උතුරු ඉතාලියේ ඇති වූ භූමිකම්පාවත් සමග ශ්‍රී ලාංකිකයෝ 48 දෙනෙක් අවතැන්ව සිටිති. මෝදනා දිස්ත‍්‍රික්කයේ අවතැන් කඳවුරු හතරක ඔවුහු ජිවත්වෙති. ලංකාදීප එසැණ වාර්තාකරු එහි ගියේය. සන් ෆේලිවේ නගරයේ අවතැන් කඳවුරුවල අවුරුදු පහට අඩු කුඩා දරුවන් හය දෙනෙකු සමග 26 දෙනෙක් සිටිති. මිරින්දෝලා සරණාගත කඳවුරේ කුඩා දරුවන් තිදෙනෙකු හා වැඩිහිටියෝ නව දෙනෙක් මිදෝල්ලාහි පස්දෙනෙක්ද ෆිනාලේ එමිලියාහි දෙදෙනෙක්ද, බොම්පොරේතෝ කඳුවරේ තිදෙනෙක්ද සිටිති.ත මේ අතර සන් ෆේලිවේ හා මිරන්දෝලා අවතැන් කඳවුරුවල ගැබිනි කාන්තාවෝ දෙදෙනෙක් සිටිති. තව සති දෙකක් තුළ ඔවුන් දෙදෙනාම දරු ප‍්‍රසූතිය සඳහා සූදානම් විය යුතුව ඇත. ඇඳිවත පමණක් ඉතිරි වූ ඔවුන්ට කර කියාගත හැකි දෙයක් නැත. විසිවෙනිදා භූමිකම්පාව සිදුවී දින තුනකට පසු රෝමයේ ශ්‍රී ලංකා තානාපති රූපවාහිනී නාලිකාවක් සමග පැමිණ තේ කොළ පැකට් දෙකක් සමග කිරි පැකැට්ටුවක් දුන් බවත් ඉතාලි සහන සේවකයින් පිරිසක් සමග කතා කොට අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට කූඩාරම් දෙකක් ඉක්මනින් ලබාදීමට කටයුතු කළ බවත් සන් ෆේලිවේ අවතැන් කඳවුරේ ශ්‍රී ලාංකිකයෝ අප සමග කීහ.
එතැන් සිට මේ වනතෙක් තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු එම ස්ථානයට ගොන් නැත. මිරන්දෝලාල මිදොල්ලාල ෆිනාලේ එමිලියාල බොම්පොර්තෝහි අවතැන් වූවන් පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයෙන් හෝ කිසිදු ශ්‍රී ලාංකික මාධ්‍යකින් එහි ගොස් නැත. තමන්ට ඉක්මනින්ම ලංකාවට යෑම සඳහා නොමිලේ ගුවන් ටිකට් පත් දෙන්නැයි රෝමයේ ශ්‍රීලංකා තානාපතිගෙන් ඔවුහු ඉල්ලති. එහෙත් ඒ පිළිබඳ කිසිදු ප‍්‍රතිචාරයක් මේ වනතෙක් නොලැබුණ බව ඔවුහු ලංකාදීප එසැණට කීහ. මේ වනවිට මෝදනා දිස්ත‍්‍රික්කයේ අධික රස්නයක් පවතී. අප එහි යනවිටද උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 37කි. කූඩාරම් ඇතුළේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 40 ඉක්මවති. අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ නිතර සොයා බලන මෝදනා මෛත‍්‍රී විහාරාධිපති මෙදිරිපිටියේ විමලරතන හිමියන් කියා සිටියේ තමන් කිහිප විටක්ම තානාපති කාර්යාලයට කතා කැර ලංකාවට යෑමට කැමැති අය සඳහා ගුවන් ටිකට් පත් ඉල්ලා සිටි බවයි.





1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති කාර්යාල ගොඩක් ඔහොමයි. ඒත් ඉතාලි රජයෙන් හරි රතු කුරැසෙට හරි ඇමතුමක් දෙන්න..
