IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවාට ගියාට ෆාමසියේ බෙහෙත් දෙන්න බෑ

ඖෂධවේදීයාගේ  පැහැදිලි ඡායාරූපයක්  සහිතව ජාතික විලවුන්  උපකරණ හා ඖෂධ නියාමක අධිකාරිය නිකුත් කළ බල පත්‍රය  ප්‍රදර්ශනය  නොකරන ෆාමසි වලින්  ඖෂධ මිලට ගැනීමෙන්  වළකින ලෙසට  එම අධිකාරියේ  අධ්‍යක්ෂක වෛද්‍ය  හේමන්ත බෙනරගම  මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊට අමතරව ඡායාරූපයේ  දැක්වෙන් ඖෂධවේදීයා  ෆාමසියේ සිටීමත්  අනිවාර්ය බව ද එම නිසා බලපත්‍රය  ප්‍රදර්ශනය කැර තිබුණත්  එහි දැක්වෙන ඖෂධවේදීයා  එම ස්ථානයේ නොමැති නම් ඖෂධ මිලට ගැනීමෙන්  වැළකිය යුතු බව ද වෛද්‍ය බෙනරගම සඳහන් කළේය.

ෆාමසියට ගොඩවන සෑම  පාරිභෝගිකයකුටම  මැනවින් දැක බලා ගැනීමට හැකි ස්ථානයක බල පත්‍රය ප්‍රදර්ශනය කරන ලෙසට බලපත්‍රලාභි සෑම ෆාමසියකටම අධිකාරිය මගින් දැනුම් දී ඇත.



අදහස් (0)

අවාට ගියාට ෆාමසියේ බෙහෙත් දෙන්න බෑ

ජෝයි ඩයස් Monday, 12 May 2014 11:34 PM

මාසයකට සෑරයක්වත් සොයා බලන්න. පාලන මිළක් නියම කරන්න.මගේ රටට අවශ්‍ය ඉල්ලීම් වලට කන්දෙන නිළධාරීන් නොව, මහජනයාගෙ මුදලින් ඉගෙනගෙන ඒ මහජනයාට තමන්ගෙ යුතුකම ඉටුකරන නිළධාරීන් ය. එතකොටයි මේ පුංචි රට ලස්සන වෙන්නේ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 14 May 2014 11:59 AM

ජර්මනියේ ඖෂධවේදියෙකු වශයෙන් රැකියාව කරන්න විශ්ව විද්‍යාලයේ අඩුම තරමින් අවුරුදු 4ක් ඖෂධවේදය හදාරා උපාධියක්´ලබාගත යුතුය . බෙහෙත් තුණ්ඩුව කියවා ගන්න පුළුවන් වූ පමණින් ඖෂධවේදියකු වන්නේ නැත , රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් ඖෂධවේදියකු තුළ තිබීම අනිවාර්ය වේ . අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසන්නේ විහිලු කතාවකි. ෆාමසි වල සේවකයන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය පරික්ෂා කිරීම රජයට අයත් වැදගත් රාජකාරියක් මිස පාරිභෝගිකයන්ගේ වගකීමක් නොවේ. (ස)

:       0       0

රොෂාන් Monday, 12 May 2014 12:43 PM

නිති නම් දානවා ඕන තරම්, ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි වෙන්නේ. ඕන තරම් ෆාර්මසි තියෙනවා බලපත්‍ර නැති වෙළඳ සේවක සේවිකාවන් ඉන්න. මම දැන් ඉන්න කොම්පැණියට මේ ලඟදි අලුතෙන් සුපවයිසර් කෙනෙක් ගත්තා. එයා මාදම්පේ තියෙන ෆාර්මසි එකක අවුරුදු 12ක් වැඩ කරපු කෙනෙක්. අවුරුදු 12ක් වැඩ කරලා තියෙන්නේ බලපත්‍රයක් නැතුව. එතන වැඩ කරන අනිත් අයත් එහෙම වෙන්න ඇති. (ස)

:       0       0

අල්විස් Monday, 12 May 2014 07:19 PM

මොන නීතිද මහත්තයා..! කොයි ෆාමසියේත් සිස්ටම් එක එකම විදිහයි. අපිට පරිස්සම් වෙන්න කියනවාට වඩා මාසෙකට සැරයක් රවුමක් යන්න ෆාමසි වල. (නි)

:       0       0

අසෝකා Monday, 12 May 2014 01:35 PM

ලංකාවේ නීති දාන්නේ හරියට ඇහී පිල්ලම් ගහනවා වගේ. ඒ වගේම ඒවායේ තියෙන පරස්පරතා ගැන හිතන්නේ තවත් අවුරුදු කල්පයක් ගියාම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site