කුරුණෑගල බඩගමුවේ දී පසුගිය පස්වැනි දා පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල් වරයකුට තුවාල කළ සිද්ධියේ ආරක්ෂක අංශ සැකකරුවකු ගිනි අවියක් පෙන්වීමට උඩුදුම්බරට රැගෙන ගිය අවස්ථාවේ ගැටුමක් වී යැයි ස්ථිර නොකළ ආරංචි කියයි.
කුරුණෑගල බඩගමුවේ දී පසුගිය පස්වැනි දා පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල් වරයකුට තුවාල කළ සිද්ධියේ ආරක්ෂක අංශ සැකකරුවකු ගිනි අවියක් පෙන්වීමට උඩුදුම්බරට රැගෙන ගිය අවස්ථාවේ ගැටුමක් වී යැයි ස්ථිර නොකළ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයා දැන් මැරිලා ඇති. අවි පෙන්නන්නනේ එක්කරගෙන ගිහින් තියෙන්නේ.(නදී)
අපි මෙතන අදහස් දමන, ගොඩක් අය කලින්ම සිතුවා මේ සැකකරුවන් ලග හංගපු අවි ඇති කියලා. (නදී)
හරියට හරි.(නදී)
මේවට හරියි කියන්නත් බැහැ .වැරදියි කියන්නත් බැහැ. පොලිසිය කියන්නේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවිය යුතු පිරිසක්, මේ අය දේශපාලන බලපෑම් වලින් ,දුෂණයෙන්, වංචාවෙන් ගලවාගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුයි.(නදී)
මරලා නම් දැන් හුඟක් දෙනෙකුට සන්තෝස ඇති. මීළඟට මිනිස්සු පලි ගන්නේ මීට වැඩියෙන්. (නදී)
ගිහිල්ල තියන්නේ නම් හරි පාරේ. නමුත් පිටිපස්සේ කව්රු හරි බලවත් ලොක්කෙක් ඉන්න වද ?(නදී)
මේ විදියට හැම සැකකරුවෙක්ම ආයුධ පෙන්වන්න ගිහින් මැරුම් කනවා නම් උසාවි තියෙන්නෙ මොකටද? මරන දඬුවම් දෙන්නෙ උසාවිය නේද? (නදී)
මේ වැඩේ වැරදියි. නීතිය පාච්චල් කරලා විඳවපල්ලා අනාගතේ. (නදී)
මමත් හිතුවා හංගපු අවි හොයාවී කියලා.(නදී)
පොලිසිය නිවරදිව තම රාජකාරිය කරානම් මෙහෙම දේවල් වෙන්නේ නෑ .(නදී)
අපේ සිංහලයන් ම්ලේච්චයි කියන අරාබි ෂරියා නීතියට වඩා මේ ක්‍රමය කෙතරම් ම්ලේච්ච්ද? බෞද්ධ රටකට ලජ්ජා හිතෙන, යුක්තියක් නැති නීතියක් නැති මේ ක්‍රමයට ආවඩන අය මේ මිනීමරු ක්‍රමයේ භයානක කම තාම දැක නැත. අහෝ ඛේදයකි! (නදී)
සැකකරු පොලිසියට අහුවෙනකොටම මේක දන්න නිසා කිසිම නැවුම් බවක් නෑ. (නදී)
නාත් රණසිංහ ඔබ හරි.(නදී)
නීතියක් නැති රටක් වේගෙන එනවා. මිනිස්සු පොලිසිය මරනවා පොලිසිය මිනිස්සු මරනවා.(නදී)
නාත් රණසිංහ ඔබේ අදහස නම් හරියටම හරි. අපට වෙලා තියෙන්නේ කටත් පස්චාත් පෙදෙසත් දෑතින් වසා ගෙන නිහඬව ඉන්නයි.(නදී)
මෙ වගේ අයට තමා මරණ දඩුවම ගේන්න කියන්නේ. නැත්නම් නිදහස් වෙලා ඇවිත් ඔය වැඩේම කරනවා.(නදී)
