(අජන්ත කුමාර අගලකඩ)
අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (21) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියදුරන්ට කුලී ගමන් තහනම් කරමින් මීට පෙර පාර්ලිමේන්තුවේ දී පනතක් සම්මත කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකු මෙම නීතිය ගෙන ඒමට විරෝධය පළකර තිබිණි.
මෙවැනි නීතියක් ගෙන ඒමෙන් කෙනෙකුට තමත් කැමැති රැකියාවක් කිරීමට තිබෙන අයිතිය අහිමි වෙනවා පමණක් නොව වයස සීමාවක් පැනවීමෙන් තරුණයින්ට ත්‍රීරෝද රථයක් පැදවීමට තිබෙන අවස්ථාවද අහිමි වන බව මංගල සමරවීර ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එබැවින් කළ යුත්තේ ත්‍රීරෝද රථ රියදුරන්ට වයස සීමා පැනවීම නොව ත්‍රීරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීම යැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා ඇති බව වාර්තා විය.
එහිදී අදහස් දක්වා ඇති නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා මෙවැනි නීතියක් ගෙන ඒමට හේතුවුයේ අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියදුරන් අතින් විශාල ලෙස අනතුරු සිදුවීමත් ඵලදායක ලෙස යෙදවීමට හැකි තරම් ශ්‍රමය මෙවැනි දේට යෙදවීම රටේ ආර්ථිකයට ඝෘජුව බලපෑමක් කරන නිසා බවද සඳහන් කර ඇත.
ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක නොකිරීමටත් ත්‍රීරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම ඉවත් කරපු එක හොඳයි. පිය සෙනෙහස අහිමිවූ දුප්පත් පවුල් වල වැඩිමල් පිරිමි දරුවෝ ගොඩක් තමන්ගේ පවුල බලාගන්නේ ත්‍රී රෝද රථ මාර්ගයෙන්. මෙවැනි දැඩි තීරණ ගෙන ඒමට පෙර අවුරුදු ගණනක් සමීක්ෂණ කරලා යුතුයි. යහපාලන රජයේ තවත් එක් අසාර්ථක ප්‍රයත්නයක්.
අත පය වෙහෙසලා වැඩ කරන්න පුලුවන් තරුණ ජවය තියෙන කොල්ලෝ කොහෙන්හරි සල්ලි ටිකක් සොයාගෙන 3 වීලර් කට්ටක් අරගෙන කඩ පොලවලයි හන්දි ගානෙයි නිකං රස්තියාදු වෙනව. තරුණයන්ට රටේ කොච්චර රස්සා තියෙනවද නමුත් කම්මැලිකම නිසා ඒවට යන්නෙ නැහැ නිකං ඉදල සල්ලි ටිකක් කඩාගන්න තමයි ළමයි පොඩි කාලේ හිටං ඉගෙනගන්නෙ. අනික තමයි තරුණ කොල්ලෝ අතින් තමයි 3 වීලර් අැක්සිඩන්‍ට් වැඩිපුරම වෙන්නේ ඒකට හේතුව තමයි නොසැලකිල්ල සහ පලපුරුද්ද අඩුකම. ඒ නිසා 3 වීලර් ලයිසන් අවුරුදු 30 ට අඩු තරුණ පිරිමින්ට තහනම් කිරීම කාලෝචිතයි
අම්මෝ හොඳ වෙලාවට. නැත්නම් අවුරුදු 35ට අඩු ත්‍රීවීල් කාරයෝ අනිත් රස්සාවලට ඇවිල්ලා ඒවත් විනාස කරලා දානවා. හන්දි ගානේ වේලෙන එවුන්ට වේලි වේලි ඉන්න කියලා වැඩකරව ගන්න පිටින් මිනිස්සු ගෙන්න ගන්න එක තමා හොඳම.
