ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර හොම්ලන්ඩ් සරසවියේ තාක්ෂණවේදී සිසුවකු වු චමිදු අමරසිංහ පිරිසිදු කරන්නකු ලෙස වැඩ කරද්දී 2011 අගොස්තු මස එක්තරා දිනක ඩොක්ලෑන්ඩ් හි චෑනල් 9 රුපවාහිනි නාළිකා ගොඩනැගිල්ලේ වැසිකිළියක තිබි ඕස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් (රුපියල් 12198920) සොයා ගත්තේය.
මුදල් වල හිමිකරුවකු නොසිටි නිසා ඔහු මුදල් පොලිසියට බාර දුන්නේය. මේ අතර පරිගණක තාක්ෂණය පිළිබඳ වෑඩිදුර අධ්‍යාපනය ලෑබිම සදහා චමිදු නවසිලන්තය බලා පිටත්ව ගියේය.
මුදලේ හිමිකරුවා සොයා ගැනීමට වසර තුනක් යනතුරුත් ඕස්ට්‍රේලියා පොලිසියට නොහැකි විය. අවසානයේදි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මුදල්වලට හිමිකම් කියන්නෙකු සොයාගත නොහැකි බවයි. ඕස්ට්‍රේලියා අධිකරණ තිරණය කළේ අවංකත්වයට ගරු කිරිමක් වශයෙන් චමිදු අමරසිංහට එම මුදලින් ඩොලර් 81,540 ක් (රුපියල් 9946999 ) ලබා දිය යුතු බවයි.
ඔහුට ලැබුණු මුදල බර්වික්ඩ් බෞද්ධ විහාරයට පරිත්‍යාග කරන බවත් ඉන් ආබාධිත අයට උදව් කරන්න බලා පොරොත්තු වන බවත් චමිදු පවසයි.
ශ්‍රි ලාංකික තරුණයාගේ මෙම අවංක ක්‍රියාව ඕස්ට්‍රේලියා මාධ්‍යයට හොඳ පුවතක් විය.මහේස්ත්‍රාත් මයිකල් ස්මිත් පැවසුයේ එවැනි අවංක ක්‍රියාවක් අගය නොකිරීමට හේතුවක් නැති බවයි.ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂක ඩැනියෙල් තෝන් ඒ ප්‍රකාශය අනුමත කළේය.
ඕස්ට්‍රේලියා මාධ්‍යවේදී ඈන්ගන් තොම්සන් තම පුවත්පතට ඔහු ගැන ලිපියක් ද ලියුවේය. මේ සිසුවාගේ අවංකත්වය අදහාගත නොහැකි බවත් ඉතා අපහසු ආර්ථික තත්ත්වයකින් සිටින ඔහු අමාරුවෙන් සිය උගෙනීම කැරගෙන යන බවත් එම ලිපියේ සඳහන් වේ.
මෙම අවංක තරුණයාට ඕස්ට්‍රේලියා රජය හොද වටිනාකමක් දී ඇත්තේ එරට පුරවැසි බව පිරිනමමිනි. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවෙකි.
‘මා සැබැවින්ම වාසනාවන්තයි .ඒ මුදල් මා නාස්ති කළේ නැහැ‘. මේ තෑග්ග මට දුන් බව බව ඇසු ගමන් මට කතා කරගන්න බැරි වුණා‘යැයි චමිදු පවසයි.
(විශෙෂ ස්තුතිය, මෙල්බර්න්ඩ් හි හොම්ස්ලන්ඩ් සරසවියේ සිසුවියක වු දෑනට ඉතාලියේ පාදොවා නුවර පදිංචි රදිකා කවිත්‍රිට)
0772018600 අමල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ම සිරස්තලයක් සහිතව පසුගිය සිකුරාදා මේ පුවත නවසීලන්තයේ පුවත්පතක මා දුටුවා. එදා මට ඇති වුණේ ටී-20 ලෝක කුසලානය දිනූ වෙලාවේ ඇතිවූ සතුට වගේ ම සතුටක්. මම අපේ කාර්යාලයේ හැමෝටම ඒ පුවත ආඩම්භරයෙන් පෙන්නුවා. (ස)
ශ්‍රී ලංකාවට,සිංහලකමට මිල කල නොහැකි ගෞරවයක් ලබාදුන් ඔබටත් ,ඔබ වැනි පුතෙකු බිහිකළ,දෙමව්පියන්ටත්, යහපත් ගුණධර්ම වලට යොමු කල අයටත් පින්,ඔබේ ඉදිරි අනාගතය ඇති සාර්ථක වෙනවමි. විශේෂයෙන් ඔස්ට්‍රලියව වැනි රටක. ලංකාවේදී නම් සමහරවිට සමහරු ඔබට මොඩය යි කියන්නත් ඉඩ තිබුන. (අ)
කරන තරමක් අසමත් ජාති වැඩකරන්නේ ලංකවේ අය. ඒ අතුරින් මෙවැනි උතුම් පරිතගයක් කර ලංකාවේ නම රැක්ක ඔබට " දළදා වහන්සේගේම " පිහිටයි . (ස)
මේ මල්මිට තරුණයාගේ දෙමව්පියන්ටයි. ! අද ලංකාවේ වෙන හොර මැර දුෂණ වලට සම්භන්ද අයගේ මව්පියන් පෙන්නන්න බැරි නම් මේ වගේ යහපත් දරුවන් හදපු දෙමව්පියන් ගේ පින්තුරයක් සොයලා පල කරන්න.
