
( මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 10 සවස නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා ද අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන වලස්මුල්ල, බෙලිඅත්ත සහ ඔකේවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ,මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, උඩුනුවර , යටිනුවර සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අරණායක සහ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද කෑගල්ල වරකාපොළ සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව,පොල්ගහවෙල,රිදීගම සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම කොට්ඨාස සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ, කඩවත් සතර. පිටබැද්දර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, මුලටියන, අතුරලිය,වැලිපිටිය,හක්මන,කිරින්ද පුහුල්වැල්ල,අකුරැස්ස, වැලිපැන්න,දෙවිනුවර,දික්වැල්ල සහ පස්ගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල,පැල්මඩුල්ල, කහවත්ත සහ නිවිතිගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද ඉඹුල්පේ, වැලිගෙපොළ, ගොඩකවෙල, ඇලපාත,ඇහැලියගොඩ, කලවාන,කොලොන්න, බලංගොඩ,ඔ්පනායක,රත්නපුර සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 10 වනදා පස්වරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට 11 වනදා පස්වරුව දක්වා බලපැවැත්වෙන බවද එම සංවිධානය කියයි.
2025 දෙසැම්බර් මස 16
7
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අවදානම් තැන් 54 ගැන දැනුම් දෙයි