රිය අනතුරුවලින් මියයන රියදුරු බලපත් හිමි අයගේ අවයව සිය කැමැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන බවට වන වගන්තියක් රියදුරු බලපත‍්‍රයට ඇතුළත් කළ හැකි දැයි අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ හැකි ආකාරය සොයා බලා තමන්ට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
විදේශීය රටවල මෙවැනි ක‍්‍රම ක‍්‍රියාත්මක කරමින් අවයව ලබාගෙන බද්ධ කිරීම් සාර්ථකව සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක භයානක නීතියක්, අනිත් අතට සදාචාරාත්මක නැහැ සිද්ද විය යුත්තේ අවයව දන්දීම සදහා මහා ජනයා උනන්දු කිරීම, අපේ රට බෞද්ධ රටක් නිසා එම කටයුත්ත පහසුවෙන් පුළුවන් වේවි.(ම)
රට්ටු හිනස්සන ප්‍රකාශයක්. (ර)
ඇයි මේක රියදුරු බලපත් හිමි අයට පමණක් සීමා කරන්නේ? (නි)
අනේ ෆොන්සේකා, ඔබ ඉන්න රට කියන්න. ඒ රටට කවදාවත් නොගිහින් ඉන්න. අනුමැතිය නැතුව අවයව ඉන්දියාවෙ නම් ගන්නවා කියලා අහලා තියනවා. දියුණු රටවල මේ අනුමැතිය විවිධ දත්ත පද්ධති වලට ඇතුළත් කරනවා. ලංකාව ඒ පාරේ යන එක අගය කරනවා. (නි)
මගේ රියදුරු බලපතට මගේ කැමැත්ත ඇතුළත් කර ඇත. රියදුරු බලපත ගන්නා විට කැමැත්ත අසනවා. බටහිර රටවල මෙය සිදුවෙයි. (නි)
මම නම් මේකට කැමති නැහැ (නි)
හොඳ අදහසක්.නමුත් රියදුරාගේ කැමැත්ත හෝ අකමැත්ත රියදුරු බලපතෙහි සටහන් වෙනවා නම් හොඳයි (නි)
රියදුරු බලපත්‍රයට මෙවැනි දෙයක් ඇතුළත් කිරීම අසුභ බව කිවයුතුය. මේක හරියට උපැන්න සහතිකයත් නිකුත් කරනවිට දිනය පසුව පුරවන පදනම මත මරණ සහතිකයත් එකපාරටම දෙනවා වගේ වැඩක්නේ (නි)
රියදුරු බලපතට වඩා හැදුනුම් කාඩ් පතට මේ යෝජනාව ඇතුළත් කලොත් නරකද? එතකොට එය සියලුම ජනකොටස් නියෝජනය වෙනවනේ ඒ අයගේ කැමැත්ත අකමැත්ත මත. මේ ක්‍රමය සාර්ථක වෙන බව මටනම් සිකුරුයි. (අ)
රන්ජිත් , මම අවුරුදු තිස්පහක් පිටරට. බටහිර රටවල් ඔය වගේ ප්‍රශ්න සහ ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ (නි)
අපි ඉන්න රටේ නම් කාගෙන් වත් අහන්නේ නෑ.පොඩි මොලේ මරුන ගමන් ඔය වකුගඩු වගේ දේවල් ගලවලා ගන්නාවා .ලිස්ට් එකෙක් ඉන්න අයට බද්ධ කරනවා.ලංකාවේ තාම මැරුණු කෙනෙක්ගෙන් වකුගඩුවක් අරගෙන බද්ධ කරන්න දන්නේ නෑ තාක්ෂනය දියුණු නෑ (හේ)
අවයව ගන්නවානම් මිය ගිහින් පැය ගණනක් ඇතුලත ලබාගත යුතුයි. මේ යෝජනාව අවයව දන් දෙන්න කැමතිද නැතිද කියලා රියදුරු බලපත්‍රයේ සදහන් කිරීමක් පමණයි. එතකොට හදිසි අනතුරකින් මියගියොත් පවූලේ අයගේ කැමැත්ත බලා ඉන්නේ නැතුව අවයව ගන්න පුළුවන්. බොහොම හොද වැඩක්. බටහිර රටවල් ගොඩක මේක ක්‍රියාත්මක වෙනවා. (ර)
හැබැයි සමහර රටවල කරනවා වගේ ස්ටිකර් එකක් රියදුරු බලපත්‍රයේ අලවලා නම් වැඩක් නැහැ. අන්තිමට ඔය වකුගඩු බිස්නස්කාරයෝ වගේ අවයව බිස්නස්කාරයෝ බිහිවෙලා, ස්ටිකර් මාරුකරලා අවයව ගළවාගෙන යයි. (නි)
