IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ගත්බව කියන වාංඇළ පොලිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාංඇළ පොලිසියට අනුයුක්තව සේවය කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකි.

කින්නියා ප්‍ර දේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු ඔහුගේ සොහොයුරිය පදිංචි කින්නියා ප්‍ර දේශයේ නිවෙසක් අසල යතුරුපැදිය නවතා තිබියදී අයිතිකරුට නොදන්වා එම යතුරුපැදිය පොලිසිය වෙත සැකකරු රැගෙන ගොස් තිබිණි.

පසුව එම යතුරුපැදිය අධිකරණයට ඉදරිපත් කිරීම කටයුතු කරන බව සැකකාර පොලිස් සැරයන්වරයා පැමිණිලිකරුවට දන්වා ඇත. පසුව අධිකරණයට ඉදිරිපත් නොකිරීම සදහා රුපියල් 5000 ක් මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇත.

 



අදහස් (2)

අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට

Arawinda Thursday, 18 July 2024 11:24 AM

දැන් තිබුණු අමාරුව හොඳ වෙලා ඇති නේද කිරි පුතේ

:       0       10

Bunny Preena Thursday, 18 July 2024 01:29 PM

පෙන්ෂන් එකත් නැති කරගෙන හිර ගෙට පයලන්කෝ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site