මේ රජය ගන්න හැම තීරණයකදීම වාගේ එන්නෙම තාක්ෂණික වැරදි. ගරු ජනාධිපති තුමණි, මෙහෙම වෙන්න හේතු පාදක වන මූලයන් මොනවාද කියල කඩිනමින් සොයා බලන්න කාලය ඇවිල්ල කියල තමයි මට නම් හිතෙන්නේ.මෙහෙම කොහොමද යහපාලන රජය ඉදිරියට යන්න පියවර ගන්නේ. එක්කෝ මේවායේ බලධාරීන්ට ගන්න තියන තීන්දු තීරණ ගැන හරිහමන් අවබෝදයක් නැහැ , එහෙම නැත්නම් කරන රාජකාරිය කරන්නන් වාලේ කරනවා. කළුවරේ අතපත ගානවා. එන එන විධියට උළුවස්ස ගහනවා. අන්තිමට වෙන්නේ නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැති වෙන එකයි. ඔබ තුමාගේ, අගමැති තුමාගේ සහ පොදුවේ රජයේ ප්‍රති රූපයට ලොකු ලොකු ලප ඇති වෙන්න පුළුවනි. කොලේ ඉරා ගෙන ඇඟේ හලා ගත්තොත් ඔබ තුමාලත් සුං , රජයත් සුං ,යහපාලනෙත් සුං ,රටත් සුං , සහ අනේ ඉතින් අපිත් සුං . එම නිසා අවදානමට පෙර සුදානම ඉතාමත් අගනේය.
මේ ආණ්ඩුව හරියට දෙපැත් නයෙක් වගෙයි. දෙපැත්තට ඇද ඇද ඉන්නවා ඉදිරිගමනක් නැහැ .
අද දානවා හෙට අයින් කරනවා. මේවගේ දේවල් මේ ආණ්ඩුව කොච්චර කරනවාද.ආණ්ඩුවක් නොවේ පාන්ඩුවක්. විශේෂඥයන් කොහෙද ? නැත්නම් ඔවුන් හරක්ද?
මොකක්ද යකෝ ආණ්ඩුවට වෙලා තියෙන්නේ?ඊයේ තහනම් අද තහනම ඉවතට?තහනම කොහොම වෙතත් ත්‍රිරෝද රථවලට යම් සිමා පැනවීම අනිවාර්යෙන්ම කළ යුතුයි.අද ලංකාවේ වැඩියෙන්ම මිනිස්සුන්ට වංචා කරන්නේ ත්‍රිරෝද රථ ඒ වගේම අපරාධ හොරකම් දුෂණ මත්ද්‍රව්‍ය සහ මත්පැන් හැමදෙයක්ම ත්‍රිරෝද රථ මගින් සිදුකරයි.(සුළු ප්‍රමාණයක් හොඳ මහතුන්ද නැතුවා නොවේ)
නිමල් සිරිපාල කළොත් කරන්නේ ඔයවගේ මෝඩ වැඩක් තමා , පෙරකදොරුවෙක් වෙලත් මෙතුමා දන්නේ නැහැ , රියදුරු බලපත්‍රයක් නිකුත් කළහම රියදුරාගේ වැරද්දක් නැතිනම් එකට එක එක තහන්චි අලුතෙන් දමන්න බැරිබව පෙරකදොරුවෙක් වෙලත් වටහාගන්න බැරුව ඇදගෙන නාගන්න හැටි , ගම පළාතේ මිනිස්සු මෙතුමාට ඇනිමල් කියල නික් නමක්එ දමල තිබෙන්නේ කට කහනවට නොවේ , ආසනේ පැරදුනෙත් මෙවැනි වැඩ නිසා , මෙහෙම මෝල් වැඩ කලොත් ලබනපර ඇපත් රාජසන්තක වේවි, මෙතුමා හිතන් ඉන්නේ රටේ ඉන්න ඡන්යද දායකයින්කගෙන්යින වැඩිපුර ඉන්නේ මෙතුමලට වගේ පිනට හම්බවුන ප්‍රාඩෝ වලින් ගමන් කරන මිනිස්සු කියල
මේ ආණ්ඩුවෙන් කරන්නෙම තහනම් කරන එකයි, අත්හිටවන එකයි.