අලි හොරකම් , වැට් බදු හොරකම් ගැන අසා ලාංකිකයන් ලෙස ලජ්ජාවෙන් හෙම්බත් වූ අපිට හිතේ සතුට ගෙන දෙන ආරංචියක්. මේ තරුණ සොහොයුරාට ජයෙන් ජය වේවා ! (අ)
ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබ ලංකාවට උතුම් වස්තුවක්. (ස)
ඔබ වැනි තරුණයන් ගේ චරිතය දිහා බලලා වත් අපේ දේශපාලන බලවතුන් තමන්ගේ දරුවන් හරියට හදා ගන්නවා නම් . ! මම මේ තරුණයාගේ දෙමව් පියන් ට හදවතින් ම ආචාර කරනවා. (අ)
බෞද්ධයාගේ නිත්‍යය සීලය පංච සීලයය්,දෙවන ශික්ෂාව අදත්තාදානයෙන් වෙන්වීමයි,නොදුන් දෙය ගැනීමයි,මේ වරදට පදනම් වන මානසික ධර්මය අභිඡඣාවයි.එනම් පරසන්තකය මා සන්තකය වේවා යන්නයි.මේ වරද කරන්නාට මෙලොව හා පරලොව වශයෙන් භය හා වෛරය ඇතිවේ.ධර්මය දන්නාවූ සත්පුරුෂයා මින් මිදී දෙලොවම සැපයෙන් වාසය කරයි.(අ)
ඔස්ට්‍රේලියාව දියුණු රටක් වෙන්නේ අවංකභාවය හදවතින් ම වැළඳ ගත රටක් නිසා. ලංකාවේ දී කෙනෙක් මේ වගේ සල්ලි පාර්සලයක් භාර දුන්නා නම් මොකද වෙන්නේ ? පුරවැසියෙකු වීම කෙසේ වෙතත් හොර වැසියෙකු කියා අත් අඩංගුවට පත් වේවි. ඊට පසු සල්ලි වලට වුන දේ හිතාගන්නත් බැරි වේවි. (අ)
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදි. (ස)
නියම කොල්ලෙක්. (ස)
හරිආඩම්බරයි පුතේ ඔබේ ක්‍රියාවට. ලංකාවේ ඉපදීම ගැන ආඩම්බරයක් දන්නෙන්නේ නුබ වගේ රත්රන් දරුවොත් අපි අතර ඉන්නවා කියල දනෙනකොට. නුබටත් ඔබ හැදු දෙමාපියන්ටත් බුදු සරණි. (අ)
නියම සිංහල කොල්ලෙක් ..!! ඔබට ජයෙන් ජයම ''වේවා'' (අ)
ඔබට ස්තුතිකරන්න වචන නැහැ පුතේ ,කිසිමදාක වරදින්නේ නැහැ ,පුතාට තෙරුවන් සරණයි . (ස)
සහෝදරයා, ඔබ බුදුන් වැඩි මඟ දුටුව කෙනෙක් ..... නොනැවතී කුසල් රැස් කරන්න.බුදුන් දැක නිවන් දකීවා! (නි)
මෙන්න නියම ලංකාවේ කොල්ලෙක් ඔබ ගැන මම අවංකවම සතුටු වෙනවා ඔබට ජය මම ලීල් . නෙදර්ලන්තයේ සිට (ස)
චමිඳු සහෝදරයා !!!!!!!!!!!!!!! ඔබ ඇත්තටම ලංකාවට ආඩම්බරයක් ............. තවම අපේ මේ පුංචි දිවයිනේ මේ තරම් රත්තරන් හදවත් තියන මිනිස්සු ඉන්නවා කියල ලෝකය දැනගන්න ඕනේ. එක නිසා අපි ඔක්කොම අපේ මේ පුංචි රටේ නම අවලස්සන නොකරන්න බලාගන්න ඕනේ.(ස)
ඔබට ඔය අවංකකම ලැබුණේ ඔබ ශ්‍රී ලංකාවේ ඉපදුන නිසාමයි... ඒ නිසා ශ්‍රී ලංකාව අමතක නොකරන්න...ඔබට ජය....! (ස)
රටටම ආඩම්බරයක්.(අ)
කතාව ඇත්ත . ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින් ඔබ ආරක්ෂාකරයි. මුළු මහත් ලෝකයටම ආදර්ශයක්.ඔබට ජයෙන් ජයම වේවා ! (ස)
රට,ජාතිය,ආගමටත්,ඔබ හැදූ දෙමවුපියන්ටත් ඔබ කළේ ලොකු ගෞරවයක් (නි)
රජයේ හෝ පුද්ගලික රැකියා කරන හැම කෙනෙක්ම බදු ගෙවන්න ඕන.හැම කෙනෙක්ගෙම වත්කම් අදායම් විස්තර රජය දන්නවා. ආයතන එකිනෙක බැඳී පවතිනවා. (ස)
අහම්බෙන් මතුවුණු නියම ශ්‍රී ලාංකිකයෙක් , ඔබට ප්‍රණාමය!.... රටේ නම කන්නවුන්ට ආදර්ශයකි,.(අ)
ඔයා රටටම ආඩම්බරයක් මල්ලි. (ස)
ඇත්තටම ලක්මවගෙ පුතෙක් ... රටට ම ආඩම්බරයක්..(අ)
ඇත්තටම ඒ ළමයා කරපු හොඳ දේ නිසා හොඳ ප්‍රතිපල ලැබුණා. අනිවාර්යෙන්ම අනාගතේ වාසනාවන්තම වෙනවා. ඒ ළමයාගේ දෙමව්පියන් හොඳ අය වෙන්න ඇති. මුලිකම දේ ඒකයි. (ස)
මේ ආචාරය චමිඳු ගේ ගුණ යහපත්, ආදර්ශමත් දෙමව්පියන්ටයි . ! (අ)
චමිඳු,ඔයා හරිම අවංක පුද්ගලයෙක් (නි)
රටේම තිබෙන සම්පත් විකුණාගෙන හරි තමන්ගේ මඩිය තරකර ගන්න මිනිසුන් වෙරදරන කාලයේ, සැමටම ආදර්ශයක්. ඔබ හැදු වැඩු දෙමව්පියන් රටට තමන්ගේ උපරිම යුතුකම ඉෂ්ටකොට ඇත. දරුවන් හැදීමට ඕනෑම කෙනෙකුට හැකිය. යහපත් දරුවකු හැදීමයි අද අපහසු. (නි)
මට මේක හම්බුනා නැනේ. (අ)
ජීවිතය කෙටියි. ඉන්න ටිකේ සැප සම්පත් ලබා මැරිලා යන්න ඕනෑ. ලබන ආත්මය කාටද? මොකටද? මේ ළමයා ලොකු අනුවණකමක් කරලා කියලයි මම නම් කියන්නේ. අර සල්ලි ටිකෙන් ලංකාවට ඇවිල්ලා, ලස්සනට පවුලේ අයවත් ගොඩ අරගෙන ඉන්න තිබුණා නේද? ඒත් දැන් මොනවා කරන්නද? සමාවෙන්න මේ මට පහළ වූ අදහස් වලට (නි)
චමිදු මල්ලි, කියන්න වචන නැහැ.මාත් එක්ක එකට වැඩ කරන සුද්දෝ, මට පත්තරේ පෙන්නලා මගෙන් විස්තර ඇහුවා.මම ආඩම්බරයෙන් ඔවුන්ට කිවුවා "මේ මගේ ශ්‍රී ලංකාවේ අවංක කොල්ලෙක්" කියලා.මම මේ දවස් වල ශ්‍රී ලාංකිකයෙක් හැටියට වැඩකරන තැන පුදුම ආඩම්බරයකින් වැඩ කරන්නේ.ඒ ඔයා නිසා.ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ මල්ලි.ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔබගේ අවංකකම හා පරිත්‍යගසීලී භාවය ලංකාවේ සිටින දේශපාලකයන් සැම දෙනාටමත් මහඟු ආදර්ශයක් වේවා. චමිඳු ඔබට වාසනාවන්ත අනාගතයක් වේවා!. (අ)
ගිහාන්, මම ධම්මපදයේ කොටසක් උපුටා ගත්තේ නම් නැත. මම දන්නා ධර්මය කැටිකොට සාරංශ කර ලිවුවෙමි.මම ධර්මය දන්නවාද කියන එක මම දන්නේ නැහැ ඒත් ධර්මය හා ජීවත් වෙන බව නම් දනිමි.තමා මෙතන ඉන්නවාද කියලා ඔබ සිතන්න. (නි)
තෙරුවන් සරණ ඔබේ ජීවිතය ආලෝකවත් කරාවි (නි)