මටත් මේ ගැන නම් ප්‍රසාදයක් නැහැ (නි)
මේ වැඩ පිළිවෙළ වහාම නැවැත්විය යුතු දෙයක්. අවයව වෙළදාම ලෝකයේ සරුසාර වෙළඳ ව්‍යාපෘතියක් බව ලංකාවේ හුගක් මිනිස්සු දන්නේ නැහැ. සෞක්‍ය ඇමති අලුත් බිස්නස් එකකටද බහින්න හදන්නේ? මේ වැඩේ සංපූර්ණයෙන්ම මානව විරෝදී වැඩක්. අවශ්‍යනම්, ඇමති තුමාගෙයි එයාගේ පුතා ගේ ඒවා ගන්න කියන්න. (අ)
ඇස් ඉස් මස් ලේ දන් දෙන්න අපට බලපත්‍ර කුමටද (බ)
මේකනම් හරිම භයානක දෙයක් , මොකද කෙනෙකුට ඕනි නම් අනතුරක් ඇති කරලා මරල අවයව ගන්න උත්සායක් ගන්න පුලුව නේද ? මොකද මේක ලංකාවනේ , අන්තිමට ලොක්කන්ට අවයව සොක්කනට මරණය (අ)
ෆොන්සේකා ඔය ඉන්නේ මොන රටේද? මම ඉන්න රටේ නම් ලංකාවේ කරන්න යනවා වගේ ලයිසන් එක ගන්නකොට වගන්තියක් තියෙනවා අනුමැතිය දෙන්න. (අ)
මේ ශ්‍රී ලංකාව (අ)
මැරුණට පස්සේ නිකන් පොළවට දිරායනවට වඩා තව කෙනෙකුට බද්ධ කර ජීවිතයක් ගළවා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද? මහජන කැමැත්ත අහන එක හොඳයි. මේකෙත් වැරදි දකින උදවිය හිතාගෙන ඉන්නේ අමරණීයයි කියලා වෙන්න ඇති එයාලා (නි)
මගේ අදහස නම් මෙවැනි විස්තර බලපත්‍රයේ ඇතුලත් කරනවට වඩා පවුලේ අයගේ අනුදැනුම මත රෝහල් වල, හදිසි අනතුරු අංශවල පරිගණක ගත කරන එක තමා හොඳ. නැතිනම් මුදල් පසු පස හඹා යන සාරධර්ම වලින් පිරිහුණ පුද්ගලයින් සිටින සමාජයක, ඔවුන්ගේ උවමනාවන් මත අනතුරට ලක්වුන පුද්ගලයෙකුට ජිවත් වීමට හැකියාව තිබියදීත්, එම අවස්ථාව නැතිකිරීමේ භයානක තත්වයක් වුවද ඇති විය හැකිය. හදිසි අනතුරකදී බලපත්‍රය ගැන අවධානය අඩු කොට තුවාලකරු/කාරිය වහාම රෝහල් ගත කිරීමේ අවධානය වැඩි කිරීම වඩාත් අගනා ක්‍රියාවක් වනු ඇත (බ)
අවයව දන්දීම අද ඊයේ පටන්ගත්ත දෙයක් නොවෙයි (හේ)
රියදුරු බලපත තමයි අනතුරෙන් පස්සේ ඉක්මනටම වෛද්‍යවරුන්ට පොලිසියෙන් හම්බවෙන්නේ. අනතුරු වලින් මැරෙන අය නිසා මෙරටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමිවෙනවා. අඩුම ගානේ මෙහෙමවත් රටට මොනවාහරි දෙනවා නම් කොච්චර හොඳද? (නි)
පමාවී හෝ ක්‍රියාත්මක කරන්න යන, වටිනා දෙයක්. බොහෝ රටවල රියදුරු බලපත් ලබාගැනීමේදී මේ පිළිබඳව විමසා, කැමැති නම් එය රියදුරු බලපත්‍රයේ සඳහන් කරනවා. යෝජිත නව ජාතික හැඳුනුම්පත් සමඟත් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් සහභාගීවීමේ අවස්ථාව ඉතා විශාල පිරිසකට ලැබෙනවා (නි)
නිශාර්ඩ්, ඔබ සමඟ මමත් එකඟ වෙමි.(ම)
ඇස්,ඉස්, මස් දන් දුන් ආගමික කියවීමක් සහිත ජාතියකට නීති මගින් අවයව ඉල්ලා සිටීම සදාචාරාත්මක නැහැ, ජනතාව දැනුම්වත් කරමු, (අ)
මේකේ අදහස කවද හෝ රිය අනතුරකින් මිය යාමේ සම්භාවිතාව ලංකාවේ වැඩි බව නොවේද? එකට විසඳුම රිය අනතුරු අඩු කර ගැනීමට වැඩ පිළිවෙලක් සැකසීම නොවේද? (ර)
එතකොට එලවන්න වෙන්නේ මැරෙන්න බලාගෙනද? (ර)