ගාලු වරායට නාවික සැතපුම් කිහිපයක් දුරින් මුහුදේ දී අත්අඩංගුවට ගත් අවි නැවේ පරීක්ෂණ අවසන් නැතැයි නාවික හමුදාව කියයි.
ඇවන්ට්ගාර්ඩ් ආරක්ෂක සමාගමේ අවි මෙම නැවේ තිබෙන්නට ඇතැයි සැක කෙරේ.
නාවික හමුදාව පවසන ආකාරයට රතු මුහුද පෙදෙසේ සිට යාත්‍රා කර තිබෙන මේ නැවේ අවි 810 ක් තිබී ඇත
ශ්‍රී ලංකා වරායකට අවි රැගත් නැවක් ඇතුලු වීමට ප්‍රථම ඊට අවසර ගත යුතු නමුත් එසේ අවසර ගෙන නැතැයිද නාවික හමුදාව කියයි.
නැව හා සම්බන්ධවූ අවස්ථාවේ කාර්යමණ්ඩලය අලුත් කිරීම සඳහා පැමිණි බව පවසා සිටියද ඒ පිළිබද සැක උපුදවා නැවට ගොඩවී කළ පරීක්ෂාවේදී මෙම අවි සොයාගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයද දැනුම්වත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ මොනවා වෙනවද කියලා හිතාගන්න බැහැ (නි)
වික්‍රම, රටට යහපතක් වුණාද,නොවුණාද, එහෙමත් නැත්නම් අයහපතක් වුණාද, නොවුණාද කියලා පළමුවෙන් හොයලා බලන්න ඕනෑ නේද? හොඳ නරක දෙකම මිනිසුන්ගෙන් වෙනවා කියලා අමතක කරන්න එපා. (නි)
අවන්ට් ගාර්ඩ් එක දකුණු ආසියාවේ ඇති එකම මෙවැනි සමාගම. (ර)
මෙය ලංකාවේ විදේශ විනිමය ගෙනෙන උල්පතක්, ඔවුන්ට සධාරනයක් ඉටු කරන්න. මෙහි කිසිදු වංචාවක් නැතැයි සිතනවා. (ර)
මේ ආයතනය විශ්‍රාම ගිය සොල්දාදුවන් හට මෙන්ම අභාදිත සොල්දාදුවන් ගේ පවුල් වලට කරපු අගනා සේවය මදිද ? මීට පෙර විදේශීය ආයතන වලින් සිදු කල මෙම සේවය ලංකාවට ලබා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. (ර)
ඇමරිකාව ආදායම් උපයන ප්‍රධානතම ක්‍රමය තමයි අවි ආයුධ වළෙදාම. අපේ රට ලෝකයේ අනෙක් රටවල නැව් වලට ආරක්ෂක සේවා සපයා ආධායම් උපයා ගැනීමේ වරද මොකක්ද? ලංකාවේ අහිංසක කාන්තාවන් මැද පෙරදිග සේවයේ යොදවා උපයා ගැනීමට වඩා ගොරවයක් නෙමෙයිද? ඒ වගේම අපේ රටේ දහස් ගනනකට රැකියා දෙන්න පුළුවන් ක්‍රමයක්. උල්පතක් වගේ විදේශ විනිමය උපයන් පුළුවන් ක්‍රමයක්. (ර)
ලංකාවේ ඕනෑම සමාගමක මේ වගේ වැඩ වෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ රාජ්‍ය සමාගම් ගන්නකො. ඒවායේ දුෂිත ගනුදෙනු වෙලා නැද්ද? එහෙම වුණා කියලා සංස්ථාව වාහන එකද පිළිතුර? ඒ වැරදි හදාගෙන ඒවා දියුණු කිරීම අපි කළයුතුයි (නි)
රටට සම්පතක් වූ ආයතන වලට මෙහෙම වෙන්න දෙන්න එපා. ආණ්ඩු මාරුවෙනකොට ප්‍රතිපත්ති වෙනස් කරන රටකට ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ කවදාවත්! (නි)
වික්‍රම, මේක රටට සම්පතක් වෙන්නේ ඇමරිකාව වගේ රටක් කළොත්. (නි)