
(රෝෂන් තුෂාර)
රාගම සතිපොළ බදු පදනම් මත ලබාගත් ව්‍යාපාරිකයාගෙන් පොළ පැවැත්වෙන දින දෙක සඳහා රුපියල් පන්දහස බැගින් අල්ලස් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා නියෝග කළේය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සරත් ජයතිස්ස නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ ජාඇල ප්‍රාදේශීය සභාවට අයත් රාගම සතිපොළ වාර්ෂික බදු පදනම් මත ලබාගත් ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවය.
රුපියල් ලක්ෂ 75 ක වාර්ෂික බදු පදනමක ලබාගත්ම සති පොලෙහි පාරිභෝගිකයන්ට අවහිර වන පරිදි වාහන ගාල්කර, පදික වේදිකාවේ වෙළඳාම් කර තිබුණද , ඊට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා දිනකට රුපියල් පන්දහසක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවත්, රුපියල් දස දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd