රට පුරා තැන තැන අවුරුදු උත්සව තවමත් පැවැත්වේ. අප්‍රේල් අවසන් වන තුරු මෙම උත්සව සංවිධානය කර ඇත. පදවියේ පොලිසිය ද එවැනි අවුරුදු උත්සවයක් සංවිධානය කළේය.
සූරිය වැව අද (19) පැවති අවුරුදු උත්සවයක දී ගම හරහා දිවීමේ තරගයට එක් වූ තිස් හත් හැවරිදි දෙදරු පියෙක් මරුමුවට පත් වූ බව පොලිසිය කියයි.
උඩඊරියගම සුහද මිතුරු හවුල සංවිධානය කළ බක්මහා උළෙල උඩඊරියගම වෙල්යායේදී පැවැත්වුණු අතර එහි එහි විවිධ ඇඳුම් තරගයේ සිත් ඇදගන්නා අංගයක් වුයේ ගොවියකුගේ පිළිරුවක් ලෙස කළ චරිතය නිරූපණයයි.
මයිකල් ජැක්සන්, කෝරලේ මහත්තයා, ගුරුවරියන් ,මරියතුමිය වැනි චරිත විවිධ ඇඳුම් තරගයේ දී ඉදිරිපත් කළ අතර මුල්තැන හිමි කර ගැනීමට ගොවි පිළිරුව චරිතය නිරූපණය කළ නිරූපණ ශිල්පියා සමත් විය.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් කලබලෙන් අනිත් නිවුස් බලන එක පැත්තක තියල මේක බැලුව , නව නිර්මාණ නියමයි (බ)
පොලිසියෙන් පවත්වපු අවරුදු උත්සවයේදී මිරිස් ගෝනියේ බැස්සවීම, බාල්කයේ එල්ලා තැබීම , ඔලුව වතුර ටැංකියේ එබීම , වැනි තරඟ පවත්වන්න ඇති . (කෞ)
ඉතාම හොද නිර්මාණයක්.(ම)
මා හිතුවේ ඇත්ත පිළිමයක් කියලා. විස්තරය කියෙව්වම පස්සේ දැක්කේ රඟපෑමක් බව.(හේ)
හරි පුදුමයි. මේ චරිත කොහොමද විකට ඇඳුම් තරඟයකට ඉදිරිපත් කරන්නේ.(හේ)