චමිඳු, ඔයාට තවත් දෙයක් කියන්න තියෙනවා. කවුරුන් හෝ ඔය දමා ගිය මුදල් හොඳින් ඉපයූ මුදල් නොවන බව සහතිකයි. නැත්නම් එයට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි. පුවත්පත්වල පළවූ ඔබේ ජායාරූපය නිසා දැන් ඔබ අවදානමේ. නොදන්නා රටක ජීවත් වන ඔබ ඔබේ ආරක්ෂාව ගැනයි දැන් සැලකිලිමත් විය යුත්තේ.(ස)
ඔබ වැනි පුතුන් මුළු මහත් ලෝකයටම ආදර්ශයක්.ඔබගේ අනාගතය දියුණුවෙන් දියුනුවටම පත්වේවා.බුදුසරනයි. (අ)
ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම සහ ස්ථිර පදිංචිය සදහා වීසා ලබා දීම යනු කාරණා දෙකකි.අපි මේ මල්ලිට සුභපතන අවස්ථාවේ, මාගේ අදහස වැරදි විදියට හිතන්න එපා (නි)
"යාදීසං වපතේ බීජං - තාදීසං හරතෙ ඵලං" යමෙක් වපුරන ලද බීජ අනුව අදාළ පලයද නෙලාගනී. රත්තරන් පුතේ, ඔබ කරන ලද ඉතාමත් විරලවූ මේ උතුම් ක්‍රියාවම ඇති ඔබගේ ආදරණීය දෙමව්පියන්ට මුළු ජීවිත කාලය පුරාවටම සතුටු වෙන්න. ඔවුන් සතුටු කළ පිනම ඇති ඔබට අනාගත දිවි පෙවෙත නිදුක් නිරෝගී වන්නට සහ සාර්ථක වන්නට. (අ)
ගිහාන්, මගේ හිස් වැසුම ඉවත් කර ඔබට හිස නමමි. නැත්නම් මමත් කුහකයෙක් වේවි. (අ)
බලන්න ලංකාවේ ඉන්න තරුණ දරුවන්ට මොනතරම් ආදර්ශයක්ද කියා. අතට පයට සෑම දෙයක්ම මව්පියන් කරලා දෙමින් ආණ්ඩුවෙන් නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදෙමින්, ජීවත් වන වටපිටාව ලංකාවේ තිබෙනවා.ඊට පසුව රජයේ ආයතනයක ලොකු පුටුවක් අත ළඟටම වහාම බලාපොරොත්තු වෙනවා. මේ තරුණයා දෙමව්පියන්ගෙන් ඈත්ව දුර රටක , අර්ධ කාලීන සාමාන්‍ය රැකියාවක් කරමින් තමන්ගේ අධ්‍යාපනයට මුදල් සොයාගනිමින් ලෝකයට බරක් නැතුව ජීවත් වෙලා සියල්ලන්ගේම පැසසුමට ලක් වුණා. අපේ රටේ ඉන්න සමහර දරුවන්ට සැප පහසුවට මොනවා තිබුණත් මදි. චමිඳුට ජය සතුට පතමි. (නි)
චමිඳු සොයුරාට සුභ පැතුම්. දෙමව්පියන්ටත් මගේ ගෞරවය. දැන් අපේ රටේ ඉන්න අලි හොරුන් , බදු හොරුන් , බැංකු හොරුන්ගේ මව්පියන්ට නම් මේ පුවත ඇහුවොත් හොඳටම ලැජ්ජා හිතේවි. දරුවන් හදා වඩා ගනිද්දී තමන්ට වැරදුනේ කොතනද කියලා ඒ උදවියට කල්පනාව පහළ වේවා! (නි)
හොඳ වැඩක් (ස)
ශ්‍රිලාන්කික අපට ඔබ මහත් ආඩම්බරයක් ....(ස)
ජයන්ත විතාන. ධම්ම පදයේ කොටසක් උපුටා දක්වන ඔබ ධර්මය දන්නා ධර්මයෙහිම හැසිරෙන කෙනෙක්ද.? (අ)
රටක් වටින නියම කොල්ලෙක්. වරදින්නෙ නෑ කවදාවත්. ජයවේවා.........(ස)
මෙයින් රටේ සිටින බුද්ධිමත්, දක්ෂ, අවංක පුද්ගලයන් රට හැරයාම තහවුරු වන අතර බුද්ධියහීන, අදක්ෂ, වංක පිරිසක් රටේ ඉතිරිව සිටින බව නොවේද? මැතිවරණ ප්‍රතිපල වලිනුත් පුනපුන පවසන්නේ මෙය නොවේද? (අ)
ශීලයේ ආනිසංස වශයෙන් මෙලොවදී ම මහත් වූ භෝගයන් ලැබීමත්, කීර්තියත් දක්වා ඇත. අනුන් දෙය නොගෙන පිරිසිදු චේතනාවෙන් ආපසු භාරදීම තුලින් ඔබ එකී ආනිසංශ ලබා ඇත. ඔබට ජය පතමි! (අ)
අපිට හරිම ආඩම්බරයි.ඕනෑම වටිනා වස්තුවක් ලැබුනාම ඒක රජයට බාර දුන්නම වසර දෙකක් තුළ කවුරුවත් ඉදිරිපත් වුණේ නැත්නම් ඒක සොයාගත් තැනැත්තාට දීම මෙහෙ නීතියයි. (නි)
අගේ ඇති ක්‍රියාවක්. (අ)
වැඩිදෙනෙකුට බොහෝ නැතිබැරිකම් අපහසුකම් තියෙනවා.ගිහාන් ඔබ එයින් මිදෙන්න උත්සහ කිරීමත් ලොකු දෙයක්! නිතරම සිතන්න පුරුදු වෙන්න ඔබට වආ බොහෝ අමාරුකම් තියෙන අය ඔබ වටා සිටින බව. එවිට ඔබේ සිත් නිවී යහපත් දේවල් කරන්න හැකිවේවි! එය මේ පින්තුරයේ සිටින අවංක ශ්‍රී ලංකික දරුවෙකුගේ යහපත් ක්‍රියාවක් දැකීමෙන් සිදුවූ දෙයක් කියා සිතන්න. එම සිතිවිලි ඔහුට ජිවිතගමනට තවත් ශක්තියක් වේවි! පුතේ නුබටත්; නුබ ඇති දැඩි කල ඒ වාසනාවන්ත දෙමව්පියන්ටත් සුවබර හෙට දිනයක් උදාවේවා! (අ)
තාරකට ස්තුතියි,ලංකාවෙන් පිටවෙලා විදේශ වල ඉන්න අපි ගැන ධනාත්මකව සිතීම ගැන. බොහෝ උදවිය අපට දොස් කියනවා. අපි රටින් ගියේ මහා කැමැත්තකින් නෙමෙයි. රට අපිට හොඳ මදි නිසාත් නෙමෙයි. අපි සමහරුන්ට පුද්ගලික හේතු තිබුණා. ලංකාවේ බුද්ධිගලනයට හේතු රැසක් තිබෙනවා. ලංකාවේම ඉඳගෙන රටේ නම කැත කරනවාට වඩා පිටරට ඉඳගෙන හරි උපන් බිමේ නම බබළවන එක වැදගත්. චමිඳුට ජය වේවා! (නි)
ඔබගේ අවංකකම ගැන හරිම ආඩම්බරයි මල්ලි, ඒත් අපිට එහෙම වෙන්න බැරි එක ගැන නම් ලැජ්ජයි. (ස)
නියමයි! ඔබටත් ඔබේ පවුලටත් දෙවි පිහිටයි.(නදී)
ඔයාට ජයෙන් ජය මල්ලියෝ.....කවදාවත් වරදින්නේ නැහැ.(අ)
ලංකාවේ පොලිසියට බාර දුන්නොත් කොහොම ඇතිද ඔබට සුබ අනාගතයක් ! (ස)
නාලක බස්නායක, ඔයාට කතාවක් මතක් කරලා දෙන්නද? අහල තියනවද " බල්ලොත් නොකන සල්ලි " කියන වැකිය? (නි)
ද්විත්ව පුරවැසිභාවය නොමිලයේ ලබාදී අපේ රටෙනුත් ඉදිරියේදී ඔබ අගය කරාවි (නි)
රණා පරිසරයත් එකතුකරමු .ගිහාන් තම ගැන ස්වයන් විවේචනය කිරීමත් හොද ගුණයක්.හුග දෙනෙක් ලග නැත්තෙත් එයමයි. මේ මාත් සමග. (අ)
ඇත්තටම අගය කරනවා. (නි)
චමිදු,ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයක්,ඔබ වැනි පුතුන් දැයට දායාද කල දෙමාපියන්ට අපේ ප්‍රනාමය.!!! (අ)
