ලෝකයේ අඩුම වයසින් මාතෘත්වයට පත් වූ ලාබාලම දැරියක කොලොම්බියාවෙන් වාර්තාවෙයි. පසුගිය දා කොලොම්බියාවේ මනාඋරේ රෝහලට ඇතුළත් වූ වයිනු ගෝත්‍රික ගැබිණි දැරිය (10) කිලෝ දෙකයි ග්‍රෑම් තුන්සියයක් බර දරුවකු බිහිකළාය. උපන් දා සිට රෝහලකට පා තබා නොමැති ඇය මෙවර ජිවිතයේ පළමු වතාවට රෝහලට ඇතළත් වූයේ දරු ගැබේ හටගත් දරුණු වේදනාව නිසාය. ඒ සඳහා ඇයට ගොත්‍රික නායකායේ අවසරය ලැබී ඇත. දරුගැබ මෝරා තිබීමත් සාමාන්‍ය දරු උපතක් සිදු කිරීමට ඇයට ශරීර ශක්තියක් නොමැති වීමත් යන කරුණු මත වෛද්‍යවරු සැත්කමකින් උපත සිදු කළහ. දරුවාගේ පියා ද ලාබාල වයසක අයෙකියි එරට පොලිසිය අනුමාන කරයි. කොලොම්බියා රජය ගොත්‍රික පැවැත්ම සඳහා ඔවුන්ගේ සංස්කෘතිය ඔවුනට රැකගැනීමට ඉඩ දී ඇති බැවින් මෙවැනි දේ බාලාපචාර ලෙස නොසලකයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd