(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හෝමාගම පිටිපන අවි ගබඩාවේ හිමිකරු කුලී පදමන මත ලබා ගෙන තිබූ තවත් තෙමහල් ගොඩනැගිල්ලක් අද (02) පස්වරුවේ සොයා ගත් බව හෝමාගම පොලිසිය කියයි.
එම ගොඩනැගිල්ලේ එක් කොටසක් භූගතව පිහිටා තිබෙන බව පොලිසිය පැවසීය.
එම ගොඩනැගිල්ල මේ වන විට දැඩි සෝදිසියට ලක් කරමින් සිටින බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටපුරා පිහිටි ජනාකීර්ණ ස්ථානවල ගෙවල් සාදා කුලියට දීම වර්තමානයේ ඉතා හොඳ ආදායම් මාර්ගයක්... උපරිම මුදලකට කුලියට දීම එසේ කරන්නන්ගේ අරමුණයි. මේ නිසා සාමාන්‍ය මිනිසකු හට මෙවැනි ගෙවල් කුලියට ගත නොහැකියි. ඒවාමිලට ගත හැක්කේ උඩු මුදලාලිලාට පමණයි. මෙසේ ගෙවල් බදු දෙන්නන්ද මීට වඩා සැලකීමකින් හා වගකීමකින් කටයුතු කළ යුතුයි. නිවෙස් කුඩුකාරයින්ට දීම සම්බන්ධව ඔවුන්ටද වගකීමක් හිමිවේ. තම නිවෙස්වල එම කුලියට ගත් අය කුමක් කරන්නේද යන්න ඔවුන් සොයා බලන්නේ නැත. එසේ නොකරන්නේ ඔවුන්හට කරදරයක් නොමැතිව මුදල් කුට්ටිය ලැබෙන බැවිනි. මේ කුලී ගෙවල් හිමියන් කුලියට ඉන්න අය ගැන ඔවුන්ගේ වැඩ ගැන සැලකිල්ලෙන් සිටියා නම් මීට පෙර මේ අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට තිබුණා නොවේද? මින් ඉදිරියට හෝ අධික මිල ගණන්වලට නිවෙස් ගැනීමට පැමිණෙන අය ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට නිවෙස් කුලියට දෙන්නන් වගබලා ගත යුතුයි නේද? ඒ බව ආරක්ෂක අංශ මඟින් නිවෙස් අයිතිකරුවන්ට අවවාදයක් කළ යුතුයි නේද? තම නිවෙස් විශාල මිල ගණන්වලට කූඩු මුදලාලිලාට බද්දට දී ඇඟ බේරාගෙන හීල් හෙවණේ නොසිටීමට මින් ඉදිරියට එම නිවෙස් හිමියන් වගබලා ගත යුතුයි. රටේත්, මහජනතාවගේත් යහපත පිණිසයි.