චමිදු මගේ යාලුවෙක්. ඔහු ධර්මයට ලැදිව ජීවත්වන කෙනෙක්. වත්මන් තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක්. ඔහු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ කරලා තියෙනවා. උසාවි තීන්දුව හරියටම හරි. නඩුකාරයෝ බුද්ධිමත්. මගේ අදහස චමිදු මේ මුදල් පරිහරණය කිරීමේ කිසිම වරදක්, අසාධාරනයක් නැහැ. (නි)
සුනිල් පෙරේරා මහත්මයා, අනිවාර්යෙන්ම ලක් රජය ඔහුට ගෞරවනීය පුරවැසිකම දිය යුතුමයි. (නි)
අනේ මේ ළමයට පුරවැසිකම දුන්නා කිවුවහම නම් මට දුක හිතුනා. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලංකාවේ සල්ලි සුද්දන්ට දීලා වැඩිදුරටත් ඉගෙනගෙන අන්තිමට මෙවැනි හොඳ ගතිගුණ ඇති මිනිසෙක් සුද්දෝ අයිතිකරගත්තා. පිටරට පුරවැසිකම ගත්ත නිසා රටට ප්‍රයෝජනයක් ගන්න ලැබෙන්නෙත් නැහැ. (නි)
මම හොදින් දන්නවා මෙහෙට ඉගෙනගන්න එන සිසුන් අමතර මුදල් සොයාගන්න වෙන මහන්සිය. එවැනි ආර්ථික රටාවක් තුළ ඔබ කළ උතුම් සත්ක්‍රියාවට අපගේ ප්‍රණාමය! (නි)
නියම සිංහලයෝ ඔහොම තමයි.(නදී)
මෙන්න අද කාලේ සැබෑ වීරයෙක් (දී)
මෙතන අදහස් දැමූ අයට ඔය මුදල් ලැබුණා නම්....? (නි)
මේ එක ප‍්‍රතිචාරයක්වත් සල්ලි වලට ගන්න පුළුවන්ද? මේවා මිළ කළ නොහැකියි. (නි)
පුතා,,, ඔබට මගේ ආචාරය පිළිගන්න. සියලු දෙවියන්ගේ පිහිටයි. (අ)
මෙතන තියෙන අදහස් දැක්කම මම පුදුම වෙන්නේ නැහැ. බිත්තර බඩේ තියාගෙන කතා කරන පිරිස සාධුවරයින් වගේ. ඔය වගේ මිනිස්සුන්ට තමයි "හක්කේ බුදුරැස්. .බොක්කේ දඩමස්.. " කියන්නේ. මේ කතාවේ වීරයා වන චමිදු අමරසිංහ තරුණ මල්ලියා , මට වගේම මෙහි අදහස් දාපු හැමෝටම " බැරි දෙයක් " ඔබ කළා. එහෙත් ඔබ එලෙස කළේ මොන හේතුවක් නිසාදැයි දන්නේ ඔබම පමණයි. නමුත් " වවාපු දේ කපා ගනී " කියමන වාගේ ඔහුට හොඳක් සිදු වී ඇති බව පෙනෙනවා.(නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
හොඳ කොල්ලෙක්. උඹට පුතා කවදාවත් වරදින්නේ නැහැ. දැන්කාලේ ඔය වයසේ අයටත් ආදර්ශයක්! ලොකු ලොක්කන්ටත් ආදර්ශයක්!ජයවේවා! (නි)
ඔබ අපේ රටේ නායකයෙක් වේවා! (නි)
මුහුණ හදවතේ කැඩපත බව කියන්නේ කට කහනවටය. ඔබට ශ්‍රී ලංකික අපගේ ප්‍රණාමය!!! (අ)
ඔබට සදා ජය! (නි)
පුතේ ඔබට බුදු සරණයි ජයෙන් ජය (අ)
මෙවන් තරුණයන්ට ඡන්දෙ දී පාර්ලිමේන්තුවට යවා ලංකාව ආසියාවේ ආශ්චර්ය කල යුතුයි. (අ)
මේ තරුණ සොහොයුරාගේ සද්ක්‍රියාව මෙතරම් පිරිසක් අගය කරද්දී , අනේ පුදුමයි ඒක ලඝුකොට සිතනවා විතරක් නෙමෙයි සුභපැතූ අයටත් බිත්තර බඩේ ආදී වශයෙන් දොස් කියනවා. පුදුමයක් නැහැ. මේක ලංකාවනේ! මෙහෙම හිතන උදවිය නිසා තමා මේ රටේ බුද්ධිමතුන් ඕස්ට්‍රේලියාව වැනි රටවල් අපෙන් ගෙන්නා ගන්නේ. (නි)
අවංකත්වය රජ වෙනවා. ඔබට සුබ අනාගතයක් (ස)
ඔබ නම් සැබෑම මනුෂ්‍යයෙක්. මේ ක්‍රියාව ගැන වෙන මොනවා කියන්නද. ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ඇත්තටම ආඩම්බර හිතෙනවා මේ වගේ අය හින්දා.ඔබට සුබම සුබ අනාගතයක්. කවදාවත්ම වරදින්නෙ නැහැ. ඔය දුන්නා වගේ දහස් ගුණයක් ලැබෙනවා.ජයවේවා! (නි)
ඔබට සම්මා සම්බුදු සරණයි සුබ අනාගතයක් ඔබට (දී)
පුතේ,ඔබ සිදුවෙන්නට තිබු අකුසලයක් වළක්වා 'සම්මා වායාමය' යොදා නිවන් මගට උපකාරී වන ඉතා වටිනා කුසලයක් කර ගත්තා. [නුපන් අකුසල් නුපදවීමද සම්මා වායාමයි]. ඔබට එය මීළඟ භවය සුගතියෙහි ඉපදීමට කොහොමත් උපකාර වේවි. නමුත් මේ කුසලයට ඊට වැඩි වටිනාකමක් දෙන්නට නම් විශේෂයෙන්ම සිතේ මාන්නයක් ඇති නොවෙන විදිහට මේ කුසලය නිවන් පිණිසම හේතුවේවා කියා නිතර නිතරම සිතන්න. ඔබගේ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා! තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණයි. (නි)
සිංහයෝ ඔහොම තමා (ස)
හොඳ දෙමාපියන්ගේ හොඳ සිංහල පුතෙක්.ඔබට ජය. (අ)
ලංකාවේ අනිත් අයත් මේ විදිහට ඉන්නවනම් ...1000 ට මෙහම එක්කනෙක්. (අ)
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී. (අ)
රටක තියන නීති පද්දතියත් එක්කම ඒ ඒ රටවල විනයත් ගොඩනැගෙනවා. ඒ අනුවයි රටක මෙවැනි දේවල් බලපොරෝත්තු වියහැක්කේ. යුරෝපිය රටවල මිනිසුන් අනුන්ගේ දේවල් වලට සිත්යොමු කරනවා අඩුයි. විනය, නිතිය ක්‍රමානුකුලව පවත්වාගෙන යන රටවල ජීවත්වෙන ඕනෑම විදේශිකයකු ඒ ඒ රටවලට අනුව ජීවත්වෙන්න පුරුදුවෙනවා. කෙසේ වෙතත් මේ සිදුවීමත් අගයකලයුතු දෙයක්.(ස)
මල්ලියේ ඔයා නම් අතිජාත ලංකා පුත්‍රයෙක්.විදේශයන්හිදී මෙරට අපහාසයට හා නින්දාවට පත් කරමින් ඩොලර් මදි ගසමින් සිතනා පාපතරයන් සිටින බිමක ඔයා නම් මඩේ පිපුණු නෙළුමක්.ඔබට අපේ උණුසුම් සුබ පැතුම්...! බුදු සරණයි...!! (අ)
ඕස්ට්‍රේලියාවෙනම ඉන්න මල්ලි.ලංකාවට එන්න එපා. ලංකාවේ අයගේ අවංකකම දැන් නැහැ. සුභ අනාගතයක්. (ස)
මෙන්න රටේ නම තියපු කොල්ලෙක්. හැබැයි, ඔහු සොයා ගත් ලක්ෂ 121න් ලක්ෂ 99ක් තමයි ලැබුණේ. එතකොට, ඉතුරු ලක්ෂ 22 ඕස්ට්‍රේලියානු රජයේ භාරයේද? කමක් නැහැ, මෙහෙ වුණා නම් ලක්ෂ 121ම රාජ සන්තකයි. (ස)
අවංකකම පරිත්‍යාගශීලී බව හොඳ ගතිගුණයක්. ඔබට බුදු සරණයි. (ස)
