මෙරටට අවනීතිය වෙනුවට නීතිය අවශ්‍ය බවත් මර්දනය වෙනුවට නිදහස අවශ්‍ය බවත් පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා බලපිටිය නගරයේ පැවැති ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී පැවසීය.
‘අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙම නැතිව මැදමුලන අවනීතිය නෙමෙයි. ඒක කරන්න පුළුවන් ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කළ දේශපාලන සම්මුතියට පමණයි‘ යැයිද රත්නප්‍රිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුර අතීතය යු එන පී එකේ හිටියා කියන මිනිස්සු හුඟාක් දැන් නැහැ, නමුත් මෑත අතීතයේ සන්ධානයේ හිටපු අය ඔක්කොම තාමත් එහෙම නාම යෝජනා අරගෙන ඉන්නවා, ඒක නිසා මටනම් යු එන පී කට්ටිය හොදයි වගේ පෙන්නේ. (ම)
බොහොම හරි (නි)
මධුර, සේන හරියටම හරි.(නදී)
අපි සසඳන්න ඕනේ වත්මන් යූඑන්පී, ජේවිපි සහ බුලත් කොළයයි. ඒ අනුව වත්මන් පරපුරේ යූඑන්පී, ජේවිපි ගමන් මඟ ඉතා හොඳයි. රටට වැඩක් කරයි කියලා ඇස් පනාපිට පේනවා. නමුත් වත්මන් බුලත් කොළය ගොම ගොඩක්. හොරු රැළක්. මෝඩ රැළක්. අතීත කතා වැඩක් නැහැ. අතීතයේ පාඩම් ඉගෙන ගෙන හැදෙනවා නම් එච්චරයි. (නදී)
මහින්දවාදින්ට තාම හැදෙන්න කාලයක් ගතවුණේ නැහැ. පරාදවුණ දවසෙ ඉඳලා කළේ තැන තැන රැස්විම් තියන එකයි. තමන්ගේ වැරදි කල්පනා කරන්නවත්, ඒවා නැවත නොවෙන්න වගබලා ගන්නේ කොහොමද කියලා ක්‍රම කල්පනා කරන්නවත් වෙලාවක් තිබුනේ නැහැ කියලා මහජනතාවට පෙනුනනේ. මේ නිසා කලබල නොවි ඉඳලා, වැරදි හදාගෙන පස්සේ එන්න. (නි)
2009දි ප්‍රභාකරන්ගේ මරණීය අවනීතිය පැරදවූ ලෙස රෝහල් වෘත්තිය සමිති අවනීතිය ඇතුළු සියලු අවනීති පරාජය කළයුතුමය (නි)
අපි දන්නවා වසර 25 ක් බෝම්බ වලට බයේ කොළඹ රස්සාවට ආපු හැටි. උතුරෙන් හමුදා මල මිනී අාපු හැටි. කුහකයෝ වෙන්න එපා (නදී)
රෝහල් වල කෙල්ලෝ කොල්ලෝ අල්ලගෙන වෘත්තීය සමිතියක් අටවාගෙන උඩින් පහත් වුනු අය වගේ කථා කියනවා (නදී)
මේ සමන් රත්නප්‍රිය කියන්නේ රජයේ දේපල හොරකම් කරලා පිටරට රස්සා දෙනවා කියල සල්ලි අරගෙන කාලයක් හැංගිලා හිටපු කෙනෙක් (බ)
වර්තමානයේ පාලකයින් හොඳ බවයි මගේ හැඟීම, දැන් අපි අවනීතිය, දුෂණය සහා එ්කාදිපතිත්වය පරදවමින් සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුනටත් යම්කිසි බලයක් ලැබුනොත් දුෂණය නවතා ගත හැකි වේවි.(නදී)
එදා කොළඹ වරායට බෝම්බ දැම්මා.කොළඹ ම යුද පිටියක් කරා.කවුද? ජපන්නු.ඒක නැති කරේ කවුද? සුද්දෝ.ඒක අමතක කරන්න එපා(ම)
අවනීතිය කවුරු රජ කරත් වැරදියි (නදී)
අමතකවෙලා වගෙයි අතීත පාලන කාලය. (නි)
ඔබත් 88-89 කාලයේ සහෝදරයා කියල නේද කතාකලේ ? එතකොට රටේ නීතිය ගැන කතාකරේ නැද්ද ? (නදී)
දවස් කීයක් රෝහලේ වැඩ කරනවද? (නදී)
88-89 පැත්තකින් තියලා. 2005-2015 අපි කවුරුත් දන්න වර්ථමානය ගැන හිතලා බලන්න. කවුද හොරකම් කලේ? කව්ද සා/පෙළ අසමතුන් ඇමතිවරුන් කලේ, කවුද කුඩු එතනොල් කාරයින්ව හුරතල් කලේ? (නදී)
එතකොට සුදු වෑන්, ඒවා නීත්‍යානුකූලද? (නදී)
ජනවාරි 8 න් පස්සෙ සුදුවෑන් නැහැ නේද ? කුඩු අඩුයි නේද? ඒ ඇයි? (නදී)
අපේ මිනිස්සු දිව හැරෙන හැරෙන පැත්තට වචන වෙනස් කරන්න බොහොම දක්ෂයි.(ම)
අවුරුදු 17ක් එක්සත් ජාතික පක්ෂ පාලන සමයක් අත්විඳලා ආ අපිව නම් මහත්තයෝ ඔය බස් වලින් රවටන්න ඔයාලට අමාරු වේවි.අපි හොඳට අවනීතිය කියන්නේ මොකක්ද,මළමිනී දේශපාලනය කියන්නේ මොකක්ද, භිෂණය අතුරුදන්වීම් මහමඟ බලුකපුටුදාන සියල්ල දැකලා ඔය අද සුදු රෙදි පොරවාගෙන බෝධිසත්ව චරිත රඟන අයගේ කැරැට්ටුව හොඳින් අත්ඳලා අඳුනාගෙන තිබෙන අය.ඔය කතා වලට මෙදා පාර මුහුණුපොතේ කොල්ලෝ කෙල්ලොවත් අහුවෙන එකක් නැහැ. 17 වෙනිදාට අපි ඔහෙලට අඩුපාඩු සම්පුර්ණ කරලා මතක හිටින දෙයක් නොවරදවාම දෙන්නම්. (නි)
අනේ පිවිතුරු යහපාල හුගක් ඈත හිතන්නේ නැතිව මේ පහුගිය අවුරුදු 10 ගැන හිතමුකෝ. සුදු වෑන්, පත්තර කාරයන්ට ගහපුවා මරපුවා. පුත්තු තනියම විබාග ලියල පාස් උන හැටි වගේ එකී මෙකී දේවල් (නදී)