අපේ ලංකාවේ අපේම සහෝදරයන් මෙහි පල කරලා තියෙන දේවල් දැක්කම බොහොම කණගාටුයි , පිළිකුල් සහගතයි. ඉතාලිය කියන්නේ සුර පුරයක් කියල හිතන්නේ ජීවිතේට ඉතාලිය දැකපු නැතිඅයයි. මමත් ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක්.. මෙහෙ එක යූරෝ එකක් හොයන්න වෙන්න ඕනේ මහන්සිය දන්නේ එක විඳින කෙනා විතරයි. අපි මෙහෙ සල්ලි පොදිගහන් නැහැ. හම්බකරන හැම සතේම ලංකාවට යවන්නේ ලංකාවේ ගෙයක් දොරක් හදන් සදහටම ඉතාලියට ආයුබෝවන් කියන්න හිතන්. මේ වගේ අසරණ වෙන අවස්ථාවල තමන්ගේ ජාතිය නේද කියලවත් නොහිතා මේ වගේ ඒ අයව අසරණ කරන comments දාන ඔයාල ලජ්ජා වෙන්න ඕනේ. දෙවිපියනන්ගේ පිහිටෙන් අපි ඉන්න නගරෙට හානියක් නො වුනත් , අසරණ වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරියන් ගැන කනගාටුයි. ඒ අයට දෙවි පිහිටයි..!
අනේ පවු. කණගාටුයි
මොනවටද ලංකාවෙන් ටිකට් දෙන්නේ? හම්බ කරපුවා ඇතිනේ බැංකු වල
ඒ අය ඉතාලි ගිහින් හම්බ කරපුවා තියෙන්න ඕන නේද? මොකටද අපේ ලන්කාවෙන් සල්ලි දෙන්නේ? මේක ඉතාලියේ අපේ අයට විතරක් උන දෙයක් නෙවේ නේද? තානාපතිට දොස් කියල වෑඩක් නෑ. එයා කිව්වද ඉතාලි වරෙන් කියලා
ලංකාවේ ගෙවල් වල ඉන්නවට වඩා සැප ඇති එහේ කදවුරක ඉන්න එක
දැන්වත් අනුන්ගේ දුක දැනෙනවද ඒ අයට...
ගොඩක් අය නියම ඇත්ත තේරුම් අරගෙන නියම ප්‍රතිචාර දක්වා තියනවා.
සුභාෂීණී හා නිම්මි යන මහත්මීන්ගේ අදහස් හා එකඟ වෙමි.මගේ ඥාතීන් විශාල පිරිසක්ද ඉතාලි රටේ සේවය කරති.ඒ අය එහෙට වෙලා සැප විඳීනවා කියා නොසිතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ලංකාවේ පවතින දැඩි ආර්ථික දරිද්‍රතාව නිසාම විරැකියාවෙන් යෙළි ඉතා අපහසුතා මැද ඉතාලියට ගොස් ඇත්තේ වෙහෙසවී හරි හම්බ කිරීම සඳහාය.මාහටත් ඔවුන් ඉතාලි රටට පැමිණෙන මෙන් ආරාධනා කළද,මගේ පුද්ගලික ප්‍රතිපත්තිය හා උසස් අධ්‍යාපනය ලැබූ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රය ආශ්‍රිතව ඉතාලිය වැනි රටක සාමාන්‍ය රැකියාවක් කොට මුදල් හම්බ කිරීමට වඩා ලංකාව වැනි බුදුදහම පිළිපදින විශාල පිරිසක් සිටින රටක මගේ පැවැත්ම අක්මුල් ඇති පැවැත්මක් බැවින් මම කාරුණිකව ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලෙමි.මට මුදල් වලට වඩා වැදගත් නම්බුකාරකමට හා වැදගත් උසස් ලෙස ජීවත්වීමයි. මම මේ දක්වා ජීවත්වී ඇත්තේද ඒ පිළිවෙලටයි.කෙසේ වුවද ඉතාලියේ මෙසේ අන්ත අසරණව සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාව පිළිබඳ මා හදවත පතුලෙන් අවංකව කණගාටුවෙමි.මේ පිරිස අතර මගේ ඥාතීන්ද සිටිති..