හොරුන්ගෙන් ගහණ මේ දූපතට අහිමි වුනු තවත් එක් අවංක දරුවෙක්.. තව ගොඩක් මෙවැනි දරුවන් අනාගතයේ දී ශ්‍රී ලංකාවට අහිමි වේවි. ඔබටත් ඔබ වැනි දරුවෙක් බිහිකල මව් පියන්ටත් තෙරුවන් සරණයි. (ස)
සිංහල රටේ සිංහල කොල්ලෙක් ඔබට ජයෙන් ජයම වේවා ! (ස)
අපේ සුබ පැතුම් (ස)
මම ඒ කොල්ලට නෙමෙයි මේ සුබ පතන්නේ. මෙයට අදහස් දැක්වූ සියලු දෙනාටම. හොඳ දේ හොඳ කියා කුහකකම නැති අවංක ඔයාල මේ දෙන ආශිර්වාදයෙන් ඒ කොල්ල පුදුම විදියට පොහොසත් වෙයි. ඔහුට ලැබුණ මුළු කෝටි ගාණනම ඔහු ගත්තත් සල්ලි වලින් ලබා ගන්න බැරි තරමට මේ අදහස් වටිනවා. (ස)
ඔබ ගැන කීමට වචන නැහැ.ඔබගේ අනාගත සියලු සිහින සැබෑ වේවා! තෙරුවන් සරණින් නිරෝගිමත් වේවා! ශ්‍රී ලාංකීය නම ඉහළට ඔසවා තැබුවාට ස්තුතියි. (නි)
කාලෙකට පසු ලස්සන පුවතක් අහන්න ලැබුන. (ස)
ලංකාවේ සිටින ලස්සන මිනිස්සු. ආඩම්බරයි ඔවුන් ගැන.(නදී)
ඔබට අපේ සුබ පැතුම්!!! ඔබ අපේ රටේ ගෞරවය හා කීර්ති නාමය රැක්කා..ඔබට ස්තුතියි. (ස)
මල්ලි මාත් ඉන්නේ මෙල්බර්න් වල..ඔයා වගේ මිනිස්සු නිසා තමා ලාංකික අපිටත් මෙහෙ මිනිස්සු සලකන්නේ.ඔයාට ජයෙන් ජය..කොහොමත් තමන්ට හිමි නැති කිසිවකින් කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නෑ.ඒ ලැබුණු මුදල් තවත් උතුම් කාර්යයකට යොමු කිරීම ගැන නෙවත ඔබ ගැන ආඩම්බර වෙමි. (අ)
මෙන්න කොල්ලෝ, ජය වේවා, (ස)
චමිඳුට ජයෙන් ජය පතමි. සඳුනිට සිතේ සැනසීම පතමි. සඳුනි ට පිටරට ඉන්න ලාංකිකයන් එක්ක බද්ධ වයිරයක් තිබෙන හැඩයි. (ස)
මේ මල්ලිගේ හිනාවෙන් මට පෙනෙන්නේ මෙයත් මං වගේ කෙනෙක් කියලයි. කපන්න බැරි ඇත ඉම්බින්නා වගේ කරපු වැඩක් මේක. මේ කොමෙන්ට්ස් දිහා බලන මල්ලියා මේ විදිහටම හිනාවෙනවා ඇති. (ස)
බොහොම හොඳ දෙයක්. හැබැයි ඔය රටේ පුරවැසිකම ලැබුන කියන්නේ ලංකාවේ පුරවැසිකම අතහැරිය කියන එක බව අමතක කරන්න එපා. (ස)
ප්‍රශංසා කරන්න වචන නැහැ. (ස)
හොඳ හදවතක් ඇති කොල්ලෙක්..ඒ අපේ නියම කොල්ලෙක්.. ලෝකෙටම හොඳ පණිවිඩයක් දීපු සැබෑ වීරයෙක්.. මගේ රට වෙනුවෙන් මගෙන් උණුසුම් සුබ පැතුම් ඔහුට.(ස)
බුදු සරණයි. (ස)
රටට ම ආඩම්බරයක් (ස)
ඔබේ ගුණයහපත්කම අගය කරමි.ඔබට යහපතක්ම වේවා..!!! (අ)
පද්මසිරි , රටට කලින් දරුවා ගෙදර හැදෙන පරිසරය මෙවැනි දේවල් වලදී සාධක වෙනවා. අවංකකම සහ අන් සතු දෙයකට අත නෝතැබීම අපිට පුරුදු වන්නේ ගෙදෙරින්. කනගාටුයි අපේ රටේ සමහර ගෙවල් වලත් දරුවන් පය ගසන සමාජයේත් නැත්තේම එයමයි. (ස)
ඔබ අපේ රටට ආඩම්බරයක්. (ස)
ඔබට බුදු සරණි. (අ)
වාසනාවන්ත අවංක පුතෙක් ඔයා. (ස)
ඇතුගල මේකේ ලියල තියෙන දේවල් බලලවත් හැදෙන්න උත්සකරන්න. මේ දරුවා කරපු වැඩේ හා සල්ලිවලට දැන් කරන්න යන දේ ඔබ වැනි යට හිත ගන්නවත් බැරිව ඇති. (ස)
අන්න නියම සිංහල කොල්ලෙක්. අවංක කම තමා වැදගත්. (අ)
තරුණ සොහොයුරාට සුභ පතමි. සඳුනි ඔබේ විසා අයදුම් පත ප්‍රතික්ෂේප වුනාද ඔස්ට්‍රේලියාව පාපතරයන් ගෙන් සිටින බිමක් කියන්නේ. ? රට අපහාසයට සහ නින්දාවට පත් කරන්න ලංකාව ඇතුලේ සිටින සමහරකුගේ ක්‍රියා කලාපය හේතු වන බව තමා බොහොම දෙනෙක් කියන්නේ. (අ)
ඔබට සුබ අනාගතයක් ඔබට කවදාවත් වරදින්නේ නෑ මගෙත් ආචාරය. (ස)
නියමි කොල්ලෙක්නේ. ඇත්තටම ආඩම්බරයි. (ස)
ඔබට ජයෙන් ජය සහෝදරයා. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක්. මගේ අවංක උත්තමාචාරය. දැන් ඉන්න මිනිස්සු එක්ක බලනකොට ඔබ ඉතා ශීෂ්ඨයි. කකා ඉන්න දේ පවා හොරකම් කරන මිනිස්සු ඉන්න කාලෙක ඔයා ගැන අපිට ආඩම්බිරයි. ඔය අවංක බවට ඔයාට හොඳ මාර්ගයක් තියෙනවා. දිගින් දිගටම අවංක වෙන්න. මිනිස්සුන්ට සලකන්න. වරදින්නේ නෑ එතකොට. (ස)
අවංකවම සුභපතනවා .... (ස)
බොහොහොම කලාතුරකින් ලෝකයට ඇත්ත දනවන්න ජනී ජනයාගේ මනස පවිටු බැවින් ,අාත්මර්තයෙන් මුදවන්න ශ්‍රේෂ්ඨයන් පහළ වෙනවා .මේ ඉන් එක් මිණි පහනක් ! (ස)
විශිෂ්ඨයි. හොඳ අයට කවදාවත් වරදින්නේ නැහැ. ඔබට ජය වේවා ! (ස)
රකිත්, කොටසක් බදු වලට ඉතිරිය කුමක් හෝ අරමුදලකට බැර කරන්න ඇති. උපයන හැම ඩොලරයකටම ශත පනහක් බදු. හැම දෙයක්ම කුමක්ද කරන්න ඕනේ කියල ක්‍රමවේදයක් තියෙනවා. (ස)
ජයවේවා මල්ලී, ලංකාවට ලොකු ආඩම්බරයක්. එසේම ඔබටත්. තරුණයාට සුබ පැතුම්!! (ස)
උපන් බිමට අපි අගරු නොකළ යුතු වෙමු. ඒත් මේ සිසුවාට හිමි විය යුතු බිම ඔහුට හිමි වුනා. ඔහු අනාගතයේදී ඒ භුමියට තවත් වත්කමක් වේවි. එය ඇසීමට තරම් කාලයක් මට නම් ඉතුරුවී නැත. (ස)
සහෝදරයා ඔබගේ ක්‍රියාව අප රටට පමණක් නොව මුළු ලෝකයටම ආදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි.......! (ස)
මේ රටේ බෝට්ටු වලින් ඇවිත් ශ්‍රී ලංකාවේ නම කතා කරද්දී ඔබ කල දේට අවංකව සිංහලයෙක් හැටියට සතුටු වෙනවා. (ස)
හොඳ කොල්ලෙක්. (ස)
අවංකවම සුබ පතනවා ...... (ස)
මුළු ලෝකයටම ආදර්ශයක්. මෙ අවංක කම ලැබුනේ ඹබ අපේ රටේ කෙනෙක් නිසා අපේ රටටත් ඹබේ දායකත්වය පසයන්න ඔබට තෙරුවන් සරණයි..... (ස).