සැකකරුට, සම්බන්දකමක් තියන හැඩයි. නැත්තන් ඔය වෙච්ච දේ හැටියට, සැකකරු ජීවත් වෙලා ඉන්නවා පුදුමයි.(නදී)
නාත් රණසිංහ හරියට හරි . මේකේ භයානක කම තේරෙන්නේ පස්සට. මේවගේ සැලසුම් කරලා කරන වැරදිවලට මරණ දඬුවම දෙන්න බැරිනම් අතක් පයක් හරි කපලා ජීවිතේටම දඟලන්න බැරිවෙන දඬුවම් උසාවියට හඳුන්වා දිය යුතුයි.(නදී)
මෙතන මානව හිමිකම් කොමෙන්ට් දාන මහත්තුරුන්ගෙ පවුලෙ කෙනෙක් මරලා දැම්මනම් ඔය ඔක්කොම අදහස් වෙනස් වෙයි. ඔය පන්ඩිත කමෙන්ට් දාන මහත්තුරුන්ට අමතක ඇති අර පොලිසියේ මනුස්සයටත් දරුවො දෙන්නෙක් ඉන්න විත්තිය. ඒ පවුලේ මානව හිමිකම් වලට මොකද වෙන්නෙ කියලා කවුරුත් කතා නෑ. මෙ වගෙ හොරු මරලා දාන් නැතුව මොකද කරන්න කියන්නෙ , හිරේ යැව්වාම එකේ ඇතුලෙ ඉදගෙනත් හිටියට වඩා හොදට උන් ඔය වැඩ කරනවා ඊට පස්සෙ අවුරුද්දෙන් දෙකෙන් එලියට ඇවිත් ආයෙම මිනී මරනවා. මේවට පව් කියලා කියන අය ගැන තියෙන්නෙ පිලිකුලක් . කොම්පියුටර් ඉස්සරහට වෙලා බොරුවට රගපාන් නැතුව ඉන්නවනම් ලොකු දෙයක්.(නදී)
ඔය කරන වැඩෙන් වෙන්නේ වැඩේ කරපු මහා මොළ කාරයව බේරන එක. අපේ කට්ටිය හරියට සතුටු වෙනවා හැබැයි එයාලට තේරෙන්නේ නෑ.(නදී)
භාරත මරපු අයට අවි පෙන්නන්න ගියේ නැද්ද? (නදී)
නිහාල්, මෙතන තියෙන ප්‍රස්නේ වැරදි කරුවන්ට නිසි අයුරින් දඩුවම් දෙන එක නෙවෙයි. එ්කට තියන ක්‍රමෝපාය නිවැරදිව භාවිතා නොකිරීම. අපට තියෙන ප්‍රස්නේ මෙන්න මේකයි. ඔය කියන පුද්ගලයා මේ මිනීමැරුමට සම්බන්දද නැද්ද කියල කියන්න අපි දන්නේ නෑ. මේ පුද්ගලයා සම්බන්ද නම් සහ ඔහුට ඉහල බලගතු හස්ත තියෙන නිසා 'රහස්' වහන්න මෙහෙම කලා වෙන්න බැරිද? නැත්නම් 'ඇත්ත' වැරදිකරුවෝ ආරක්ෂා කරන්න 'කන්ගට්ටා' තියරිය දැම්ම වෙන්න බැරිද? (පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක ඇත්ත මොකක්ද රගපෑම මොකක්ද කියල දන්නේ එව්වා කරවන අය විතරයි) (නදී)
අවි පෙන්නනව කියන ක්‍රියාව රටේ නීතියක් නැති බවට හොඳම උදාහරණයක්. මගේ අම්මව කවුහරි මැරුවොත් මට කේන්ති යන එක හරි. ඒත් ඒක මට නීතිය අතට ගන්න හේතුවක් නෙමෙයි.(නදී)
නාත් රණසිංහ, මෙය නිවැරදි ක්‍රමය නොවුනත් මෙවැනි සමාජයට පිළිලයක් වූ අපරාධ කරුවන් සිර ගෙයට යැවීමෙන් සිදුවන්නේ ඔවුන් සිරගෙය තුල සුර සැප විඳ තවත් අපරාධ කරුවන් සමග සම්බන්ධතා ගොඩනගමින් එලියට පැමිණ මිට වැඩිය අපරාධවල නියැලීමයි. මොවුන් මිට පෙරත් සිරගෙය තුල සිටියවුන් බවද අමතක නොකරන්න. එබැවින් මෙවැනි සිදුවීම් නීතියට එකඟ නොවුනත් සමාජයේ යහපත පතා බහුතරයක් සාමකාමී ජනතාවට අනුමත කිරීමට සිදුවේ. (නදී)