මං මේ නීතිය ගැන මොකුත් කියන්නේ නෑ. හැබැයි, මේ ආණ්ඩුව ගේන ගේන නීති වෙනස් කරන හැටියෙන් නම් පේනවා කිසිම දුර දැක්මක් නැති, රටේ ප්‍රායෝගික අවශ්‍යතාවයන් ගැන නොතේරෙන, අන්ධකාරයේ අතගාන, ඔහේ ඒ වෙලාවට මොනවා හරි කරන ආණ්ඩුවක් බව.
මම යෝජනා කරන්නේ වෙනම මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ අවසර පත රියදුරු බලපතට ඇතුලත් කරන්න. එය වයස 35 වීම ඉතා හොඳි. එය අලුතෙන් නිකුත් කරන ත්‍රී රෝද රියදුරු බලපත් වලට ඇතුළත් කරන්න. එය දෙැනාට රැකියව කරන අයට බලපෑමක් ඇ නොකරේ. එතකොට දේශපලුනට කඩේ යන නුගත් පිරිස නැති වෙනවා.මොකද ඇය පුහුනුන්ශ්‍රමිකයන වන නිසා.
මේ ආණ්ඩුවට මොකක්ද හරියට හිතලා කරන්න පුළුවන්. ඔය ඇමතියෝ මන්තිරියෝ පාරේ වාහනයක් එලවන අය නොවෙයි පොලිස් ගාඩ් දාගෙන වාහනවල යන අපිවත් අයින් කරගෙන ඩ්‍රයිවරයෙක් උන්ව පාරේ ගෙනයන්නේ. ත්‍රීවීලර් හැතිකරයෙන් සෙසු වාහන පදවන ජනතාවට තිබෙන කරදර ඔවුන් දන්නේ නැහැ. එක්කෝ ත්‍රීවීලර් මින්මතු ගෙන්වීම තහනම් කොරන්න එයතමයි කලයුතු හොඳමදේ.
කතාව නම් රට සිංගප්පූරුවක් කොරන්නයි. ත්‍රීවීලර් මානසිකත්වයෙන් ඉන්න ඇමතියෝ ඉන්නරටක් කොහොමද සිංගප්පුරුවක් කොරන්නේ. සිංගප්පූරුව ලංකාවට ගෙනෙනවාට වඩා හොඳයි දැනඋගත් දරුවන් සිංගප්පූරුව වගේ රටවලට යාම.
මෙරට කිසිම දිනක තුන්වෙනි ලෝකයෙන් එලියට එන්නේ නැත
රටේ යහාපතට මහා ජනතාවගේ යහපතට යෝජනාවක් ගෙනා විට ඔය කැබිනට් මණ්ඩලයේ සිටින සමහරක් අය කුලප්පු වෙනවා. ඒ අයට උවමනා කරන්නේ මේ රට තුන්වන ලෝකයේ කාළකණ්නී රටක් විදියට හැමදාම පවතිනවා දකින්න. විශේෂයෙන්ම මංගලගේ බටහිර ලිබරල් මත හා සිරිසේනගේ මවාගත් සිංහල බෞද්ධ දේශප්‍රේමය නිසා රටට වැඩදායි හා කාලෝචිත ක්‍රියාමාර්ග වලට විශාල බලපෑමක් එල්ල වෙනවා
මේ ආණ්ඩුවට අද කරන දේ හෙට නරකයි. පාර්ලිමේන්තුවෙන් අනුමත වෙච්ච එකක් කැබිනට් මණ්ඩලයට අවලංගු කරන්න පුලුවන්ද? එහෙමනම් සිංගප්පූරු ගිවිසුමත් අත්හිටුවන්න පුළුවන්නේ.
