IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අල්ලසට හිත ගිය සුරාබදු දෙන්නා වසර 28කට හිරේ

(මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් ලඟ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට නීතිය ලිහිල්ව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සුරාබදු නියාමකවරු දෙදෙනකුට වසර 28 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 20,000/- බැගින් දඩද අද (23) නියම කළේය.

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු නිලධාරීන් දෙදෙනකු වන විත්තිකරුවන් කළ අපරාධය සුළුවෙන් තැකිය නොහැකි තත්වයක් තුළ විත්තිකරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව අවධාරණය කරමින් විනිසුරුවරයයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් පැණවීය.

වසර 12කට පෙර කළ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වු විත්තිකරුවන්ට නියම කළ වසර 28ක සිරදඬුවම් කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් වසර 02 බැගිනන් අමතර සිරදඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවන් වවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ සුරාබදු කාර්යාංශයේ නියාමකවරු වශයෙන් සේවය කළ සුරංග සඳරුවන් විජේරත්න සහ සිසිර කුමාර සිල්වා නමැත්තන්ටය.



අදහස් (4)

අල්ලසට හිත ගිය සුරාබදු දෙන්නා වසර 28කට හිරේ

ජිල්බු Friday, 23 May 2025 08:03 PM

වසර 28 වසර 7න් ගෙවෙන්න? මොන නීතියක්ද ඒ?

:       3       17

don Friday, 23 May 2025 09:49 PM

සිර දඬුවම් වසර 7 නේ... වසර 28ක සිරදඬුවමක් වෙන්නේ කොහොමද? මේ රට හදන්න බෑ.

:       1       3

නිහාල් Saturday, 24 May 2025 10:33 AM

නඩු කිව්ව අවුරුදු 12 ම මේ අය සේවයේ යෙදිලා ඉඳලා තියෙනවාද?

:       0       3

peeeeprasa Saturday, 24 May 2025 01:51 PM

සුරාබදුවේ ඉන්නේ ජරා පප්පලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site