හිටපු ආණ්ඩුකාරවරයකු හා හිටපු ඇමැතිවරයකු වූ අලෙවි මවුලානා මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.
1932 වසරේ ජනවාරි 1 වැනිදා උපත ලද මවුලානා මහතා කම්කරු හා වෘත්තීය සමිති නායකයකු ලෙස සුවිසල් කාර්ය භාරයක් ඉටු කළේය.
බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අලෙවි මවුලානා මහතා වෙළඳ වෘත්තීය සමිති හරහා 1948 දී දේශපාලනයට පිවිසියේය. 1956 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ කම්කරු අමාත්‍යරයා ලෙස ද කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසද මවුලානා මහතා කටයුතු කළේය.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මුස්ලිම් කටයුතු උපදේශකවරයා ලෙසද කටයුතු කළ අලෙවි මවුලානා මහතා 2009 වසරේදී සබරගමුව වැඩ බලන ආණ්ඩුකාරවරයා ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීඩිත පන්තිය වෙනුවෙන් සටන්කළ පුද්ගලයෙක් (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
කණගාටුදායක ආරංචියක් (නි)
කම්කරු සටන් වලදී අලෙවි දුන් නායකත්වය අසමසමයි. හැම සටනකම ඔහු පෙරමුණේ සිටි කැපීපෙනුන නායකයෙක් විය. ඔබගේ අහාවය ගැන මමද දුක්වෙමි. මොක්සුව පතමු. (නි)
බොහොම ලොකු මෙහෙයක් කළ කම්කරු නායකයෙක්. අපේ ආගමේ හැටියට ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව පතමි! (නි)
මැතිදුණි ඔබ අප අතරම යලි ඉපදේවා (බ)
දකුණෙන් ඉපදුණූ කම්කරු නායකයාට නිව්යෝක් නගරයේ සිට නිවන් සුව පතමු (ම)
ඔබතුමාට නිවන් සුව ලැබේවා.(හේ)
මෙය කාටත් පොදු දෙයක්. කවුරුන් හෝ සමාජයට යහපත් චරිතයක් වේ නම් ඔහු හෝ ඇයගේ නාමය මේ මිහිතලයේ සදා වැජඹේවි! ඔබට නිවන් සුව පතමි. (නි)
මා දන්නා පරිදි ඔහු ජාතිවාදය, ආගම්වාදය නොතැකූ පුද්ගලයෙක්. සැහෙන කාර්යයක් ඔහු ඉටුකළා රට වෙනුවෙන්. මම අදහන ආගම අනුව ඔහුට නිවන් සුව අත් වේවා! (නි)
ඉතා හොඳ, ආදර්ශමත් මනුෂ්‍යයෙක්. ඔබට නමස්කාර කරමි. නැවත අප රටේම ඉපදේවා! (නි)
ඉතාම කනගාටුදායක ආරංචියක්. ඔබතුමාට නිවන් සුව (බ)
ජාති ආගම් නොතැකු මේ ශ්‍රී ලාංකික පුත්‍රයාට අපගේ ආචාරය පුද කරමු ! (ර)