මේවා ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ල නවත්වන්න ඕන. හැමදේම අන්තිමට අත්හිටවයි. හොද දේවල් වුනත් අන්තිමට අත්හිටවයි. පරිපාලනය දුර්වල කමක් නේද තේරෙන්නේ.
35 ට අඩු අයට ත්‍රීවීල් පැදවීමේ බලපත්‍ර නිකුත් නොකිරීමත් සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක නොවන දරුවන්ට දෙවනවර විභාගයට පෙනී සිටීමෙන් පසුව අනිවාර්ය වෘත්තීය පුහුණුවක් ලබාදීමත් නොපමාව ආරම්භ කරන්න.
තහනම් කරනවා ඉවත් කරනවා දෙපැත්තෙන්ම ලකුණු කපා ගන්නවා මෙහෙම දේශපාලනය කළ හැකිද?
මේ නීතිය හොඳ එකක් අපරාදේ.
රටට වැඩදායි ප්‍රතිපත්තිමය තීරණයක් ගැන හිතන්න තරම් මොලයක් නෑ.
බොරුවට ලොකු ලොකු කතන්දර කියලා ආයෙමත් අපිට වැරදුනා කියලා කීපාරක් මේ වගේ විහිළු කලාද? බොරු කතන්දර වලින් රට්ටු රවට්ටන එක නවත්තලා. බොරුවට කරන්න බැරි දාහක් දේවල් කියන එක නවත්තලා හරියට එක වැඩක් කරලා කොහොමත් ගෙදර යන එකේ සතුටින් යන්න.
මොන විදියකට හරි ත්‍රීවීලර් පාලනයට නීති අවශ්‍යයි.
රජයේ පොදු ප්‍රවාහන පද්ධතිය ප්‍රමාණවත් නැති නිසා ජනතාව ත්‍රී රෝද රථ භාවිතා කරන අතර රජය කලයුත්තේ නිසි ඇගයීමක් කර දිරිගැන්වීමක් මිස සහමුලින්ම විනාස කිරීම නොවේ.
ත්‍රී රෝද රථ ප්‍රධාන නගර වලින් හා මහාමාර්ග වලින් ඉවත් කල යුතුයි.
පනත් ගේනවා, සම්මත කරනවා ,අවලංගු කරනවා. පර්ලිමන්තු ගිහිල්ල බුදියනවා, හවසට යනවා. ඇයි කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? 225ක් නඩත්තු කරන්නේ ඕවටද?.
නුගත් නායකයින් තමයි එකම වින්නැහිය.
මෙවැනි තීරණ ගැනීමට කලින් සිතිය යුත්තේ එම රථය මිලදී ගැනීමට රජය වෙත කෙතරම් බදු ගෙවනවද යන්න වේ.
මම නම් යනවානම් යන්නේ තරුණ කෙනෙක් පදවන ත්‍රි රෝද රථයක මොකද ඒ අය මීටර් තිබ්බා හෝ නැතා හෝ ගමනට සාධාරණයක් කරනවා. සමහරු කියනවා හැම ජරා වැඩේම කරන්නේ මේ අය කියලා. ඒකට හේතුව ලොකු වාහන පරික්ෂා කරන්න අපේ පොලිසිය අකමැති ඉතින් ඒ හේතුවෙන් වෙන්නේ අල්පයක් වැරදි තිබුනත් මේ අය හයිලයිට් වෙන එක. අනෙක් එක ඉදිකිරීම් රුකියාවක් කරන්න කියලා අපිට කාටවත් බලපෑම් කරන්න බෑ. ඒකට හොද වැටුපක් ගෙවනවානම් ඒ අය ඒක කරයි. මම දන්න රියදුරුවරු ඉන්නවා දවසකට 3000-5000ක් අතර හම්බ කරන අය. අනෙක් එක මෙතන කමෙන්ට්ස් දාපු ගොඩක් දෙනෙක් වීල් එක 40 යද්දී ටිකක් හයියෙන් යන්න කියලාම නැත්ද... ප්‍රයිවට් බස් එකට බැණ බැණ ඒකටම නගින මිනිස්සු ඉන්න රටක් මේක. කැමති කෙනෙක් වීල් එකේ යන්න. කවුරුත් බලෙන් නග්ග ගන්නේ නෑ නේ. තව කෙනෙක්ගේ බඩට ගහන්නේ නැතිව.