මේ පින්බිමේ උපන් ඒ පින්වත් දරුවට අපි සුබ පතමු. (ස)
සිංහ කොල්ලෝ අවංකයි.ඔබේ අවංකකම මම අගය කරනවා ඔබේ ඒ තිබුන අවංකකම නිසා තමයි ඔබට මේ දේවල් ලැබුනේ.මේක මුළු ලෝකයටම ආදර්ශයක් (නි)
මල්ලි මේ පත්තරේ ඔයාට උපහාර දාලා තියෙන අයියලාගෙන් පරෙස්සම් වෙන්න. ලංකාවේ දී නම් උස්සාවි. (ස)
පුතා, නියම සිංහලකම ඕක තමයි. ජයවේවා ! (ස)
පුතේ , මුදල්වලට වඩා වටිනා දේවල් ඇති බව ඔබ තේරුම් ගෙන ඇත . ඔබට සුභ අනාගතයක් .! (ස)
මේ වගේ අවංක අය අපේ රටේ පාර්ලිමේන්තුවේත් හිටියනම්. (ස)
දෙමවුපියන්ටයි රටටයි මොනතරම් ආඩම්බරද? (නි)
සුබ පැතුම් චමිදු....ඔබට සුබ අනාගතයක්...!!!... (ස)
ලංකාවේ පොලීසියට සල්ලි දුන්නා නම් ඔච්චර කල් බලන් ඉන්නේ නැහැ. පොඩි ගානක් ලැබුනා කියලා උසාවියට කියයි. පොත් හදයි. අන්තිමට ඔයා හරි හොඳ කොල්ලෙක් කියලා විතරක් කියාවි. (ස)
මල්ලී ලංකාවට ඒන්න ඒපා ඔයාව උස්සාවි මේ අයියලාම. (ස)
ඔබගේ මෙම ක්‍රියාව ඉතාමත් ප්‍රසංසනීයයි. ඔබටත් ඔබගේ දෙමවුපියන්ටත් මගේ ප්‍රණාමය....!!! (ස)
කොල්ලෝ,මම දන්නේ නැහැ ඔයාගේ වයස කීයද කියලා.හැබැයි නුඹ හරිම ශ්‍රේෂ්ඨයි.මොකද මමත් නවසීලන්තේ හිටපු කෙනෙක්.පිටරටක ඉන්නකොට ඩොලර් ලක්ෂයක් හමුවීම කොච්චර වටිනවද? කවුරු මොනවා කිව්වත් කොල්ලෝ ඔයා ශ්‍රේෂ්ඨයි.ලබන ආත්මෙත් බෞද්ධයෙක් වෙලා ඔයා වගේ රටක ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න.මගේ ප්‍රාර්ථනාවත් එයමයි. (නි)
අව්‍යාජව ලස්සනට හිනාවෙන්න පුලුවන් ලස්සන හදවත් තියන අයට පමණයි. බුදු දහමින් පෝෂණය වූ ඔබ ද එවන් උතුම් සිංහල පුතෙකි. ගුණවත් තරුණයා ඔබගේ අනාගතය පැහැදිලියි. බුදු සරණයි. (ස)
සහෝදර සහෝදරියන් ගහල තියන කොමන්ට්වලට වඩා ගත්ත ත්‍යාගය වැඩිය වටිනවා ඊටත් වඩා වටිනවා ඔහුගෙ සත්‍ය උතුම් බව ඔහුගෙ ජීවීතය හරි ගමනක මගෙ උපහාරය දක්වමි (ස)
ඔයා වගේ මිනිස්සු මේ ලොකේට ඕනේ. ලංකාවට එන්න එපා. ලංකාවට ඕනවෙන්නේ හොරු... ඔබට ජය වෙවා!!! ලොකු දෙයක් කරන්න. (ස)
අපරාදේ සල්ලි ටික පන්සලට දුන්නේ (නි)
අති විශිෂ්ටයි! (නි)
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න හොඳ සුදුස්සෙක් (ස)
ධර්මයේ හැසිරෙන්න ධර්මය විසින් ඔබ ආරක්ෂාකරයි ..ඔබ තවත් ධාර්මික වන්න ..තේරුවන් සරණයි
හොඳ කොල්ලෙක් (නි)
මෙය තමයි සැබෑ ශ්‍රිලාන්කිකත්වය (ස)
චමිදු ඔබ වැනි පුද්ගලයන් අවශ්‍ය කරන්නේ .අපේ රටටයි ..එන්න මව්බිමට උදවූ කරන්න ඔබවැනි පුද්ගලයන් යුත් සමාජයක් ගොඩනගන්නට .අපේ සහය ඔබට ,...(ස)
නයම කොල්ලෙක්...එල.. (ස)
මුදල කීය වුණත් අවංක කම අගය කරමු. අනාගතයේ යහපතක්ම වේවා...!!! (අ)
අපේ රටේ හොද අය ලෝකෙ හැම තැනම ඉන්නවා. මම ඔබට සුභ පතනවා! (අ)
ඔබට හොදම රට ඔස්ට්‍රලියවයි. අපේ රටේ ඉන්න මිනිස්සුන්ට අවංක අයගේ අගයක් නැහැ.සුබපැතුම්. (අ)
ඔබේ අවංක භාවයට සුබ පැතුම් ලංකවට නම් එන්නවත් එපා (අ)
මල්ලී මෙහේ එන්න එපා. ඔයාට ගැලපෙන්නේ ඔහේ. අපිට අපේ රට ගැන දුකයි. ඔයා ගැන සතුටුයි. (ස)
ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ඨයෙක්.(නදී)
සත්තකින්ම ඔබ මහා විරුවෙක්. (ස)
විශිෂ්ට ශ්‍රි ලාංකික තරුණයෙක්. සුබ අනාගතයක්. හැබැයි තම මවු රට අමතක කරන්න එපා. (අ)
ඔබ ලංකාවට කීර්තියක් ...! ලෝකයටම ආදර්ශක් ...! තෙරුවන් සරණයි ..! (ස)
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යන්ගනාවන් මනු ලෝ තලයේ වාසනා (ස)
නියමයි. ලංකාවේ නම තිවුවට අපේ ප්‍රණාමය. (ස)
ඔබ සැබවින්ම අපට සබැ ආඩම්බරයක් ..ඔබේ අවංක කමට සහ පරිත්‍යගශිලිත්වයට ඔබට ලැබිය යුතු උපරිමය ලැබිල තියෙනවා..ඉගෙනීම සාර්ථක කරගෙන ජීවිතය ජය ගන්න.ඔබට සියලු දෙවි රැකවරණ.මේකේ තියෙන වැදගත්ම දේ මේ මුදලට අයිති කරුවෙක් නොමැති වීමයි.අපේ සල්ලි වලින් කෝටියක් විතර අමතක වෙලා ගිහින් හොයන්නේ නැති අය ඉන්නේ මොන රටේද අප්පා.මේක මට හිතෙන විදියට කළු සල්ලියක් වෙන්න ඕන.(අ)
ඔය අපේ රටට ආඩම්බරයක්.ඔයගේ අවංකත්වය ඔයාව හොඳ තැනකට ඔසවා තබාවි. (අ)
