අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිව් දෙනෙක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ගිනි අවි රැගෙන බණ්ඩාරගමට පැමිණ සිටියදී අද (15) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාසයේ නීති බල ගැන්වීමේ ඒකකය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර යුද හමුදාවේ පළවැනි ගජබා ඒකකයේ හිටපු සෙබළෙක් හා විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයකු ද වන බව පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබූ පිස්තෝල උණ්ඩ 28ක් පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇවන්ගාඩ් ආයුධ වල කොටසක් වෙන්න පුළුවන්. දිගට හරහට මිනීමරන්න ආයුධ කොහෙන්ද? (නි)
වැඩ බැරි ටසන්ලගේ අලුත්ම නඩගම මේකද.... (ම)
බොරු මඩ.. තවත් රණවිරුවෝ හිරේ යවන්නද හදන්නේ.(කෞ)
සමහරු හත්පොළේ ගාගන්න වගෙයි හදන්නේ. අනේ මන්දා මේ සිද්ධවෙන දේවල්! (නි)
ඉක්මනින් සොයා බලා දැඩි දඬුවම් දිය යුතුයි (බ)
හොඳින් බැරිනම් නරකින් හෝ බලයට එන්නට තැත්කරන්නේ කවුද කියා දැන් දැන් සිදුවෙන දේවල් වලින් මනාව පැහැදිලි වෙන බව නොපෙනෙන්නේ අන්ධයන්ට පමණයි. (නි)
හොඳ වැඩක්. මේ වගේ දේවල් වෙන්න ඕනෑ. බලයේ සිටින, නොසිටින සියලු දෙනාටම එක වගේ සළකන්න ඕනෑ. (නි)
ඔය එන්නේ එළියට ටික ටික... අපි බලමුකෝ. (නි)
මේක ආරම්භයේදීම අහුවුණ එක ගැන සතුටුයි අපිට (නි)
නන්දලාල් සිල්වා මහත්මයා කියපු දෙය සහතික ඇත්ත. බලය නැතුව වියරුවැටිලා ඉන්නවා සමහර අය. (නි)
දැන් හිතාගන්න පුළුවන් නේද එක පාරටම පාතාලේ නැගිට්ටේ කොහොමද කියල ? රටම අස්ථාවර කරලා බලය ගන්න දඟලන බඩගෝස්තර වාදීන් දැන් වැඩ පටන් අරන් , කරුමේ කියන්නේ යහපාලනේ තාම නිදිවදිනවා (බ)
මෙයට සම්බන්ද අයගේ නම්ගම් දැනගැනීමට ජනතාවට අයිතියක් නැද්ද? (ර)
නන්දලාල් සිල්වා රටේ වෙන ඔක්කොම අපරාද තමන්ගේ දේශපාලන කොනයෙන් බලන්නේ නැතුව ඉන්න නැත්තම් ඔබත් රටට වෙහිලු සපයන්නෙක් වේයි. (ර)
මොනද මේ වෙන්නේ. කොහොමද මේවා වෙන්නේ. (ර)
හොඳින් බැරිනම් නරකින් හෝ බලයට එන තියරිය ඇවිත් වගේ (ම)
ඔය අහුවුණු එකක් .... අහු නොවුණු ඒවා කොපමණ ඇද්ද ? (ර)
සොයා බලා දඬුවම් දිය යුතුයි. (ර)
88-89 කාලේ මිනිමරපු ආයුධ නැවතත් කරලියට එනවා වගේ තම පෙන්නේ (ම)
රණවිරුවන් දඩුවම් කරන්න එපා (බ)
දැන් කියිද දන්නේ නෑ රණ විරුවන්ගෙන් පළිගන්නවා කියල (බ)
ඇති යන්තම්, දෙවියෝ බැලුවා වගේ ඒක අහුවුණ එක (නි)
අපාට හිතාගන්න පුළුවන් පොලිස් පරීකෂවරයෙක් බොඩිගාඩ් හැටියට තියාගන්න තරම් ප්‍රබල ලේකම් කවුද කියලා. මොකක්ද මේ සෙල්ලම කියලා ඉක්මනට එළිදරවු වෙනවා නම් අපි කැමතියි. (නි)
මේ වෙනදේවල් දැක දැක සුදු හුණු ගාන කඩේ යන අය ඉන්නවනේ, ඒකට කියන්නේ උණු පුරුකේ දාලවත් අරින්න බැහ පුරුදු. (ර)