(ආර්.එෆ්.එම්.සුහෙල්)
"දිට්වා" සුළි කුනාටුව හේතුවෙන් අවතැන් වූ පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය සහ අවතැන් වූ පවුල්වල ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් නාය ගිය ස්ථාන සියල්ල ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් "ආදරය" මැයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල රේන්ද පොළ නානුඔය සහ කොත්මලේ කේන්ද්‍ර කර ගනිමින් අද (08) පැවැත්විණ.
නුවරඑළිය දිස්ත්‍රික්කේ නාය යෑමෙන් අවතන් වූ සියලූම පවුල්වල දුවා දරුවන් සඳහා පොත්පත් බෙදා දීම මෙහිදී ආරම්භ විය.
තවද නාය යෑමෙන් අවතැන් වූ පවුල්වල අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන්කියු සර්, අපේ සල්ලි අපිටම බෙදනවාට, වෙන අය නම් එහෙම කරයිද? අනික මේ බෙදිල්ල ඉන්වෙස්ට්මන්ට් එකක්නේ...
දූෂිතම පවුල් පාලනේ අය මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ කරලා, සුනාමියෙන් හොරාකාලා හම්බ කරගත්තුවා පරම්පරා ගාණකට ඇති වෙන්න තියෙනවා. හොර පෙරකදෝරුවාට කොහොම උදව්කරන්න බැරිද?
අපෙන්ම හොරාකාලා බඩවඩා ගත්තු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා අපිට සහන දෙන්ඩ ඇවිල්ලා...
2029 අපේ ජනපති NR.
ආණ්ඩුව දෙනවා තමයි කඩිනමින් පේන්නේ නැද්ද ඔයාට?
ලයිට් බිලවත් ගෙවන්නේ නැතිව මගුලක් කෑවා... ආධාර බෙදනවා. ලයිට් බිල ගෙව්වෙත් ජනතා බදු වලින්....
දිට්වා නුවර එළිය...
වැඩක් නෑ...
සුනාමි ආධාර හොරකම් කරපු එකාගේ පුතානේ අනිත් එක නෑයන්ගේ පින්තුර විඩියෝ මේවා පත්තරේ දාන්නේ මොකද කියලා කතු තුමා හොයලා බලන්න විපක්ෂ නායකවත් නෙමෙයි නේ
උදාර ... ඔය නම වෙනස් කරගන්න සහනාධාර කියලා. මොකද අදහස්වල කිසිම ආධාර බවක් නෑ. ඔය 2029 ජනාධිපති කරන්න හදන මිනිහා ඇතුළු මුළු අවුලම නඩත්තු වුණේ අපේ ආදරයෙන්. කිසි දවසක රස්සාවක් කළේ නෑ. එයාගේ තාත්තා සුනාමි ආධාරත් හොරකම් කළා.