නාත් සදාචාරය පැත්තෙන් හරි. නිහාල් මානුසික පැත්තෙන් හරි. මම වැරිදිද මන්දා.(නදී)
නිහාල් ඔයාගෙ කමෙන්ට් එක හරි ෂෝක්. සාධාරණය ඉෂ්ට වෙන්නෙ පොලිසියෙ අයට විතරද? මිනීමරුවො කීදෙනෙක් විශේෂ සමාව යටතේ නිදහස් වෙලා ඉන්නවා කියල ඔයා දන්නවද? (නදී)
මම දන්න ගොඩක් අය ඉන්නවා අහිංසක මිනිසුන් මරලා මාස තුනෙන් එළියට ආපු. ඒනිසා ආයුද පෙන්නන්න එක්ක යන එක හොඳයි.(නදී)
වාහනේ හිටපු හතර දෙනාටම දෙන්න තියන දඩුවම මේක තමයි. බොරුවට උසාවි වල නඩු දාල මහජන මුදල් නාස්ති නොකර. ටික දෙනෙක් ඉන්නවා අපරාද කාරයෝ වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙලා. පොලිස් නිලධාරියා මැරුවත් එකයි සාමාන්‍ය මිනිසෙක් මැරුවත් එකයි. මරපු එවුන් මරල දැම්මම ඉන්න එවුන්වත් හැදෙයි.(නදී)
ඔබ හරියටම හරි නිහාල්. නාත් රණසිංහල දේශපාලන කුණු ඔලුවෙ තියන් ඔය ලියන්නේ. (නදී)
ලංකාවේ කොහොමත් දැන් තියෙන්නේ නාට්‍ය සන්දර්ශනනේ. ඉතින් ලොකු ලොකු නාට්‍ය අතර මේකත් එක්තරා නාට්‍යක් විතරයි. විසිල් එකක් ගහල සතුටුවෙමු. (නදී)
නිහාල් ඔයා කතාව මුල ඉඳල කියවන්න.(නදී)
පොලිසියේදී අසාදාරණයට ලක්වන අහිංසකයන්ටත් ඔය වගේ හිතුනොත්.(නදී)
වැරදි කාරයන්ට නියම දඬුවම ලැබෙන්නේ පොලිසියට වැරද්දක් කලොත් විතරයි. එතකොට උසාවි ඕනත් නැහැ. කාගේද වරද කියල මට නම් තේරෙන්නේ නැහැ. (නදී)
අප රටේ නීති පද්ධතිය වෙනස් විය යුතුය. අදට ගැලපෙන සේ වෙනස් වී නැති නිසා තමයි මෙවැනි දේ වෙන්නේ.(නදී)
ඔය තියරියෙන් අපරාධ නවත්තන්න පුලුවන්නම් දැන් අපරාධ නැති වෙලා තියෙන්න ඕනේ. අද ලංකාදීප පත්තෙරම මිනීමැරීම් 8 ක් හෝ 9ක් තියෙනවා. නීතිය ක්‍රියාත්මක නොකර අහුවෙන අය මරා දැමීම පය බරවා ඇති අයට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. මෙතන මියගිය අය දන්නා නියම අපරාධකරු දැන් නිදැල්ලේ. (නදී)
නිහාල් මහත්මයාගේ අදහසට මම ගරු කරනවා. මමත් කියන්නේ මේ වගේ අපරාධ කරන අයව ප්‍රසිද්ධියේ මරන්න ඕනි. මොකද මෙතන ගොඩක් කොමෙන්ට් දාන අය හිතන්නේ මානව හිමිකම තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට පමණයි කියලා. ඒත් ඔය යුනිෆෝම් අස්සේ ඉන්නෙත් මනුස්සයෝ කියලා හිතන්න ඔනි. මමත් හිටපු අාරක්ෂක අංශ සාමාජිකයෙක්. මටත් ලොකු අසාධාරණයක් වුණා. ඒවාට මානව හිමිකම් ගෑවුනේවත් නැහැ. (නදී)
