වකුගඩු ,අක්මාව සහ මොළය වැනි ඉන්ද්‍රීයන් දන්දීම සඳහා එවැනි ශාරීරික අවයව ගබඩා කළ හැකි ක්‍රමයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඇති කරන්නැයි කොළඹ පදිංචිකාරියක් අද (6) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළාය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ලේ බැංකුවක් හා ඇස් බැංකුවක් ඇතත් අනෙකුත් ශරීර අවයව සඳහා එවැනි ක්‍රමවේදයක් නැති බවද පැමිණිලිකාරිය කියා සිටීයි.
මේ වන විට ලංකාවේ බහුතරයක් දෙනා ස්වභාවිකව, රිය අනතුරු සහ රෝගි තත්ත්ව වලින් මිය යන හෙයින් එලෙස මිය යන පුරවැසියන්ට තම මරණයෙන් වකුගඩු, අක්මා, මොළය ඇතුළු ශාරීරික අවයව දන්දීමේ දැනට ලංකාවේ නොමැති බවත් , එබැවින් මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීම වඩා යහපත් බව පැමිණිලිකාරිය කියා සිටීයි.
එසේම මෙවැනි ක්‍රමයක් බෞද්ධාගමිකයන් බහුතරයක් සිටින ලංකාව වැනි රටක ඇති කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවත් පැමිණිල්ලේ සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා ක්‍රියාවක් වඩාත්ම වැදගත් වන්නේ මියගියාට පසුව ලබාගැනීමට බැරි අවයව (අක්මාව ආදී) තමන්ගේ මොලය මියගිය නමුත් යන්ත්‍රානුසාරයෙන් පමණක් ජීවත්වන අවස්ථාවකදී වෙනත් කෙනෙකුට දන්දිය හැකි ලෙසට ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රමයක් සකස් කිරීම, දැනට පවතින ඇස දන්දීමේ ක්‍රමය වගේ (බ)
මෙය ඉතාමත් හොඳ අදහසක්. ඉක්මනින් ක්‍රියාත්මක කළොත් හොඳයි. මේ අදහස යෝජනා කළ අයටත්, ක්‍රියාත්මක කරන අයටත් තෙරුවන් සරණයි. (නි)
මොනවා දන් දුන්නත් එ්කත් බිස්නස් එකක් කරගන්නවා අපේ උන් බලන්න කකුලකට ලක්ෂ 3, අතකට 2, අක්මාව 8 කියල ලස්සනට බිලත් දානවා. (ස)
ඇයට නිදුක් නිරෝගී සුවය පතමු (නි)
මොලය දන් දෙන්න බැහැ.(අ)
කමලා හරි ලේ දුන්නට මොලේ දෙන්න බෑ (අ)
ඉතාම හොඳ අදහසක්.මේ මහත්මිය ඉල්ලන්නේ ' පටක ' බැංකුවක්.නමුත් මොනවාට බුද්ධ ශාසන අමාත්‍යංශය ගාවගත්තා දැයි මට නම් තේරෙන්නේ නැහැ.ශරීරයේ පටක පිලිබඳ සම්පුර්ණ සම්බන්දය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට නිසා ඒ අයත් සම්බන්දකරගෙන මේ පටක බැංකුව පිහිටුවන්නට සිදුවෙනවා. ඒ පිලිබඳ විශේෂඥ දැනුම තියෙන්නේ ඒ අය ළඟ.අනෙක මෙතැනදී ආගම බලපාන්නේ නැහැ කිසිම ලෙසකින්වත් අවයව දන්දෙන්නටවත් ලබාගන්නටවත්.වැදගත් දෙයකදී '' ඕනවට වඩා '' ආගම , ජාතිය ගවගත්තොතින් ඔක්කොම ඉවරයි. .කෙසේවෙතත් මේ සද් ක්‍රියාව 100% ම සාර්ථකවේවා කියා ප්‍රර්ථනා කරනවා. (අ)
තවත් කෙනෙකුට ජීවිතය දැකීම සඳහා අවයව දන්දීම යහපත්.නමුත් ආගම් සිහිපත් කිරීම නුසුදුසු නැහැ. (බ)
ඔය විශ්‍රාමිකයන්ට දීල තියන කාඩ් එක වගේ හෙල්ත් කාඩ් එකක් හදන්න. ඒක ගැහුවම රෝගියාගේ විස්තරත් ඔහු හෝ ඇය අවයව දන්දීමට කැමතිද යනවග ඕනෑම රෝහලකින් දැනගත හැකිවන විදියට. අයෙක් මියගියපසු අවයව ලබගතහකිවෙන විදියට. (අ)
ඉතා හොද ක්‍රියාවක් මෙය කළ හැකිනම් වකුගඩු, අක්මා, මොළය වැනි දෑ නිසා අකාලයේ මිය යන අහිංසක ජීවිත බේරා ගත හැකි වනු ඇත මේ හැකි ඉක්මනින් රජය විසින් ඉටුකළයුතු කාර්යයකි මා ද බොහෝ කල් සිට මෙය කළ හැකිනම් හොද දෙයක් යයි සිතුවද කර ගත නොහැකි විය රිය අනතුරු වලින් මිය යන තරුණ ජීව්ත බේර ගත යුතු වුවද බේරාගත නොහැකි අයගෙන් මෙය ලබා ගැනීමට ක්‍රමවේදයක් සකසන මෙන් ඉල්ලා සිටිමි (බ)
ලේසිම ක්‍රමය නම් කොටදෙණියාව පොලෝසිය පැත්තේ යන එක. (බ)