මෙය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණේ මේ විදියට http://thenewdaily.com.au/news/2014/05/09/honest-cleaners-80k/ (ස)
ඔබ ඔබේ අම්මාට තාත්තාට ඔවුන්ගේ නමට ගෞරැවයක් ලබා දුන්නා. ඔබ ඔබේ රට ජාතියට ආඩම්බරයක්. ඔබට සුබ අනාගතයක් වේවා ! (ස)
නියමයි කොල්ලෝ. ලංකාවෙ වුණා නම් සල්ලි ටික දේශපාලකයන්ගේ සාක්කුවේ (අ)
දැන් ඉතින් පොඩි පොඩි වැඩ කරලා දුක් විඳින්න ඕනේ නැහැනේ සුබ අනාගතයක්..(ස)
අභිමානවත් වැඩක්...!!! ඔබට ශ්‍රී ලාංකික අප සැමගේ හදපිරි සුභ පැතුම් එක් කරන අතර මෙවැනි පුවත් දිනපතා එකක් හෝ දෙකක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්ගෙන් ප්‍රචාරය වනවානම් රටේ තරුණ මොළ වඩා පලදායි ලෙස මෙහෙයවීමට හැකිවෙතැයි අපේක්ෂා කරමි. පොඩ්ඩකට මාසයක් දෙකක් මෙවැනි පුවත් වලට ඉහල ප්‍රචාරයක් දීල බලමුද? (අ)
ඔබගේ මුහුණේ ප්‍රියකරු සිනාවෙම ඒ අවංක කම ලියවිලා තියෙනවා. කොහොමත් ඔබ වගේ අයට දැන් ලංකාව ගැලපෙන්නේ නැහැ. ලංකාවේ දැන් හොරු, තක්කඩි, බොහොමයි. ශ්‍රී ලංකාවේ නමට ඉහල වටිනාකමක් දුන් ඔබට ජයෙන් ජයම පතනවා ! (අ)
මේ ලස්සන උතුම් දිවයිනේ උපන් මේ වගේ අය අපිට වටිනවා. (ස)
අවංක දරුවෙක් ඔබේ අනාගතයට තවතවත් වසනා වන්තදොරෙගුලු එරේව තවත් සිංහල කොලුපැටියෙක් (අ)
ඔබ වැන්නන් සොයා ගැනීමට ඉතාමත් අපහසු සමාජයක (විශේයෙන් අපේ රටේ) ඔබ අපිට ආඩම්බරයකි. ඔබ වැනි පුතෙකු බිහිකිරීමට ලැබුණු දෙමාපියන්ට ඊටත් වඩා ආඩම්බරයකි. ඔබව, ශ්‍රී ලංකා පර්ලිමෙතුවට ගෙන්නලා අගය කල යුතුඉ කියල තමයි අපි යෝජනා කරන්නේ. මොකද ඔබව එතන ඉන්න අයට ආදර්ශයක්. ඔබට තෙරුවන් සරනය්! සියලු දෙවි රැකවරණයි !(ස)
ඔබේ අවංකභාවය මුළු මහත් ශ්‍රී ලංකා වාසි ජනතාවටම අභිමානයක් . (ස)
අනේ සාදු සාදු (අ)
අතාජාත ශ්‍රී ලංකා පුත්‍රයෙක් (අ)
මල්ලි අවංක හිතක් තියෙන මනුස්සයෙකුට කවදාවත් වරදින්නේ නැහැ .බුද්ධගමේත් කියවෙන්නේ ඔය ටිකමනේ. ඔබට සුන්දර අනාගතයක් පතමි. (අ)
මම අගය කරන්නේ මේ ළමය පමණක් නොව ඔහුගේ දෙමාපියනුත් ඉගෙන ගත් පාසලත් වන සියලු දෙයක්මය.
ඔබේ සත් ක්‍රියාවෙන් ඔබටත් , ඔබේ දෙමාපියන්ටත් වගේම උපන් බිමටත් ලැබෙන කීර්තිය ප්‍රසංශනීයයි !ඔබට මාගේ ප්‍රණාමය!(අ)
අපේ පුරවැසියන්ට මෙන් ලොවටම ඔබ ආදර්ශ මිනිසෙක් ..!ඔබ කල සේවයේ වටිනාකම මිල කල නොහැක .. මගේ දරුවනුත් ඔබ වන් සබැ මිනිස් ගුණයෙන් පිරුනු පුරවැසියෙක් කිරීමට අම්ම කෙනෙක් වන මාද ගෙවෙන හැම තප්පරයකම වෙහෙසෙමියි. ඔබට දිව්රා පොරොන්දු වෙමි ..! ඔබටත් ඔබ මේ ලොවට එලිය කල දෙමා පියන්නටත් නිදුක් නිරෝගී සුව දේවාශිර්වාද පතමි ..ඔබට ජය ශ්‍රී !!!! (ස)
නියමයි කොල්ලෝ! (නි)
රට තුළත් ඉන් පිටතත් සිට මව්බිමේ නාමය කෙළෙසූ සිය ගණන් ලාංකිකයන් අතර, චමිදු ඔබ ශ්‍රේෂ්ඨයි! ශ්‍රී ලාංකිකයන් සතුව අවංක, උදාර සහිත සිතක් තිබෙන බව ලොවට පෙන්වා දුන් ඔබ මව්බිමට මහත් ආඩම්බරයක්. ඔබට ජය නියතයි! මෙවන් පුවතක් පිිළිබඳ ලාංකිකයන් දැනුවත් කළ ලංකාදීපය සිය මාධ්‍ය වගකීම ඉටු කළා. (අ)
ඔබට ජයම වේවා. ! (ස)
ඔබ ඇත්තෙන්ම කල දේ ගැන අගය කරමි..දෙමාපියන් ඔබ යහ මග නියමාකාරයට යව තිබෙනවා.. ඔබ ලංකාවේ සිටියානම් මේ කුහක දේශපාලකයන් බිල්ලට ගන්නවා නොවනුමානයි. ලංකාවට නොඑන තරමට හොදයි. ඔය රටට වෙලා අනාගතය ගොඩනගාගන්න. ඔබට ආසිරි. (ස)
ඔබට හොඳම රට ඕස්ට්‍රේලියාවයි. ඔබට සුබ පතමි! (නි)
ගොඩක් සතුටුයි. ඔබට සුබ අනාගතයක්! ඔබ මුළු ලෝකයටම ආදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි! (නි)
හොඳ වැඩක් (අ)
ඔබගේ මෙම ක්‍රියාව මුලු ලෝකයම අගය කරනවා (නි)
පුතා, ඔයා හදපු දෙමුපියන් ට තමයි ස්තුති වන්ත වෙන්න ඔනී. ලංකාවේ අයගේ වැඩ දිහා බැලුවහම. කොහොමත් ඔබ හොද නම්බුකාර ලාංකිකයෙක්. (අ)
''හිටියොත් හොදට හැදී , දෙවියොත් නමට වදී'' නියමයි කොල්ලෝ .සුපිරි වැඩක් කරලා තියෙන්නේ . (ස)
අපි බලමු අපේ සිරි ලංකාවෙන් මොකද කරන්න හදන්නේ කියා (නි)