වෙච්ච් දේ ගැන හරි කණගාටුයි. එත් මේ අය දහදුකේ කියලනම් පෙන්නේ නැහැ. ලංකාවේත් අවතැන් කදවුරු තවම තියෙනවා.. එත් එ අය දහ දුකේ කියල කාටවත් පෙන්නේ නැත්ද .. එකට හේතුව ලංකාවේ අවතැන් කදවුරු ඉතාලි කදවුරු වලට වඩා සැපට තියෙන නිසාද....????
තානාපති වරු වශයෙන් පත්කරලා ඉන්නේ කවුද කියල දන්නවනේ .
අනේ පව්. කණගාටුයි
අනේ පව්. කණගාටුයි නිහාල් - දැන්වත් අනුන්ගේ දුක දැනෙනවද ????
ඉතාලියට එනකොට කාගෙන්වත් පිහිටක් අවශ්‍ය වන්නේ නැහැ. මෙහේ ඇවිත් උපයන මුදලත් ලංකාවට එවන්නේ කලූ කඩ හරහා. රජයට කිසිම ආදායමක් ලැඛෙන්නේ නැහැ. සියලූ මුදල් තම සුඛවිහරණයට වියදම් කරනවා. නමුත් යම් විපතක් සිදු වූ විට ලංකා රජයත්, තානාපති කාර්යාලයත්, මෙහේ තියෙන සංවිධානත්, මෙහේ ජිවත් වන අපිත් තමයි වැරදි. ඉතාලි රජය මේ අයට තව නොබෝ දිනකින් නොමිලේ හෝ ඉතාමත් අඩු කුලි පදනම මත නිවාස ලබා දෙනවා. විපත්ක් වූ විට අහක බලන එකක් ගැන නෙම් මේ පවසන්නේ. නමුත් උදව් කරන්න ඉදිරිපත් වන අයටත් මේ අය දොස් කියනවා. තානාපති නිලධාරින්න් තේ කොල පැකට් එක්යි දුන්නේ කියලා. ඉතින් තිඛෙන දෙය දුන්නමත් දොස් අහන්න වෙන නිසා, මේ වගේ වැඩ වලදි කවුරුවත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ මේ වැනි දේවල් නිසයි.
කලබල නොවී ඉවසන්න,කොයි දේත් විද ගන්න බලාගෙනනේ මෙහෙට ආවේ.මේක කවුරුවත් කල දෙයක් නෙමෙයිනේ,නමුත් හුගක් අය කියනවා මෙන් ඔයාලාගේ ඉතිරියක් [ගුවන් ටිකට් පතක් හෝ ගන්න නැත්නම්] ඒක ටිකක් හිතා ගන්න අමාරුයි. මොකද භූ චලනයට බැංකු ගිනුම් වල ඇති දත්ත යටවුනේ නැහැනෙ.ඔයාලාට අවශ්‍ය මානසික සුවයක් මිසක් ආර්ඵිකමය ආධාර නමෙයි මගෙ හිතේ.අපේ අයත් හැකි පමණ උපකාර කනවානේ,ඉතාලි රජයත්,තව ටික කාලයක් යනකොට රැකියාවක් සොයාගන්න කවුරු හෝ උපකාර කල යුතුයි.ඉවසන්න
මැදපෙරදිග සේවය කිරීමෙන් මිසක් ඉතාලියෙන් ලංකාවට විදේශවිනිමයක් ලැබෙන්නේ නෑ නේද?
මේ විස්තර කියෙව්වම හරිම දුකයි. හැබැයි ඉතාලියට එන්න බැරිවුන අය ඉරිසියාවෙන් කතාකරන බව පේනවා. කොහොම වුනත් තානාපති කාර්යාලයෙන් ටිකට් බලාපොරොත්තු වෙන එකනම් වැරදී. ඒත් තානාපතිට පුළුවන් උදව් කරන්න මේ අයට.
මේ වගේ අවස්‌ඵාවන් දකින විට ඕනම රටක ජීවත්වෙන අය ආදර්ශමත් වීම වැදගත්,මේවෙලාවේ කාටවත් අවමන් කිරීමක් නොව,උපයන හැම මුදලක්‌ම මවුරට යැවුවාම මෙහේ හදිසියකට කාට හෝ අත පාන්න වෙනවා,හදිසියකට තමන් කීයක් හෝ ලග තබා ගන්න එයයි ජීවත් වෙනවා කියන්නේ.'තමන් හිසට තම අතමය සෙවනැල්ල'.අත්දැකීම් මත ලියමි.
