IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අවුරුදු කෑම මේසයේ වියදම සියයට 7කින් ඉහළ ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සඳහා කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 7 කින් වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය  ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී අලුත් අවුරුදු කැවිලි මේසය සඳහා පවුලක් රුපියල් 5069 ක් වියදම් කර තිබූ බවත් එය මෙම වසරේදී රුපියල් 5,414 දක්වා වැඩිවී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

කෙසේ නමුත් කොවිඩ් වසංගතයට පෙර 2019 වසර සමග සංසන්දනය කිරීමේදී මෙම වසරේදී අලුත් අවුරුදු කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන මිල 2.4 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පෙර වසරට සාපේක්ෂව මෙම වසරේදී අලුත් අවුරුදු කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන මිල සියයට 7 කින් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් පොල් මිල ඉහළ යෑම බලපෑ ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී පොල් මිල සියයට 80 කින් ඉහළ ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පොල්තෙල් මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඒ හැර අනෙකුත් අමුද්‍රව්‍ය මිල අඩුවී හෝ නොවෙනස් පවතී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

කොවිඩ් වසංගතයට පෙර 2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී කැවිලි සැදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල 2.2 ගුණයකින් වැඩි ඇති බවත් එය මෙම වසරේදී 2.4 දක්වා වර්ධනය වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

මෙම මිල සඳහන් වන්නේ සාමාජිකයන් 4 ත් 5 ත් අතර සංඛ්‍යාවක් සිටින පවුලක් සඳහා බවත් ගණනය කිරීම සඳහා විදුලිය, කුළුබඩු සහ ගෑස් සඳහා වන පිරිවැය ඇතුළත් කර නොමැති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒ අනුව පෙරට වසරට සාපේක්ෂව මෙම වසරේදී මුං කැවුම් කෑලි 15 ක් සඳහා වැයවන මුදල රුපියල් 529 සිට 531 දක්වා සියයට 0.4 කින් වැඩිවී ඇති බවත් කොකිස් කෑලි 20 සඳහා වැයවන මුදල රුපියල් 457 සිට 618 දක්වා සියයට 35කින් වැඩිවී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. කැවුම් කෑලි 20 ක් සඳහා වැයවන වියදම රුපියල් 1569 සිට 1668 දක්වා සියයට 6.3 කින් ඉහළ ගොස් ඇති බවත් දොදොල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1001 සිට 1137දක්වා සියයට 14 කින් ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. එපමනක් නොව කිරිබත් කෑලි 10 සඳහා යන වියදමද රුපියල් 165 සිට 258 දක්වා සියයට 57 කින් ඉහළ ගොස් ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පෙර වසරට සාපේක්ෂව මෙම වසරේදී කෙසෙල් කිලෝ ග්‍රෑමයක් සඳහා වැයවන මුදල රුපියල් 212 සිට 198 දක්වා සියයට 6.3 කින් පහළ ගොස් ඇති බවත් කේක් කිලෝ ග්‍රෑමයක් සඳහා වැයවන මුදල රුපියල් 842 සිට 754 දක්වා සියයට 10 කින් පහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එසේම අලුවා කෑලි 15 ක් සඳහා වැයවන මුදලද රුපියල් 295 සිට 249 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

අවුරුදු කෑම මේසයේ වියදම සියයට 7කින් ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 400 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 316 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2827 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2604 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1191 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3294 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 123 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site