පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් පොලිස් දෙපාර්තුමේන්තුව මගින් ඡනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් පෙළට සමගාමීව පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකදි පොලිස් නිල සුනඛයන්ගේ විනෝදාත්මක හා නාට්‍යානුසාරී දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් කෙරිණි.
දිවයිනේ ඕනෑම පළාතක සංවිධානයක් මගින් ඉල්ලිමක් කළහොත් මෙවැනි සංදර්ශන එම පළාතට ලබා දිය හැකි බවත් මෙමගින් මහජන සම්බන්ධතාවය ගොඩ නැගිම සිදුවන බවත් පොලිස් නිලධාරීන් ලෙසම පොලිස් නිල සුනඛයන්ද සැමවිටම ඕනෑම අපරාධයක් සෙවිමට සුදානම් බවත් පොලිස් නිල සුනඛ කොට්ඨාශ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සිසිර වීරකොන් මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හරිම සංවේදී දසුනක් වීඩියෝ එකක් තිබුනානම් ඉතාමත් වටිනවා...! (ස)
අවුරුදු උළෙලට බලු වැඩක් කිව්වට මේ පොලිස් බල්ලෝ කරපු වැඩක් නොවැ. (ස)
නමට බල්ලෝ කිවුවාට ඔවුන්ට හොඳ දක්ෂතාවයන්,හොඳ ගතිගුණ තිබෙනවා. (නි)
බල්ලා වුණත් සමහර වෙලාවට මිනිසාට වඩා උතුම් (නි)
එතකොට අර නිල ඇඳුම් අන්දලා ඉන්න කට්ටිය කව්ද? ඒ ගොල්ල වැඩ වවනවද? (ස)
බලන්න ඔක්කොම සුනඛයින් ඉන්නේ දිව එලියට දාගෙන. වැඩ පෙන්නලා හොඳටම මහන්සියි වගේ.(ම)
මෙයාල සමහර කකුල් දෙකේ බල්ලන්ට වඩා හරිම උතුම් (බ)
පොලිස් දෙපාර්තමේන්තුවට අපගේ අචාරය (ස)