මාධවී, ඒ කියන්නේ උපයන ආදායමෙන් 50%ක් බදු ගෙවනවා. මා දන්නා පමණින් අපේ රටේ වැඩිම අදායම් බදු අය කිරීමේ අනුපාතය 24%යි. දෙවේලේ දකින කුකුළාගේ කරමලේ සුදු පාටයි කියන්නේ එකනේ. අපේ රටේ වටිනාකම තේරෙන්නේ නැහැ. ආශ්චර්යයක්ම නොවැ. හැබැයි, මට තියෙන ප්‍රශ්නය මෙච්චර හොඳ රටක් දාලා සමහරු බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට යන්න දඟලන්නේ ඇයි කියන එකයි? (ස)
ඔබගේ මෙම ක්‍රියාව ඉතාමත් ප්‍රසංසනීයයි. ඔබටත් ඔබගේ දෙමුපියන්ටත් මගේ ප්‍රණාමය....!!! (අ)
සුභ පැතුම්. (ස)
අපරාදේ ඉතුරු 19000. (නි)
මට මේ වගේ සල්ලි බෑග් එකක් හම්බ වෙලා ආපසු ලැබෙන්න සැලසුවා. අවුරුදු 20 කට විතර උඩදී තරු පහේ කොළඹ හෝටලයක වැඩ කරපු කාලේ,එකේ ලක්ෂ 6 විතර තිබුනා දළ වශයෙන් හදුනාගත් මුදල් පමණක්. නමුත් මගේ අවංක කමට මට ලැබුනේ රුපියල් පන්සීයක් සහ සහතිකයක් පමණි. (ස)
ශීඝ්‍රයෙන් දියවී යන මිනිස්කමට ඔබ තැබූ අවංක බවේ සලකුණ, සදා අමරණීයයි. (ඔබගේ ක්‍රියාව ඉදිරියේ අප සිටින්නේ කොහෙද ?) (නි)
හොඳ අවංක හදවතක් තිබෙන කොල්ලක්. පින්වන්ත දෙමවුපියන්ගේ දරුවෙක්. ඔබගේ අනාගතය සාර්ථක වන්න හදවතින් ප්‍රාර්ථනා කරනවා (නි)
ඔබ ශ්‍රී ලංකා මාතාවගේ උතුම් පුත්‍ර රත්නයන් තෙරුවන් සරණයි ! (ස)
ජාතික වීරයෙක්!!! (නි)
අපේ රටේ ඉන්න සියල්ලන්ටම වාගේ මටත් ඔබේ ගතිගුණ පිහිටලා නැහැ. ඔබ වැනි අවංක මනුස්සයින් හොයාගන්න මේ කපේදී බැහැ. අනිත් උන් වාගේම මමත් පිරිහිලා. හොඳ නරක අපිට තේරුණත් අමාරුකම් නිසා අපි පිස්සෝ වෙලා. අපට උගත්කම තිබුනත් අපි හැමෝම කුහක වෙලා. ඔබ කළ දේ හොඳදැයි සිතා ගන්න බැරි පිරිසක් තමයි අපි. ඔබගේ සිතුවිලි සහ පැවතුම් ගැන අගය කරන්නට මට පුළුවන් උනත් චමිදු මල්ලියෝ, ඒක මගේ හිතට දැනෙන්නට කියන්නට මට බැහැ. හේතුව මගේ කුහක කම නෙවෙයි. මම ඔබ මෙන් අවංක නැතිකමයි. ඔයාට බොරුවට කොමෙන්ට් දාලා ප්‍රසංසා කරනවාට වඩා මම මා ගැන දන්නා දේ එළිපිට කියා ඔබ මෙන් වීමට මම උත්සාහ කරනවා. ඇත්තම කියන්නම් චමිදු, ඒ උත්සාහය මම කරන්නේ අවුරුදු ගානක සිටයි. (අ)
බෞද්ධ ගුණ ඇති සිංහල කොල්ලෙක් ඔබට දීර්ඝායුෂ බුදු සරණයි (අ)
නියම කොල්ලෙක්...බුදු සරණයි (අ)
ඔතන තිබී හමුවුනේ ඩොලර ලක්ෂයක්දම කියලා දන්නේ ඔහු . සල්ලි වලට මෙරුන මිනිහත් දත් පෙන්වන කාලයක මොහු කර තිබෙන්නේ හදවතින්ම අවංක සේවයක්. (අ)
විශිෂ්ටයි සහෝදරයා! ඔබගේ අනාගත බලාපොරොත්තු සඵල වේවා! (නි)
ඔබේ අවංකත්වයට ස්තුති, සුබ අනාගතයකට ආසිරි (ස)
මල්ලී, ඔබ කළ ක්‍රියාව අපේ රටටම මහත් අාඩම්බරයක්. ඔබට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ සමග සුභ අනාගතයක් පතමි ! (නි)
විතානගේ හිතන්නේ බෞද්දකම නිසයි මෙහෙම උනේ කියලද ? (අ)
ඩොල්ලර් 100000 වඩා ඔබේ අනාගතයට කොටි ගණක වටිනාකමක් අද ලැබිල ඒ ඔබේ අවන්කකමට ලංකාවේ මටත් ආඩම්බර හිතුන ඔබට ජය. (අ)
සිසුවණනි.. ඔබ අපේ රටේ නම ලෝකයට අරන් ගිය.. ඔබට මගේ සුබපැතුම්.තෙරුවන් සරණි. (අ)
අපි කොහොමත් ඔහොමයි අපේ එවුන් ටිකයි චාටර් අපේ ප්‍රණාමය යාළුවා (අ)
ගුණ දම් ඉතාමත් හොඳ ආයෝජනයකි, මෙලොවටත් පරලොවටත්. (ස)
"පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරු.....ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු......"ඔබ වැනි අවංක පුතෙකු ලොවට දායාද කල වැදගත් මව් පියන්ට අපගේ ගෞරවය! ඔබට ශුභ අනාගතයක්! (අ)
මෙතන තියෙන්නේ ආගම් වල ප්‍රස්නයක් නොවෙයි .උතුම් ගතිගුණ වලින් පිහිට තිබීම.අනික උතුම් රටවල් වල අය ,මිනිසුන්ට දක්වන ප්‍රතිචාරය , ඉතා ඉහල අගයකින් තියෙනවා .අපේ රටේ නායකයින්ටත් මේවා හොඳ පාඩම්. (අ)
අවංකකමට අවස්ථාවක් ලැබෙන්නේ අවංකව සිතන මිනිසුන් අතර විතරයි. ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර වුනාට ලංකාවේදී ඔය දේ වුනානම් ලැබෙන අගය මොකක්ද. අහුලලා දුන්න සල්ලිවලට මොකද වෙන්නෙ. මොනවා වුනත් ඔබ ගැන අපි ආඩම්බර වෙනව. (බ)
දිනෙක ඔබ රජෙකු වේ වී යි මට සිතුනි (අ)