මේ සිදුවීම් සහ පරණ සිදුවීම් වල වැඩි වෙනසක් නැහැ. දැන් ප්‍රශ්නය තියෙන්නේ හෙට අනිද්දට පිල්ලේ මහත්මිය පැමිණ අපේ තව කාව කාව එක්ක යාවිද කියල සගවපු අවි පෙන්වන්න? කව්ද නියම වැරදී කරුවෝ හෝ වැරැද්ද කොතනද? දන්නා කෙනෙක් කියල දෙන්නකෝ ? (නදී)
නිහාල්, ඔයාගේ විදියට ගත්තම අපරාද කාරයටත් දරුවෝ ඉන්නවා උන් මේවා දැක්කම අපරාද කාරයෝ වෙන්නැද්ද? මතක තියාගන්න මේවට නීතිය ක්‍රියාත්මක උන් නැත්තන් ඊලගට පොලිසියේ තුවක්කුව එල්ල වෙන්නේ අහිංසක සාමාන්‍ය ජනතාවට කියලා. එදාට පසුතැවිිලි වැඩක් නැහැ.(නදී)
අනේ ජිනීවා අපේ රට බේරා දෙන්න. (නදී)
මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුයි. ඒක ක්‍රියාත්මක නොවන නිසා මේ කලදේ හොඳයි. නැත්නම් මේ රට මැරයන්ගේ දේශයක් වෙනවා. මෙය අනෙක් මැර සහෝදරයින්ටත් ආදර්ශයක් වේවා ! (නදී)
දැන් මේක හරි ජනප්‍රියයිනේ... (නි)
තව 3 දෙනෙක්ගේ හංගපු අවි තියෙනවා නේද? (නදී)
හැබැයි ඉතින් දිගින් දිගටම අාරක්ෂක අංශවල අයට අවි පෙන්නන්න එක්ක ගිහින් පොලිසිය තමයි පරිප්පු කන්නේ.(නදී)
ජෙරාඩ්, ඔබට හොඳටම විශ්වාසද මේ නියම අපරදකාරය කියලා. පොලිසිය දක්ෂනම්, අපක්ෂපාතනම් නියම අපරාද කාරයෝ උසාවි ගේනවා. මේ හැම දෙයක් පිටුපසම දේශපාලුවෝ ඉන්නවා. (නදී)
මේක වෙසක් සතිය නේද? (ස)
අපේ රටේ අපරාදකාරයොයි, දේශපාලුවොයි වැඩියි. එයාලවත් කොහෙට හරි ගෙනියන්ඩ පුලුවන්නම්, ආයේ මේ පැත්ත පළාතේ නොඑන විදියට. (අ)
ඒක තමයි වෙන්න ඕනේ. ඔය දේ තරාතිරම බලලා කරනවානම් හොඳයි.(නදී)
එල්ලුම් ගහ ක්‍රියාත්මක නැති නිසා මෙහෙම අවි පෙන්වන්න එක්ක යන්න වෙනවා ඇති. (නදී)
අපි වසර තිහක් මිලේච්ච කොටි සමග ගැටුනා. ඒ කාලය තුල රජයන් කිහිපයක්ම සාමකාමීව ඒ ප්‍රශ්නය විසදා ගන්න උත්සහ කලා. අවසානයේ ඒකත් ඉවරකලා. අද කාටත් ඒ යුගය අමතකයි. එයින් බැට කෑ අය තවම අඩනවා. මේ එක මිලේච්චයෙක් නිසා ඊයෙත්,අදත්,හෙටත් දරු පවුල් කීයක්නම් අනාත වෙයිද? මේ අයව උසාවි ගෙනිච්චත් ඇත්ත බොරු කරන අය බේරගන්නවා. එයින් උද්දාමයට පත්වන මොවුන් වඩා හොදින් එය කරනවා. දැන් කියන්න එකෙක් නැතිකරලා දාහක් සතුටින් තියනවද දාහක් අඩවන්න එකෙක් බේර ගන්නවද? හොදින් බැරි දේ නරකින් කල යුතුමයි.(නදී)
ඕවගෙ අපරාධ කරුවෝ මරණ එකමයි හොද. නැත්නම් තව මිනිස්සු කී දෙනෙක්ගෙ ගෙවල් වලට පනියිද. කී දෙනෙක් මරයිද. පොලිසියෙ අය කළ දේ හරි.... දවස් 12 න් සැකකරුවෝ ඇල්ලුවා.(නදී)