අපේ රටේ අය මෙහෙම කතා කරන එක ගැන හරිම කණගාටුයි.. මමත් ඉතාලියෙ ඉන්න ශ්‍රී ලාංකිකයෙක්. මෙහෙ ඉන්න අය සැප විදිනව කියල හිතන්න එපා. කවුරු උනත් තමන්ගෙ රට ගම නෑදෑයො යාලුවෙ අත හැරල පිරටට එන්නෙ ආසාවකටම නෙමේ. මේ වගේ අසරණ තත්ත්වයන් කාටත් ඇති වෙන්න පුළුවන්. අපේ රටට සුනාමි ආව දවස් අමතක රකන්න එපා.. පුදුම මිනිස්සු තමා අපේ රටේ ඉන්නෙ.. ඇත්තටම හරිම දුකයි.. පණ බේරගන්න බයේ ඉන්න තමන්ගෙම රටේ මිනිස්සුන්ට මෙහෙමද කතා කරන්නෙ? කරුණාකරල මීට වඩා සාධාරණව හිතන්න පුරුදු වෙන්න..
ඔබ සැමට තෙරුවන් සරණ පතමි..
මට දැනගන්න ලැබුන විදියටනම් තානාපති කාර්‍යාලයෙන් සැලකිය යුතු දෙයක් සිදුවී නොමැති වූවත්, ඉතාලි රජයෙන් අවැසි සියළුම දේ ලබා දීමට කටයුතු කර ඇති බවත්ය. එක් අයෙක් කමෙන්ට් කර තිබූ ලෙස මේ අයට දැන් අවශ්‍ය මානසීක ආධාරයි, නැතුව මුදල් ආධාර නොවේ. මේ අවස්ථාවේ මේ අයට පිහිට වෙන අනෙකුත් ශ්‍රී ලාංකීක ආගමීක නායකයන් ගැනත් සඳහන් කළා නම් හොඳ යැයි සිතමි.
කට්ටියට ලිකාව ඔය මතක් වෙලා තියෙන්නේ
අනේ ලමයිනේ ලංකාවට ආවා කියලා මක් කරන්නද? පොඩ්ඩක් දුක විදගෙන ඉන්න.ඉතාලි ආණ්ඩුව මොනවා හරි කරයි
හම්බ කරන සල්ලි වලින් හදිස්සියකට ගන්නත් කීයක් හරි ඉතුරු කරලා තියන්න ඕනි. ඇයි හැම දෙනාම ලංකාවටම බරක් වෙන්න හදන්නේ?
කණගාටුදායක තත්වයක්. මෙය ශ්‍රී ලාංකිකයින්ට පමණක් නෙමේ. ඉතාලි ජාතිකයිනුත් මෙම තත්වයෙන් තමයි ජීවත් වෙන්නේ. ටිකක් ඉවසන්න වේවි.
මොනව උනත් අසරණ වෙච්ච වෙලාවට එහෙම කතාකරන්න එපා.එහි සැබෑ තත්වය දන්නෙ ඒකට මුහුන දුන්න අය විතරයි.උදව් කරන්න කැමති නම් උදව් කරන්න.එහෙම නැතුව ඔවුන්ට අපහාස කරන්න එපා.
අපේ තානාපති කාර්යාලයේ හුගක් වැරදි තියෙනවා.වග කිව යුතු අය මේ ගැන හොයලා බැලුවොත් හොදයි
ලංකාවට වැඩිම විදේහ විනිමයක් ලැබෙන්නේ රට ඉන්න අයගෙන්.දැන් ඔවුන්ට 'රටවිරුවො' කියලා නම්බු නාමයකුත් දීලා තියෙනවා
ඉතාලියට හොරෙන් යන්න ලක්ෂ ගණන් දෙන්ට සල්ලි තියන අයට ආපසු එන්න මොකටද ආණ්ඩුවේ මුදල් වැය කරන්නේ
ලෝකේ හැම තැනම තියෙන තානාපති කාර්යාල ඔහොමම තමයි
කොහේ ගියත් කවද හරි එන්න ඕන ලංකාවට