ඔය ඔක්කොම කරන්න ඉස්සරවෙලා , මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝධ රථ වලට මීටර් සවිකර , කිලෝමීටරයකට පාලන මිලක් ඇති කරන්න. ඊටපස්සේ හැම නගරයකටම මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝධ රථ සංඛ්‍යාව ගණනය කර ඒවාට අංකයක් දෙන්න එම අංක සීමිත සංඛ්‍යාවක් පමණක් නිකුත් කරන්න. ඊට පස්සේ අලුතෙන් ත්‍රිරෝධ රථ වලට එම නගරයට ප්‍රවාහන අංක දීම නතර කරන්න. නගරයේ ලියාපදිංචි ත්‍රිරෝධ රථ හිමියෙක් අලුතෙන් ත්‍රිරෝධ රථයක් මිලට ගතහොත් ඔහුගේ පරණ ත්‍රිරෝධ රථයේ ප්‍රවාහන අංකයට අලුත් ත්‍රිරෝධ රථය ලියාපදිංචි කරන්න.
අපරාදේ, ආණ්ඩුවට එක් ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් අයකිරීමට නියමිත රුපියල් 2000 අහිමිවුණා.
ලංකාවේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න බැරිවෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නුගතුන් නිසා , මන්ත්‍රීලාගෙන් 96 දෙනෙක් සාමාන්‍ය පෙළවත් සමත් නැත , ඉතින් කොහොමද රට දියුණු කරන්න පුළුවන් තීන්දු තීරණ ගන්නේ , ඉදිරි සැලසුම් සකස් කරන්නේ , කරුණාකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තරඟකරන අපේක්ෂකයන්ටත් අපොස උසසපෙළ අනිවාර්ය කරන්න , වයස අවරුදු 30 - 70 අතර සීමාවක් දමන්න , උසාවියකින් වැරදිකරුවකු වී අවරුදු 10 යනතෙක් ඉල්ලීම නුසුදුසුකමක් ලෙස සලකන්න .
මේ තීරණේට හේතුව ඒ එකක්වත් නෙමෙයි. ත්‍රීරෝද රථ ප්‍රජාවගේ ඡන්දය අහිමිවන එක වලකා ගැනීම. නැතුව ත්‍රීරෝද රථ රියදුරන්ගේ පවුල් ගැනවත් රට ගැනවත් හිතීම නෙමෙයි. දැන් 2020 ජනාධිපතිවැණයෙන් අන්ද වෙලා. රටට හෙන ගැහුවත් ඡන්ද කැඩෙන වැඩ දැන් කරන්නේ නෑ.
දුර නොදක්නා අඥානන්ගේ ස්වභාවය තමයි, හත් පොලේ ගා ගැනීම. අනාගතයේදී, සිදුවෙන ව්‍යසනය, පෙර වටහා ගැනීමට තරම් නුවනක් නොමැති අදුරදර්ශී පාලකයින්ගේ, රට කළමනාකරණයේ ප්‍රතිවිපාක තමයි මේ අපට බුක්ති විදීමට සිදුවී තිබෙන්නේ. ප්‍රශ්න පැටව් ගසවා ගැනීමට පමණක් සමත්, මෝඩ පාලකයින්ට ත්‍රි වීලර් රථරියදුරන් බිහිකිරීම හැර වෘතිකයින් හෝ උගත් තරුණ පරපුරක් රට තුල බිහිකළ නොහැක.