මීටියාගොඩ පසුගිය 20 දින අලුයම සිදුවූ ඝාතනය සහ ඊට පසුව එම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ බවට පොලිසිය හඳුනාගෙන සිටි සැකකරුවන් හතර දෙනකු ටී56 ගිනි අවියක් හා පතරොම් 13 ක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රවීන්ද්‍ර පුෂ්පකුමාර නොහොත් පොඩි අමිල යන අය එසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අය අතර සිටින බවත් අද ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් 2015 මාර්තු මාසයේදී වෙඩි තබා ඝාතනයෙන් පසුව තවත් සිවු දෙනකු ඝාතනය කර ඇතැයිද තවත් දෙදෙනකුට තුවාල කළැයිද කියන සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය මේ සැකකරුවන්ගෙන් තොරතුරු හෙළිකරගැනීමට යයි.
(ඡායාරූප ජනත් ද සිල්වා)
ජායාරූප - රොෂාන් පියතිලක



![DSC00118[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC001181.jpg)
![DSC00119[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC001191.jpg)
![DSC00120[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC001201.jpg)
![DSC00128[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC001281.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න ඕනෙ හෑම ජඩ වැඩක්ම කරලා මුණ වහගන්නවා දේශපාලුවෝ අත් දෙක වන වනා රිමාන්ඩ් වෙනවා ලංකාවට ගිය කලක් (බ)
යහපාලනය වැඩියෙන්ම බුක්ති විඳින අය (බ)