභාගයට සූදානම් වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාස කරලත් බෑ නොකරත් බෑ.පිරිමියෙකුට ළමයෙකුත් හම්බුණානේ එංගලන්තේ..
දැන් හැදෙන පරම්පරාවල් ඉතා බුද්ධිමත්.මම විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය ලබා ගන්නකොට මගේ වයස අවුරුදු 28යි.ඊ ළඟට විශ්වවිද්‍යාල දෙකකින් උපාධි,පශ්චාත් උපාධි,දර්ශනපති උපාධි ආචාර්ය උපාධි 6 ක් අරගෙන බලනකොට වයස අවුරුදු 43යි. තාම ඉගෙන ගන්න එක අත හැරලා නැහැ.මේකත් කිව යුතුයි ගුණය සමඟ යන උගත්කම හැමදාම තියෙනවා. නමුත් ගුණවත්බව අමතකර කර යන උගත්කම පවතින්නේ නැහැ.. නූතන සමාජය විද්‍යාව හා තාක්ෂණ දැනුම අතින් ඉදිරියෙන් සිටියත් මානව සාරධර්ම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් ලබා නැතිබව අද සිදුවන විවිධ අපරාධ දූෂණ අනුව පැහැදිලි වෙනවා.
ආචාර්ය තුමනි, ඔබතුමන්ගේ අදහස සීයට දෙසීයක්ම නිවැරදියි
මම්‍ත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා සමඟ එකඟ වෙමි. මොකද අද රටේ සිදුවන අපරාධ පිළිබඳ සැලකූ විට මේ රටේ මනුෂ්‍යකම තුරන්ව ගොස් ඇතැයි සිතේ.මේ සෙරටම හේතුවී ඇත්තේ නූගත්කම පමණක් නොවේ. ගුණයෙන් තොර උගත්කමද ඊට හේතුවී ඇතිබව දක්වා ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස ඉතා නිවැරදි යැයි මමද සිතමි
නමුත් අදහ ගන්න බැරි දෙයක් ,අවු 4 ක ළමයෙක් o/l කරල කිව්වහම. එයා විවාහකයිද??
මනුෂ්‍යයෙක් උගත්කම ලබා ගැනීමෙන් පමණක්ම පරිපූර්ණ නොවේ.. උගත්කමට ආලෝකය ගුණවත් බවයි. ප්‍රාචීන අධ්‍යාපන රටාවතුළ මේත තිබුණා. “පඤ්ඤා නරානං රතනං..එහිදී ප්‍රඥාව මිනිසා තුළ තිබිය යුතු වටිනාම මෙවලම ලෙස හැඳින්වූවා“ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය විනාශ වුනේ සුද්දගේ අධ්‍යාපන ක්‍රමය මෙහි පැළපැදියම් වුනාට පස්සේ.දැන් වුනත් අපේ හාමුදරුවරු ටික නැත්නම් මේ ලංකාවේ බුද්ධාගම වළපල්ලට ගිහින් බොහොම කල්. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා මා සමඟ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උගත් උසස් ගතිගුණ තිබෙන වැදගත් මහත්මයෙක්.. තෙරුවන් සරණයි .. !!!
මං හිතනන්නේ මේ උපාධිය අපේ රටේ 5 හේ ශිෂ්‍යත්ව විභාගය වගේ දෙයක් වෙන්න ඇති...
මේක අසාමාන්‍ය දෙයක් .එයාලගේ හැමදේම ඉක්මනට සිද්ධ වෙනවා.මහඵවීම හා මරණයත් ඒ වගෙයි
අයියෝ, මීට වඩා හොඳ player එකක් දාන්නම බැරිද?
අයියෝ ඕක මොකක්ද අපේ රටේ ආචාර්‍ය උපාධි දෙන විදියට...
මෙහි ප්‍රතිචාර පළකර ඇති ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්මාගේ ප්‍රතිචාර ඉතා උසස් තත්වයක ඇත.ඒ මහතාගේ පෞද්ගලික ජීවිතය තුළ අපට උකහාගත හැකි මහඟු ආදර්ශ විශාල ප්‍රමාණයක් දක්වා ඇති නිසා ඒවා අපගේ ජීවිතයවලට ආදර්ශයක් යැයි මම සිතමි.
අපේ රටේ සාරධර්ම පිරිහීමට බලපෑ ඇති ප්‍රධාන කාරණය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමන්ගේ ප්‍රකාශ අනුව ඉතා හොඳින් පැහැදිලි වේ.අධ්‍යාපන සැලසුම් ප්‍රතිපත්ති සකස් කරන්නන්ගේ අවධානය මේ සඳහා යොමුවිය යුතුය
අයියෝ ඕක මොකක්ද මෙහේ පන්සලකට ගියානම් ඕක ගතහැකිනේ ,...
එක එක පුද්ගලයාගේ බුද්දි මට්ටම වර්දනයවන වේගය එකිනෙකට වෙනස්. බොහෝවිට අඩු වයසෙන් දක්ෂතා ප්‍රදර්ශනය කරන අය කෙටි කාලයක් තුල විභාග සමත් වෙනව. ඒ වගේම ඔවුනගේ ආයුෂත් අඩුයි. මේ පිලිබඳ උදාහරණ ඕන තරම් හොයාගන්න පුළුවන්. කණගාටුවට කරුණ අපේ රටේ මෙවැනි වෙනස්කම් වලට සහයෝගය දෙන යාන්ත්‍රණයක් නැති එක. ඉස්සර නම් "Double Promotion" කියන දේ තිබුන. ලෝකයේ අනෙක් රටවල්වල තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දක්ෂතාවය තියෙනවනම් අදාල විභාග සමත් වෙලා සුදුසුකම් ලබාගන්න පුළුවන්.
දොම්පේ..ටුටු නිකම් ලෙඩ දා නොගෙන පාන් බාගයක් කාලා ගෙදර ගිහින් පුදුරුදු විදිහට හස්ත කර්මාන්තයක් කර ගෙන ඉන්න..
උගත් වෙන්නත්, යහපත් වෙන්නත් වයස ප්‍රශ්නයක් නෑ. මොකද අපේ වයස පොඩි නෑනේ. කල්ප ගානක් තිස්සේ පැවත එන අයනේ.
විනාශ කාලය ආ විට බුද්ධිය විපර්යාසයන්ට ලක්වේ
අවුරුදු හතරෙන් සාමාන්‍ය පෙල පාස් වෙලා මේකෙ බාගයක් බොරුද කොහෙද
ඕක මොකක්ද අපේ රටේ විභාග නැතිව උපාධි දෙන්නේ...
ඕක මොකද්ද? අපේ රටේ විභාග නැතුව උපාධි දෙන්නේ.
මේ දරුවා අපේ රටේ ඉගෙන ගන්න කුඩා සිසු දරුවනට මහඟු ආදර්ශයක් වේවා!
හොද වෙලාවට මේ ළමයා මෙහේ ඉපදුනේ නැත්තේ. මොකද මෙහේ ඉපදුනා නම් 1 වසරට ඇතුළු කර ගන්න එක්ක නෑ. සරසවියට ඇතුළු වෙන එකත් ප්‍රශ්නයක් වෙයි.ඇයි ජාතික හැදුනුම්පත? අනේ මන්දා මේවා.ලංතාවට ගෙන්නලා දේශපාලනයට දාන්න පුළුව්න වෙයිද දන්නේ නෑ