IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අවුරුදු කුමරා ඇල්පිටියට භීෂණය ගෙනෙයි

ඇල්පිටිය කහදූවේ බක් මහ උළෙලකට පහර දුන්නැයි කියන මැරයන් අත්අඩංගුවට ගන්නැයි කියමින් ඇල්පිටිය, කහදූව හරහා මාපලගම ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ගම් වැසියෝ උද්ඝෝෂණයක නියැලෙති.

වජිර අබේවර්ධන පදනම විසින් සංවිධානය කැරුණු අවුරුදු උත්සවයකදී මෙම ප්‍රහාරය එල්ල කළ 25ක පමණ මැරයන් අත තුවක්කු හා කඩු පොලුද වූ බවත් සෙනසුරාදා රාත්‍රියේදී මේ ගැටුම වරින්වර ඇවිලී ගිය බවත් කඩ කිහිපයක් හා ගෙයක් පොඩිපට්ටම් කර ඇති බවත් පොලිසිය මැරයන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණිකව ක්‍රියා නොකළ බවත් ගැමියෝ කියති.

කහදූව මාපලගම පාරේ තුංමංහන්දිය ලී කොට හා වාහන දමා අවහිර කළ ගැමියෝ අද (19) උදෑසන සිට පාරටවී පොලිසියට විරෝධය දක්වති. කඩසාප්පුවල තිබූ කෑම බීම මහ පාර පුරා විසිරී ඇත. මැර කණ්ඩායම නාගොඩ පැත්තෙන් එන්නට ඇතැයි ගැමියෝ කියති. මුලින්ම සෙනසුරාදා සවස 4ට පමණ මැර ප්‍රහාරය එල්ලවූ බවත් මග දෙපස නිවාසවල විදුලිය නිවන ලෙස මැරයන් කළ ‘නියෝගය‘ නොතැකූ නිවාසවලට හා කඩසාප්පුවලට පහරදී ඇති බවත් ගැමියෝ කියති. ඇල්පිටිය නාගොඩ හා පිටිගල පොලිසිවලින් අතිරේක බල සේනා කැඳවා ඇත.

මැරයන් දේශපාලන රැකවරණ ලබන්නවුන් බවද ගැමියෝ කියති. උඩුගම, මාපලගම, ඇල්පිටිය, බද්දෙගම, ගාල්ල පෙදෙස්වලට අවුරුදු ගමන් යන වාහන මෙන්ම ජංගම වෙළඳ රථ හා තේ දළු ප්‍රවාහනය කරන ලොරි මහා ට්‍රැක්ටර් පාර දිගට නතර වී ඇත.

DSC05725 DSC05726 DSC05727 DSC05728 DSC05730 DSC05731 DSC05732 DSC05733 DSC05734 DSC05735 DSC05736-copy DSC05737 DSC05738 DSC05739 DSC05741 DSC05745 DSC05746 DSC05749 DSC05751 DSC05752 DSC05753 DSC05754 DSC05755 DSC05756 DSC05758 DSC05760 DSC05762 DSC05763 DSC05765 DSC05766 DSC05767



අදහස් (0)

අවුරුදු කුමරා ඇල්පිටියට භීෂණය ගෙනෙයි

ජගත් Sunday, 19 April 2015 06:34 AM

ආපසු මැරයන්ව දේශපාලනයට ගේන්න සමහර පිරිස් දඟලනවා. මේවා පිටුපස ඉන්නේ දේශපාලකයෝ (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 19 April 2015 07:47 PM

එදා මීටියාගොඩ ....අද මාපලගම....හෙට?......මැරයෝ පොලිසියට හැම්පර්වත් ගෙනත් දුන්නාදෝ.... ඉන්න නිලදාරී තුමානම් සතුටින්වගේ ඉන්නේ.....ජගත් පෙනෙන්නේ නැත්ද ?උඩ පෝස්ටරේ ඉදිරියෙන්ම ඉන්නෙත් දේසපාලක උත්තමයෙක් තමා ...වාසනාවකටදෝ කාගෙවත් ජීවිත හානියක් වෙලා නෑ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site